☸ බුදුන් සොයා යාම ~ 2 ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,749
    1
    6,621
    113


    පුද්ගල සරණ නොව දහම් සරණ යන්න​

    සිවුරක් හැඳි පුද්ගලයාගේද, ඩෙනිමක් ඇඳි පුද්ගලයාගේ ද, අන්‍යාගමිකයාගේද මේ සියල්ලම කියන දේ මුලින් සාවධානව අසන්න.

    පූර්ව නිගමන වලින් තොරව
    , කියන දෙය ශ්‍රවණය කරන්න.

    පුද්ගල සරණ ගොස් යමක් පූර්ව නිගමනයෙන් විමසීමෙන් තොරව ප්‍රතික්ෂේප හෝ පිළිගැනීම මෝඩකමකි.

    මූලිකව සිතෙහි එල්බගෙන තිබෙන සංකල්ප වලින් තොරව විවෘත මනසකින් සෑම විටම බණ අසන්න.

    පූර්ව නිගමනයන් පසෙකලා එම මොහොතේදී අහන දෙකට හිත යොමු කරන්න.

    විමසීමෙන් තොරව දෙයක් ඇසුණු පළියට එය පරම සත්‍ය ලෙස නොගානේන්න
    මේවා අඥානකමයි.

    සැමවිටම විමසන්න !

    ඇත්තක් උනත් විමසීමෙන් තොරව පිළිගැනීම මෝඩකම

    විමසුම් බුද්ධියෙන් සාවධානව සියලු සියලු දෙනා කියන දෙය සිතින් විමසන්න

    ලෝකය කියන්නේ සිතිවිල්ලක් ඇතුළෙ තියෙන කතාවක් ... සංඛාරයක්, සංස්කරණයක්.
    චිත්‍රපටයක සංස්කරණය මෙන් සංකල්ප -> කතන්දරය.

    ලෝකය තියෙන්නේ තමන්ගෙම ඇතුලේ, අපට සංඛාර රැස් වන්න වන්න අප තුළ පවතින ලෝකය විශාලනය වෙනවා, පෘථුල වෙනවා ...

    ඔබේ ලෝකය සහ Albert Einstein ගේ ලෝකය වෙනස් වෙන්න පුළුවන්, මොකද ලෝකය ගැන එකිනෙකාට තියෙන සංකල්ප සංඛාර සාපේක්ෂයි. එම නිසා ලෝකය කියන්නේ විශ්වාසයක්, සම්මුතියක්.

    මනෝමය චිත්තය, මනසේ ගොඩනැගෙන සංකල්ප සත්‍ය ලෙස ගැනීම = අවිද්‍යාව.

    මේ විදියට විමසා ගෙන යද්දී අපට අවබෝධ වෙනවා ...

    ලෝකය හැදී තිබෙන්නේ පරමාර් වලින් හෝ අංශුවලින් හෝ පරමාර්ථ වලින් නොවන බව ත් අප ගොඩනගා ගත් කතන්දර, සංකල්ප, සංඛාර වලින් වන බවත්, අවිද්‍යාවෙන් බව ...

    උපත මරණය පෙර භවය මතු බවය සංසාරය මේ සේරම අප තුළ ගොඩනැගී ඇත්තේ අප අසනු ලැබූ සංඛාර කතන්දර සංකල්ප ය විශ්වාස මත, ප්‍රත්‍යක්‍ෂයින් තොරව.

    ලෝකෙ කියන්නෙම සංකල්ප රාශියක මනෝමය චිත්ත රාශියක පරිකල්පන රාශියක එකතුවක්.

    අප පංචේන්ද්‍රිය අත්දකිනු ලබනුයේ මනස විසින් සකසන ලද පූර්ව නිගමන, චිත්ත රූප, සංකල්ප, කතන්දර පදනම් කරගෙනය.

    මනෝමය චිත්‍ර රූප වලින් මෝහයට පත්වී ලෝකයේ අත්දැකීම = අවිද්‍යාව

    අප විශ්වාස පදනම් කරගැනීමෙන් තොරව විමසා බැලීමෙන් සත්‍ය ස්වභාවය අපට වැටහෙන්න පටන් ගන්නවා = අවබෝධයට පත්වෙනවා, මුලාව නැති වෙනවා, ලෝකයේ පිරිසිඳ දකිනවා.

    එක එක පුද්ගලයා ලෝකයේ අත්දකින්නේ ඔව්නොවුන්ට ආවේනික ආකාරයට, ඔවුන්ගේ චිත්ත රූප මත සංකල්ප මත විශ්වාස මත පරිකල්පනය මත දෘෂ්ටිය මත.

    පෘථග්ජනයා ලෝකය සංවේදනය කරන්නේ පූර්ව නිගමනවලට සාපේක්ෂව

    අප විසින් සාදාගත් ලෝකය නම් සිරගෙය තුළ තුළ අප විසින් අපවම සිරකර ගත් සිරකාරයෙක්

    දුක යනු ; මනෝමය චිත්ත රූපවලින් සාදාගත් ලෝකයට ඇලීම ගැටීම පෙළීම.

    අවිද්‍යාවෙන්, මුලාවෙන් තොරව ප්‍රඥාවෙන් ලෝකය විමසන සුළු ස්වභාවය තමයි බෞද්ධකම.

    ( මෙහි ලෝකය යනු පංච උපාදානස්කන්ධයට ගෝචර වන සියලු දේ ; ලෝකය යනු මමයි ; මම යනු ලෝකයයි )

    නිරන්තරයෙන් විමසීම ඔබව අවබෝධය කරා ගෙන යයි 🧠💡

    ( බණ්ඩාරවෙල වංගිස ස්වාමීන් වහන්සේගේ "බුදුන් සොයා යාම" දේශනාව ඇසුරින් සකසන ලදී. )
     
    Last edited: