විමල්ගේ

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    පේෂල ජයරත්න තීරණය දැනුම්දෙයි

    තමන් ඉදිරි ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තමන් තීරණය කළ බව උතුරුමැද පළාත් හිටපු අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවැසීය.

    ඊයේ (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම මේ බව අනාවරණය කළේය.

    මෙම තීරණය දැනුම් දීමට මත්තෙන් ඔහුගේ අමාත්‍යාංශය මහ ඇමතිවරයා යටතට පත්කරගනු ලැබීය.

    "ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා සිටින පොදු අපේක්ෂක,මෛත්‍රිපාල සිරිසේන මහතාට දේශපාලනික වශයෙන් උදවු කරන්න තීරණය කළා. ඒ තීන්දුව නිසා මගේ අමාත්‍යාංශය, ප්‍රධාන අමාත්‍යතුමා යටතට පවරාගෙන තියනවා. මේකෙන් පේනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද කියලා. මම මේ තීන්දුව එඩිතරව ගත්ත වගේම, අනිත් අයත් මේ ගැන කතා වෙනවා, හැබැයි එකක් මම කියන්න ඕනේ,ඒ අයට තීන්දු ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා" යැයි පැවැසීය.



    විමල්ගේ ගෝලයො මෛත්‍රීට එක්වෙයි!

    විමල් වීරවංස ඇමතිවරයාගේ පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    තම පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා 12 විමල් වීරවංස ඇමතිවරයා පාවාදී ඇතැයිද ආන්ඩුවේ රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන සිටින තම පක්ෂයේ නායකයාට වඩා පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කෂේරුකාවක් ඇතැයිද පවසා ඇති ජයන්ත විජේසේකර ඇමතිවරයා මෙවන් දේශපාලන අපතයන් සමඟ වැඩකිරීමට වඩා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දිම වඩාත් උචිත යයි ද ප‍්‍රකාශ කර ඇත.

    :):)