විමල් අපතයෙක්-ජයන්ත විජේසේකර ඇමතිවරයා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
විමල් අපතයෙක්-ජයන්ත විජේසේකර ඇමතිවරයා

Apr12_JayanthaW.jpg

විමල්ගේ ගෝලයොත් මෛත්‍රීට එක්වෙයි!
2014 නොවැම්බර් 25 වෙනි අඟහරුවාදා, 08:34 0 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
විමල් වීරවංස ඇමතිවරයාගේ පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

තම පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා 12 විමල් වීරවංස ඇමතිවරයා පාවාදී ඇතැයිද ආන්ඩුවේ රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන සිටින තම පක්ෂයේ නායකයාට වඩා පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කෂේරුකාවක් ඇතැයිද පවසා ඇති ජයන්ත විජේසේකර ඇමතිවරයා මෙවන් දේශපාලන අපතයන් සමඟ වැඩකිරීමට වඩා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දිම වඩාත් උචිත යයි ද ප‍්‍රකාශ කර ඇත.
 
Last edited:

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    විමල් කියන්නේ දැන් දේශපාලන අනාථයෙක්. මහින්දට බලය තියනකම් විතරයි ඔය විමල් වගේ මිනිස්සුන්ට පැවැත්මක් තියෙන්නේ. කට ඇරියොත් බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මෛත්‍රී ආණ්ඩුවෙන් ගිය වෙලාවේ පාවාදීමක් ගැන දෙඩෙවුවා. රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඇහැලේපොල පාවා දුන්නලු. තමන් හැදිච්ච පක්ෂෙ jvp එක පාවා දීපු මිනිහ තමයි පාවාදීම් ගැන කතා කරන්නේ.