විමල් හරි 🚨🚨🚨🚨🚨🚨🚨

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම හා ඇදිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

    මාධ්‍ය නිවේදනය – 2024 ජනාධිපතිවරණය


    2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.


    එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇතැයිද අපි විශ්වාස කරමු.


    මේ තත්වය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන අපි, පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින අතර රට තුළ සාමකාමීත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම සහාය දක්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


    ජාතික ජන බලවේගය
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජාත්යන්තර කුමන්ත්‍රනයක් වෙන්ට ඔන ඉතින්! මන්චී ලෙමන් පෆ් රෙසීපි එක ජෙම්ස් බොන්ඩ් ඇවිල්ලා උස්සලා වගෙ වෙන්න ඇති!