විමුක්තිය හෙවත් නිර්වාණාවබෝධයට මග ශීල, සමාධි, පඤ්ඤා යන තුන බව බුදුන්වහන්සේ පෙන්වා දුන් සේක. එහෙත් සත්‍ය වශයෙන් මෙම කරුණු පමණක් බෞද්ධ දර්ශනයේ සාරය නොවෙයි. ඒවා තනිකර මාර්ගය පමණයි. බෞද්ධ දර්ශනයේ සැබෑ සාරය විමුක්තියයි. එම විමුක්තිය ඇති වන්නේ ලෝකයේ සියලු දේ වල යථා තත්වය අවබෝධ කර ගැනීමෙනි.
ඔබටත් ඒ විමුක්තිය අත් විඳින්නට අවස්ථාව ලැබේවා....

