විමුක්ති ගේන්න ‘රෝ’ මෙහෙයුමක්
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ හා අභාවප්‍රාප්ත ජනප්‍රිය දේශපාලනඥයකු හා සිනමා නළුවකු වූ විජය කුමාරණතුංග මහතාගේ පුත් විමුක්ති කුමාරණතුංග මහතා
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෙරට දේශපාලනයට එක් කිරීම සඳහා ඉන්දියානු රජය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වන ඓතිහාසික දේශපාලන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉන්දියාව හා කවදත් හිතවත්ව කටයුතු කළ බණ්ඩාරනායක පවුලේ අලූත් සාමාජිකයා වඩා විශ්වාසදායක වනු ඇති බව ඉන්දියාවේ අදහසය. මේ වෙනුවෙන් ඉන්දීය රජයේ ඔත්තු සේවා ප්‍රධානියකු බණ්ඩාරනායක පවුලේ වැඩිහිටියන් සමඟ ද සාකච්ඡා කර ඇති බව දැන ගැනීමට තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින අතර ඇගේ දරුවන් දෙදෙනාම දේශපාලනය හා මෙතෙක් කිසිදු ආකාරයක සම්බන්ධයක් දක්වා නැත. බණ්ඩාරනායක මැතිණිය ද දේශපාලනයෙන් ඉවත් වූයේ දරුවන් දෙදෙනාගේ දැඩි බලපෑම හේතුවෙනි. එමෙන්ම තමන්ගේ දරුවන් කිසිදා මෙරට දේශපාලනය සඳහා යොමු නොකරන ස්ථාවරයක ද සිටියාය.
පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් ද බණ්ඩාරනායක මැතිණිය සම්බන්ධ වූයේ දරුවන්ගේ විරෝධතා මධ්‍යයේය.
කෙසේ නමුත් විමුක්ති දේශපාලනයට එක් වීමට කැමැති නම් ඊට තමාගේ අකැමැත්තක් නොමැති බව ඇය ඉන්දියාවට දැනුම් දී ඇත.
මේ අතර එංගලන්තයේ ජනප්‍රිය පශු වෛද්‍යවරයකු වන විමුක්ති කුමාරණතුංග මහතාගේ ආගමනය වෙනුවෙන් ඉහළ මට්ටමේ සත්ව රෝහලක් මේ වන විට ඉදිකරමින් පවතින අතර ඔහුගේ පදිංචිය සඳහා ද නිවාසයක් සූදානම් කරමින් පවතින බව ද දැන ගැනීමට තිබේ. එහෙත් ඔහු දේශපාලනයට එනවාද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නොමැති බව එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් විමුක්තිගේ සීයා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාට මෙරට දේශපාලනයට පිවිසීමට තිබූ බාධාව හා සමානව විමුක්ති කුමාරණතුංග මහතාට ද එම බාධාවටම මුහුණ පෑමට සිදුවනු ඇත. එනම් සිංහල භාෂාව කතා කිරීමේ දුබලතාවයි.