විමුක්ති ගේන්න ‘රෝ’ මෙහෙයුමක්

විමුක්ති ගේන්න ‘රෝ’ මෙහෙයුමක්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ හා අභාවප‍්‍රාප්ත ජනප‍්‍රිය දේශපාලනඥයකු හා සිනමා නළුවකු වූ විජය කුමාරණතුංග මහතාගේ පුත් විමුක්ති කුමාරණතුංග මහතා
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෙරට දේශපාලනයට එක් කිරීම සඳහා ඉන්දියානු රජය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර වන ඓතිහාසික දේශපාලන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉන්දියාව හා කවදත් හිතවත්ව කටයුතු කළ බණ්ඩාරනායක පවුලේ අලූත් සාමාජිකයා වඩා විශ්වාසදායක වනු ඇති බව ඉන්දියාවේ අදහසය. මේ වෙනුවෙන් ඉන්දීය රජයේ ඔත්තු සේවා ප‍්‍රධානියකු බණ්ඩාරනායක පවුලේ වැඩිහිටියන් සමඟ ද සාකච්ඡා කර ඇති බව දැන ගැනීමට තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින අතර ඇගේ දරුවන් දෙදෙනාම දේශපාලනය හා මෙතෙක් කිසිදු ආකාරයක සම්බන්ධයක් දක්වා නැත. බණ්ඩාරනායක මැතිණිය ද දේශපාලනයෙන් ඉවත් වූයේ දරුවන් දෙදෙනාගේ දැඩි බලපෑම හේතුවෙනි. එමෙන්ම තමන්ගේ දරුවන් කිසිදා මෙරට දේශපාලනය සඳහා යොමු නොකරන ස්ථාවරයක ද සිටියාය.

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් ද බණ්ඩාරනායක මැතිණිය සම්බන්ධ වූයේ දරුවන්ගේ විරෝධතා මධ්‍යයේය.

කෙසේ නමුත් විමුක්ති දේශපාලනයට එක් වීමට කැමැති නම් ඊට තමාගේ අකැමැත්තක් නොමැති බව ඇය ඉන්දියාවට දැනුම් දී ඇත.

මේ අතර එංගලන්තයේ ජනප‍්‍රිය පශු වෛද්‍යවරයකු වන විමුක්ති කුමාරණතුංග මහතාගේ ආගමනය වෙනුවෙන් ඉහළ මට්ටමේ සත්ව රෝහලක් මේ වන විට ඉදිකරමින් පවතින අතර ඔහුගේ පදිංචිය සඳහා ද නිවාසයක් සූදානම් කරමින් පවතින බව ද දැන ගැනීමට තිබේ. එහෙත් ඔහු දේශපාලනයට එනවාද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නොමැති බව එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් විමුක්තිගේ සීයා වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාට මෙරට දේශපාලනයට පිවිසීමට තිබූ බාධාව හා සමානව විමුක්ති කුමාරණතුංග මහතාට ද එම බාධාවටම මුහුණ පෑමට සිදුවනු ඇත. එනම් සිංහල භාෂාව කතා කිරීමේ දුබලතාවයි.
 
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි Lanka Lead News වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව තරුණ සංවිධානයක් ආරම්භ කරමින් ඒ තුලින් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒම සැළසුමක් මේවන විට ක්‍රියාත්මක වේ.

ඒ වෙනුවෙන් අදාළ සංවිධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේද තරුණ පිරිස් එක්රොක් කිරීමේ කටයුතු වලට විමුක්ති කුමාරතුංග මහතා මේ වන විට සක්‍රියව දායක වී සිටියි.​

https://www.lankaleadnews.com/2015/11/07/විමුක්ති-ඇවිත්-හොරෙන්-ම-ද/
 
  • Like
Reactions: රඹා
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
lol_vladimir_putin.gif
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් පහුගිය කාලේ විමුක්ති දේශපාලනයට එනවා කියලා පොඩි පොඩි ආරංචි ආවා නේද?

    විමුක්තිට සමහරවිට පොඩි බලපෑමක් කරන්න පුළුවන් වෙයි. එත් මහා ලොකු චරිතයක් වෙන්න් නම් බැරිවෙයි
     
    විමුක්තිට සමහරවිට පොඩි බලපෑමක් කරන්න පුළුවන් වෙයි. එත් මහා ලොකු චරිතයක් වෙන්න් නම් බැරිවෙයි

    අපෝ අපේ හරක් දෙන්නෙ නැති වෙයි කියලද හිතන්නේ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    අපෝ අපේ හරක් දෙන්නෙ නැති වෙයි කියලද හිතන්නේ?

    දෙන්න පුළුවන් බන් බණ්ඩාරනායකටත් එහෙමනේ අවේ. මිනිස්සු කැමති කොකු තැනක ඉදන් එක පාරට පහලවෙන් උන්ට. රදලයන්ට ගති මිනිස්සු තාම ඉන්නවා. සුජීව සෙනසිංහල අපිත් රදලයෝ කියන්නේ එකයි