වියදම කෝටි 9 1/2. අධ්‍යාපනයට අති සැප වාහන 7

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
වියදම කෝටි 9 1/2. අධ්‍යාපනයට අති සැප වාහන 7

අවශ්‍ය තරම් වාහන තිබියදීත් වසර පහකට රුපියල් නව කෝටි හතළිස්‌ පන්ලක්‍ෂයක බදු පදනම මත අති සුඛෝපභෝගී වාහන හතක්‌ කුලියට ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා සහ අතිරේක ලේකම්වරුන් හයදෙනා සඳහා මෙම වාහන කුලියට ගැනෙන අතර ලේකම්වරයාගේ වාහනය සඳහා පමණක්‌ වසරක කුලිය රුපියල් පනස්‌ ලක්‍ෂ හැත්තෑහය දහස ඉක්‌මවයි. එතරම් අධික කුලියකට ගැනෙන්නේ අති නවීන බී.එම්.ඩබ්ලිව්. රථයකි.

අමාත්‍යාංශ ලේකම්වරයකුට වාහනයක්‌ බදු කුලියකට ලබාගත හැකි උපරිම මුදල මෙම වාහනය වෙනුවෙන් වැය කෙරේ. හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේන මහතා විසින් පාවිච්චි කරන ලද නිල රථය තිබියදී මෙම නව රිය ලබා ගැනීමට තීරණය කිරීම විශේෂත්වයකි.

මීට අමතරව අතිරේක ලේකම් තනතුරු හය සඳහා ගැනීමට නියමිත වාහන වෙනුවෙන් වසරක කුලිය රුපියල් එක්‌කෝටි තිස්‌අට ලක්‍ෂයකි. ලේකම්වරයා ඇතුළු හත් දෙනාට මෙම වාහන කුලියට ගැනෙන්නේ වසර පහක කාලයක්‌ වෙනුවෙනි. එම කාලය සඳහා වාහන කුලියට ගන්නා පෞද්ගලික ආයතනවලට අමාත්‍යාංශය ගෙවිය යුතු මුදල රුපියල් නවකෝටි හතලිස්‌ පන්ලක්‍ෂයකි. එතරම් මුදලක්‌ ගෙවීමෙන් පසුවද කිසිදු වාහනයක්‌ අමාත්‍යාංශයට හිමි නොවේ.
:angry::angry:
මෙලෙස වාහන කුලියට ගැනෙන්නේ මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය ප්‍රකාරව යෑයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

කෙසේ වුවද නව වාහන කුලියට ගත හැක්‌කේ අදාළ නිලධාරීන් පාවිච්චි කරන වාහන දසවසරක්‌ ඉක්‌මවා ඇත්නම් පමණක්‌ වන අතර දැනට අමාත්‍යාංශයේ ඉහත නිලධාරීන් පාවිච්චි කරන වාහන අතරින් දස වසර ඉක්‌මවා ඇත්තේ එක්‌ වාහනයක්‌ පමණි.

-
නිලන්ත මදුරාවල
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව හොරා කෑමක් එහෙම නෙමේ, ආන්ඩුවට සල්ලි දීල වාහන ගත්තොත් ආන්න ඒක තමා හොරකමක් වෙන්නෙ- ඔක තමා වෙනස....