වියරණ වැරදුනු ආදර කවිය

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    වියරණ වැරදී

    ආදර කවියේ

    ලද පෙම් විවරණ ගිලිහී...

    අහවරයක් නැති ආදර වියමන

    අනවසරෙන් හිත තුල ගෙතුණී...

    අප මඟහැර ගිය ඒ ආදරේ

    අපට අදටත් ආදරේ...



    ලියවැලින් එතුනු මල් උයන් තෙරේ

    සක්මනේ පවා නොයෙදී

    තරු බොරලු ඇනුණු වලාමතින්

    හිත රිදී රිදී ඇවිදී...

    දන්නවාද අපේ ආදරේ

    අපට අදටත් ආදරේ...



    පිණි දියෙන් තෙමුනු මල් මුහුනු පුරා

    රොන් හාදු පවා නොයෙදී

    ඇසි පියන් වසා සිත

    සිහින දොරින් පෙර වැරදි සොයා ඇවිදී...

    දන්නවාද අපේ ආදරේ

    අපට අදටත් ආදරේ...



    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ