වියළි කාලගුණය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ... ඉරිතලා යන්නේ රටේ අනාගතයයි

    ශ්‍රී ලංකාවට බලපා ඇති වියළි කාලගුණය එන්න එන්නම උග්‍ර අතට හැරෙමින් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසන්නේ වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්‌ත්‍රික්‌ක 14 ක පවුල් දෙලක්‍ෂ හත්තෑපන්දහසකට අයත් පුද්ගලයන් ලක්‍ෂ දහයකට අධික පිරිසක්‌ පීඩාවට පත්ව සිටින බවයි. මෙම පීඩාවට පත්ව සිටින ජනතාව මුහුණ දී සිටින ප්‍රධානතම අර්බුදය පානීය ජල ගැටලුවය.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ 2016 වසරේ මැයි මාසයේ දින තුනේ වැස්‌සට පසු පොළවට දැනෙන වැස්‌සක්‌ නොවැටුණු බවයි. නිරිත දිග, ඊසාන දිග පමණක්‌ නොව අන්තර් මෝසම් සුළං ප්‍රමාද වීමෙන් බලාපොරොත්තු වූ වැස්‌ස නොලැබී ගොස්‌ තිබේ.

    සුපුරුදු පරිදි ලංකාව හරහා හමා යන මෝසම් සුළං නොපැමිණියේ ඇයි? මේ දේශගුණික විපර්යාසයක ඇරඹුමක්‌ද?

    ශ්‍රී ලංකාව යනු සමකය ආසන්නයේ පිහිටි උෂ්ණ කලාපීය දේශගුණයක්‌ සහිත රටකි. ලංකාවේ වාර්ෂික උෂ්ණත්වය දිවා කාලයේ සෙල්සියස්‌ අංශක 28 සිට සෙල්සියස්‌ අංශක 30 දක්‌වා ද රාත්‍රි කාලයේ එය සෙල්සියස්‌ අංශක 4 සිට 7 දක්‌වා ද වෙනස්‌ වේ. මේ උෂ්ණත්ව පරාසයන් සමතුලිත කරනුයේ මෝසම් සුළඟ මගිනි. මෝසම් සුළං නොමැති වූවානම් සමකය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාව වැනි රටක උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 100 දක්‌වා ඉහළ යනු ඇත. සොබාදහම ඉතා විචිත්‍රවත් මෙන්ම ඉතා බියකරු වන්නේ මේ නිසාය.

    අදින් වසර 150 කට පෙර අයර්ලන්ත භෞතික විද්‍යාඥ ජෝන් ටෙන්ඩල් (John Tyndall) කාබන් අම්ලය සොයා ගැනීමත්, ස්‌වීඩන් විද්‍යාඥ ස්‌වන්ටේ ඇරීනියස්‌ (Svante Arrhenius) එම කාබන් අම්ලය මගින් උපදින කාබන් ඩයොක්‌සයිඩ් වායුව මගින් ගෝලීය උණුසුම ඉහළ යන බවට සොයා ගැනීමත් සමඟ ලෝකයේ දේශගුණික කතිකාවේ නව පෙරළියක්‌ සිදු විය.

    එක්‌සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය (IPCC) පවසන්නේ වායුගෝලීය කාබන් ප්‍රතිශතය ඉහළ යැම නිසා 21 වැනි සියවසේ ගෝලීය උණුසුම සෙල්සියස්‌ අංශක 0.3 සිට 1.7 කින් ඉහළ යන බවයි. මෙම උෂ්ණත්වය ඉහළ යැමට සාපේක්‍ෂව සාගර ජල මට්‌ටම මීටර් 2.5 කින් ඉහළ යා හැකි බව ඔවුහු පුරෝකථනය කර ඇත. එසේ සාගර ජලය ඉහළ ගියහොත් ලංකාව වැනි දූපත් රාජ්‍යයකට අත්වන ඉරණම ෙ€දජනකය. මෝසම් සුළං ප්‍රමාද වීමෙන් ලබාදෙන පණිවිඩුය පිළිබඳව අප මීට අවධානය යොමු කළ යුත්තේ මේ නිසාය.

    1980 වසරේ සිට මේ දක්‌වා ගත වූ වසර 37 කාලය තුළ ලෝකයේ ඇතිවූ ප්‍රධාන නියඟ ගණන 419 කි. මෙම නියඟයන්ගෙන් මියගිය ගණන 6,58,565 කි. ඒ අනුව වසරකට නියඟයෙන් මියයන ගණන 19,261 කි. 2015 වසරේ චීනයට බලපෑ නියඟයෙන් ලක්‍ෂ අසූවක පමණ ජනතාවට පානීය ජලය නොලැබී ගියේය. එම නිසා නියඟය යනු 21 වැනි සියවසේ දැවැන්තම පාරිසරික අර්බුදය බව අප අමතක නොකළ යුතුය.

    "දේශගුණික විපර්යාස පාලනය කළ නොහැක. එහෙත් කළමනාකරණය කළ හැක" යන්න ගෝලීය විද්‍යාඥයන්ගේ මතයයි. එසේ නම් ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාස කළමනාකරණය කර ගැනීමට අප සූදානම්ද?

    එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UNFAO) දත්තවලට අනුව ලංකාවේ සමස්‌ත භූමිය හෙක්‌ටයාර් 6,43,0000කි. මෙම භූමි ප්‍රමාණයට අයත් වන වන ගහණය හෙක්‌ටයාර් 1,933,000 කි. 1990 වසරේ සිට 2005 වසර දක්‌වා ලංකාවට අහිමි වූ වන ගහණය හෙක්‌ටයාර් 4,17,000කි. වසර 15 ක්‌ ඇතුළත ලංකාව සිය වන ගහණයෙන් සියයට 17.74 ක්‌ අහිමි කර ගැනීමෙන් පෙන්වනුයේ අප ගෝලීය පාරිසරික අර්බුදවලට මුහුණ දීමට සූදානම් වීමේ තරමය.

    ලංකාවේ බලයට පත් වූ ආණ්‌ඩු, ප්‍රධාන තැන ලබාදුන්නේ පාරිසරික අර්බුද කළමනාකරණයට නොව බලය රැකගැනීම උදෙසා රටේ දේශපාලනය කළමනාකරණය කර ගැනීමටය. එහි විපාක අප අද අත්විඳිමින් සිටිමු. සොබාදහමේ රිද්මය නොහඳුනන දේශපාලන තීන්දුවලින් ඉරිතලා යන්නේ මහපොළොව පමණක්‌ නොව රටේ අනාගතය බව පාලකයන් දැන්වත් තේරුම් ගත යුතුය.


    divaina editor note
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    tfs

    2eulm51.jpg
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    ශ්‍රී ලංකාව යනු සමකය ආසන්නයේ පිහිටි උෂ්ණ කලාපීය දේශගුණයක්‌ සහිත රටකි. ලංකාවේ වාර්ෂික උෂ්ණත්වය දිවා කාලයේ සෙල්සියස්‌ අංශක 28 සිට සෙල්සියස්‌ අංශක 30 දක්‌වා ද රාත්‍රි කාලයේ එය සෙල්සියස්‌ අංශක 4 සිට 7 දක්‌වා ද වෙනස්‌ වේ. මේ උෂ්ණත්ව පරාසයන් සමතුලිත කරනුයේ මෝසම් සුළඟ මගිනි. මෝසම් සුළං නොමැති වූවානම් සමකය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාව වැනි රටක උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 100 දක්‌වා ඉහළ යනු ඇත. සොබාදහම ඉතා විචිත්‍රවත් මෙන්ම ඉතා බියකරු වන්නේ මේ නිසාය.


    divaina editor note

    අධික උෂ්ණත්වය නිසා අංක පිළිබද අවබෝදය හීනවේ:P:P
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අධික උෂ්ණත්වය නිසා අංක පිළිබද අවබෝදය හීනවේ:P:P


    "ලංකාවේ වාර්ෂික උෂ්ණත්වය දිවා කාලයේ සෙල්සියස්‌ අංශක 28 සිට සෙල්සියස්‌ අංශක 30 දක්‌වා ද රාත්‍රි කාලයේ එය සෙල්සියස්‌ අංශක 4 සිට 7 දක්‌වා ද වෙනස්‌ වේ"

    මේ කියන්නේ බන් රාත්‍රී කාලේදී

    30-4 = 26c
    30-7 = 23c
    හෝ
    28-4 = 24c
    28-7 = 21c

    වෙනස් වෙනවා කියල නෙවේද ?