වියෝගයේ_මගේ_මතක පාරයි හිතවත...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වියෝගයේ_මගේ_මතක පාරයි හිතවත...


    අසුරු සැනින් ඉගිල්ලිලා ලගට එන්න ඔබ...
    ආසයි මං හැමදාමත් එහෙම කරන්නට...
    හිත රිදවා බොහෝ දුරක් ඇවිද ගිහිං ඔබ...
    නෑසෙයි දැං ආදරයේ සොදුරු රහස් මට...

    මිතුරු මිතුරියන් අතරේ ඇතිවෙන පෙමකට...
    නිසංසලේ සැරිසරන්න සොදුරු වෙලාවක...
    පරිසරයම පෙමින් වෙලෙයි සොදුරු නිමේශෙක..
    හිත පාළුයි නුඹ ඈතයි මොනවා කරන්නද..?

    පෙමාතුර හැගුම් ඔස්සේ අසම්මතේකට...
    හොරෙන් හොරෙන් කැටුව ගිහිං මිතුරියනේ නුඹ...
    හෙමින් නගන සිනා හඩත් පෙම් සුවයත් මැද...
    අසරණ මට ඉතිරි උනේ බොරළු පොලොවමද...?

    දෙතොල් පුරා උනුහුම් වූ හාදු විමානෙක...
    හද ගැස්මක් පවා ඇහෙයි ගැහෙමින් සියොලග...
    ලය මඩලට නැඹුරු වෙවී ඔහු රිද්මයකට....
    වියෝගයේ මගේ මතක පාරයි හිතවත...



    11219340_1785491671677381_176100060115235068_n.jpg


    FB එකේ ආර්ට් ගැලරියේ පළවූ පින්තූරයක් දැකලා හිතෙන දේ ලිව්වා....:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඩවත්ත කැලේ ගැනනං මතං කරන්න එපා තූ නොදකින්... බෙහෙතකට නිදහසේ ඉන්න ගහක් හොයා ගන්න නෑ ... ෂික්
    :baffled::baffled::baffled: ඇයි ගස් ටික හොරු කපලද බං :dull: