වියෝ වේදනාව අඩුකර ගන්නේ කොහොමද?

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    වියෝ වේදනාව අඩුකර ගන්නේ කොහොමද?

    Come & See .....................................................................................................................................................................................................................................................................................................................................................

    alone-boy-cry-Favim.com-201933.jpg


    තමන් බොහෝ සෙයින් ආදරය කළ පෙම්වතා/ පෙම්වතිය තමන්ගෙන් වෙන්වයාම ඕනෑම කෙනකුට දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක්. නමුත් මේ අත්දැකීමට බොහෝවිටම අපට මුහුණදෙන්න සිදුවෙනවා. ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීමේ වේදනාව දරා ගන්න බැරි වෙනකොට එක් එක් අය ඒකට ප්‍රතිචාර දක්වන්නෙ එක් එක් ආකාරවලටයි. සමහරුන් මෙහිදී දැඩි ආවේගශීලී අන්දමින් හැසිරෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා මිනීමැරුම් සිය දිවි නසා ගැනීම් වගේ දේවල් සිදුවන්නේ මේ නිසයි. කෙසේ වුවත් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුණු විට මුලින්ම කළ යුත්තේ ඊට බලපෑ හේතුව හෝ හේතු හඳුනා ගැනීමයි. මේ හේතු දෙආකාරයි. එනම් බාහිර හේතු සහ අභ්‍යන්තර හේතූන්. බාහිර හේතු වශයෙන් දිලිඳුකම, සමාජීය තත්ත්වය, කුලය ආදී විවිධ දේවල් දක්වන්න පුළුවනි.
    අභ්‍යන්තර හේතූන් කියන්නෙ ඒ දෙදෙනාගේ හේතූනුයි. දෙදෙනාගෙන් කාටහරි මොනයම් හෝ හේතුවක් මත අනෙකාව එපා වීම මත ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටිය හැකියි. දැන් මෙසේ එපා වීමට බලපාන අභ්‍යන්තර හේතු කිහිපයක් ගැන විමසා බලමු. වියෝ දුක අඩුකරගන්න මේ හේතු මුලින්ම හඳුනා ගත යුතුයි. දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාට අවංක නොවීම අවංක හැඟීමක් තොරව ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරන්නෙ ඒක දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් නොවෙයි. බොහෝ විටම මෙහෙම වෙන්නේ තරුණියන්ට වඩා පිරිමි අයටයි. තාවකාලික සතුටක් හෝ වෙනයම් ලාභ ප්‍රයෝජන තකා තරුණයකු ඇසුරු කරන තරුණියක් හැර සාමාන්‍යයෙන් ඕනෑම තරුණියක් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ එය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින්. සාමාන්‍යයෙන් පිරිමි වැඩි දෙනෙක් කාලයක් ඇසුරු කරලා ඒ තරුණිය තමාට ගැළපෙන්නේ නෑ කියලා හිතුණොත් අතඅරින්න
    පෙළඹෙනවා. නමුත් තරුණියක් තම පෙම්වතාගෙ කොයිතරම් වැරදි තිබුණත් ඔහු අතහරින්න නොපෙළඹෙන්නේ අපේ සමාජ ආකල්ප සහ ඔවුන් හැදුණු පරිසරය අනුව එය නරක දෙයක් සහ ලැජ්ජාවක් ලෙස සලකන නිසයි.

    පෞරුෂ ලක්ෂණ හා මානසික ගැටලු
    ---------------------------
    සමහර තරුණියන් පුංචි දේටත් දබර කරන, තමන්ගේ පෙම්වතා නිතර බලපෑම් කරන පෞරුෂ ලක්ෂණවලින් යුතුයි. එවැනි තරුණියන් තරුණයන්ට ඉක්මනින්ම එපා විය හැකියි.
    ඒ වගේම ආතති සහ ග්‍රස්ති වැනි කාංසාමය තත්ත්වයක් ඇතිවිටත් දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙනවා. විශේෂයෙන් ග්‍රස්ති පෞරුෂ ලක්ෂණ කියන අයට හැමදේම ඉතාමත් පිළිවෙළටම ක්‍රමවත්ව තියෙන්න ඕනෙ. එහෙම නැති වුණාම නිතරම අනෙකා සමග දබර කරගන්නවා. තරුණියකට එවැනි ගති ලක්ෂණ ඇතිවිට තරුණයාට ඇය එපා විය හැකියි. හේතුව ඇගේ එම අන්තයට ගිය පිළිවෙළ සහ ක්‍රමානුකූල බව ඔහුට මානසික වදයක් වීමයි. ඒ වගේම ඇයට අවශ්‍ය අන්දමට පෙම්වතා සිටියේ නැත්නම් ඇයටත් ඔහු එපා වෙනවා. එවිට ඇය ඔහු අතහැරිය හැකියි. නමුත් එවැනි තරුණියක් තමන් කළ දේ ගැන පසුකලෙක පසුතැවිල්ලට පත්වෙනවා.
    මේ ආකාරයට ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීමට විවිධ හේතු බලපාන අතර එම හේතු හඳුනා ගැනීම ඉතාම වැදගත්. එම හේතු නිවැරදි ලෙස හඳුනා ගත්තොත් ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටෙමින් ඇතිවන වේදනාව අඩුකර ගත හැකියි.


    වියෝ වේදනාව අඩුකර ගත හැකි අනෙකුත් ක්‍රම දැන් අපි සොයා බලමු.

    වියෝ දුක හඳුනා ගැනීම
    ---------------------------
    තමන් ආදරය කළ පුද්ගලයා තමා හැර යාම ඕනෑම කෙනකුට දැඩි වියෝ දුකක් ඇතිකරවන කරුණක්. යම් හෙයකින් ආදරය කළ පුද්ගලයා මියගියොත් ඒ වේදනාව සෑහෙන කාලයක් විඳලා අන්තිමේ තුනී වෙලා යනවා. නමුත් තමන් ආදරය කළ පෙම්වතා /පෙම්වතිය තමාව අමතක කර දැමූ විට ඒ දුක නැතිකර ගන්න අපහසුයි.
    වියෝ දුකේ එක් ස්වභාවයක් තමයි මුල් කාල පරිච්ජේදය තුළ නිතර නිතරම ඒ ගැනම සිහිවීම. වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. හිත හරිම උදාසීනයි. ලොකු පාළුවක් තනිකමක් සිතට දැනෙන්න පටන් ගන්නවා. මේ දුක මෙම මුල් කාලය තුළ විඳින්නම වෙනවා. නමුත් මාස තුනක් විතර ගතවෙනකොට මේ දුක ක්‍රම ක්‍රමයෙන් මගහැරී යනවා. මේ කාලය කෙසේ හෝ ගෙවා ගත්තොත් ඊට පස්සෙ මේ දුක අඩුවන බව වටහා ගැනීම වැදගත්.
    ඒ වගේම සිතේ වේදනාව තද කරගෙන ඉන්නෙ නැතිව සමීපතමයකුට ඒ ගැන පවසා වේදනාව අඩුකර ගැනීම ඉතාමත් වැදගත්. එහෙම නැතිනම් තමන්ගෙ සිතට දැනෙන දේ කඩදාසියක සටහන් කිරීමෙනුත් දුක අඩුකර ගන්න පුළුවන්.


    තමන්ගේ සිතේ ස්වභාවය අවබෝධකර ගැනීම
    ---------------------------------------------------
    හිමි වූ දේට වඩා අහිමි වූ දේවල් ගැන සිතමින් දුක්වීම, ළතැවීම මනුෂ්‍ය ස්වභාවයයි. තමාට අහිමි වූ දේවල්, තමන් ලද පරාජයන්, වැරදුණු තැන් අපේ සිතේ ඉතා තදින් සනිටුහන් වෙනවා. ඒ අනුව තමන්ට අහිමි වූ පුද්ගලයා පෙර දේවල් ගැන සිහිපත් වීම වැඩියි.
    සාමාන්‍යයෙන් අහිමි වූ දේවල් ගැන කනස්සලු වීම මනුස්සයන්ගේ මානසික පුරුද්දක්. ඒ බව දැන, නොලැබුණු දේවල් සහ ලැබි තිබෙන හොඳ දේවල් සංසන්දනය කිරීමෙන් මේ කනස්සල්ල අඩුකර ගත හැකියි.


    කාලය
    -------
    කාලය බොහෝ ගැටලු විසඳීමට, වේදනා අඩු කිරීමට ඉතා හොඳ ඖෂධයක්. ඒ වගේම අහිමි වූ පුද්ගලයා දැකීමෙන් හැකිතාක් වැළකීම, ඔහු/ ඇය එවූ කෙටි පණිවුඩ, තෑගි බෝග නැවත නැවත බැලීමෙන් වැළකී හිදීම වේදනාව අඩුවන තුරුම කළ යුතුයි. මේ ආකාරයට හිත පෑරෙන හැම තැනින්ම මගහැර හිදීම කළ යුතුයි.
    වියෝ දුක කියන්නෙ සිතේ ඇතිවන තුවාලයක්. ඒ තුවාලය පෑරෙන දේවලින් වගේම තුවාලය ඇති කළ පුද්ගලයාගෙන් ඈත් නොවී සිටිනතාක් වියෝ වේදනාවෙන් මිදීම අපහසුයි.


    බාහිර පරිසරයට මුසුවීම
    --------------------------
    සිතේ කනස්සල්ල, කම්මැලි ගතිය උදාසීන බව අඩුකර ගන්න උදෑසන හිරු එළිය හොඳ ඖෂධයක්. එනිසා ස්වභාවික පරිසරය සමග සම්බන්ධ වීම, ආයාසයෙන් හෝ තමන් කලින් යෙදුණු විනෝදාංශවල නිරත වීම වැනි මේ හැම දෙයකින්ම වියෝ දුක අඩුකර ගන්න විශාල පිටිවහලක් ලැබෙනවා.
    තමා මුළු හිතින්ම ආදරය කළ කෙනා අහිමි වීම විශාල දුකක් තමයි. නමුත් අමතක කරන්න එපා කලක් ගතවෙන කොට මේ දුක ටිකෙන් ටික අඩුවෙන බව. අපට අහිමි වුණේ මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා නොවන බව හැමවිටම සිහිතබා ගන්න.


    :baffled:

    මවිබිම - මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකොන් මහතාගේ ලිපියක් ඇසුරිනි
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    or u can simply die.

    මැරුනොත් ආපහු මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ නෑලුනේ (බුදු දහමට අනුව). ඉතින් මනුස්සයෙක් වෙච්ච එකේ මේ කරුමේ ගෙවලම මැරෙනවා..
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මටත් කාලයක් තිබ්බා බන්. ඔය මොන බහුභූත කිව්වත් වැඩක් නෑ ඔය හැමදේටම පොදු දේ ප්‍රියෝහි විප්පයෝගෝ දුක්ඛෝ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ.....
    සදා මේ සංසාරයේ අපේ හමුවීම නොවේ......
    :(:(
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මටත් කාලයක් තිබ්බා බන්. ඔය මොන බහුභූත කිව්වත් වැඩක් නෑ ඔය හැමදේටම පොදු දේ ප්‍රියෝහි විප්පයෝගෝ දුක්ඛෝ

    හ්ම්ම් ඒක ඇත්ත .. +

    වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ.....
    සදා මේ සංසාරයේ අපේ හමුවීම නොවේ......
    :(:(

    :love::love::love:+
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    තමා මුළු හිතින්ම ආදරය කළ කෙනා අහිමි වීම විශාල දුකක් තමයි. නමුත් අමතක කරන්න එපා කලක් ගතවෙන කොට මේ දුක ටිකෙන් ටික අඩුවෙන බව. අපට අහිමි වුණේ මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා නොවන බව හැමවිටම සිහිතබා ගන්න.
    matath me athdakeema thiyanawa,meke kiyala thiyana widiya hariyatama hari,me post1 a kale dakkanam, aparade
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරෙන එක කියනතරන් ලේසි නෑ වගේම කොහොම හරි මැරුන කියමු.. ඉලඟ බවයේ උඔ හම්බයෙක් වෙලා ඉපදෙන්නේ...:lol:

    :sorry::sorry: