විල්තෙර කැළඹු කිඹුලා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
විල්තෙර කැළඹු කිඹුලා

නොනැසී ජීවත් වීම යනු සොබාදහම තුළ කිසිදිනක අවසන් නොවන තරගයකි. බොහෝ විට එය නිම වන්නේ කෲරත්වයෙනි.

මෙම ඡායාරූප වලින් ද දැක්වෙන්නේ එවැනි සිදුවීමකි.

ජර්මානු ජාතික වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන ජෙන්ස් කල්මන් ගේ කැමරා කාචයේ සටහන් වූ අතිශය දුර්ලභ ඡායාරූප වලින් දැක්වෙන්නේ දැවැන්ත කිඹුලෙකු විසින් තම වර්ගයේම කිඹුලෙක් මරා කන අයුරුයි.

සිම්බාබ්වේ හි මැනා පූල්ස් ජාතික වනෝද්‍යානයේ පිහිටි වතුර වලක් අසලදී මෙම අපූරු සිදුවීම ඔහුගේ කැමරාවට හසුව තිබේ.

එකවරම තමා ඉදිරියේ තිබූ ජලය තදින් කැළඹීමත් සමග කුඩා කිඹුලෙකු මරමින් සිටි දැවැන්ත කිඹුලෙකු මතු වුනු බව කල්මන් පවසා සිටියි.

කුඩා කිඹුලාගේ වලිගයෙන් අල්ලාගෙන ඌව වතුරේ ගසමින් මැරූ විශාල කිඹුලා, සිය ගොදුර සමග ගැඹුරු දියට පීනාගොස් තිබේ.
කිඹුලෙක් තම වර්ගයේම කිඹුලෙක් ආහාරයට ගැනීම පිළිබඳව මීට කලින් අසා නොතිබුණු බව කල්මන් කියයි.

කල්මන් ගේ කැමරා කාචයේ සටහන් වූ මෙම දුර්ලභ කිඹුල් සටන පහත දැක්වේ.

උපුටාගැනිම : මිරර් නිවුස්
ඡායා : ඩේලි මේල්

Crocodile1_600px_16_07_06.jpg
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
:(
කවුද මේ අප් වරුගයට අවනම්බු කරන එකා......
මූව කෝට් මාෂල් කොරාන්න උවමනායි!

වැඩේ කැතයි තමන්ගේ වර්ගයාට මෙහෙම කරන එක :P:P වෙන එකෙක්ට මු කොහොම ෂොට් එක දෙයිද ? :angry::angry::angry:
 

blue_in_rio

Well-known member
  • හෙඩිම දැක්කම මට හිතුනෙම වෙන එකක්. :baffled::baffled:

    තමන්ගේ වර්ගයා, අරක මේක කියලා නෑ බන්.තිරිසන් භවයේ හැටි ඔහොම තමයි.සංඥාවට අනුව තමයි හැසිරෙන්නේ.ඒකයි "තිරිසන්" කියන්නේ.තමන්ට ගොදුරු කරගන්න පුලුවන් කියන සංඥාව ඇති උන ගමන්, තමන්ගේ එකාද, නැද්ද අදාල නෑ.මරාගෙන කෑවා.ඕක තමයි, තිරිසනා, මිනිසාගෙන් වෙනස් වෙන හේතුව.මොලේ කල්පනා කරන්න ශක්තියක් නැහැ. :yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හෙඩිම දැක්කම මට හිතුනෙම වෙන එකක්. :baffled::baffled:

    තමන්ගේ වර්ගයා, අරක මේක කියලා නෑ බන්.තිරිසන් භවයේ හැටි ඔහොම තමයි.සංඥාවට අනුව තමයි හැසිරෙන්නේ.ඒකයි "තිරිසන්" කියන්නේ.තමන්ට ගොදුරු කරගන්න පුලුවන් කියන සංඥාව ඇති උන ගමන්, තමන්ගේ එකාද, නැද්ද අදාල නෑ.මරාගෙන කෑවා.ඕක තමයි, තිරිසනා, මිනිසාගෙන් වෙනස් වෙන හේතුව.මොලේ කල්පනා කරන්න ශක්තියක් නැහැ. :yes::yes:

    :yes::yes::yes::yes:
    එහෙම තමයි බං හෙඩිම දාන්නේ ;););)