විල්පත්තුවේ කුවේණි මාලිගය

Dec 28, 2010
238
15
0
විල්පත්තුවේ කුවේණි මාලිගය

ඉතිහාස පොතේ කුවේණිය අපට මවාගත නොහැකි සිතුවමකි. නැතහොත් චිත‍්‍රපටකරුවකුගේ හෝ නවකතාකරුවකුගේ චිත්තරූපයකට වහල් වූ සේයාවක් පමණි.
තඹවැල්ල අදත් දිළිසෙමින් පවතී. විල නිසලය. තම්බපන්නිය සතුරන්ගෙන් මුදාගෙන ඇත. එදා මාතොට හා මග්ගන වරාය වෙනුවට වන ලැහැබින් සැරසුණු මෝදර ගං ආරු වෙරළ තීරයට ඔබ්බෙන් මහවන මැද කපු කිණිස්ස ගස් කාටදෝ අතවනනු සේ දිස්වේ. කපු නූලෙන් රෙදි වියන රාජිණිය එහි නැත. එහෙත් ක‍්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ සිට ඇගේ නමින් නැගී සිටින ගල්කණු පෙළ පණිවුඩයක් ගෙන දේ. ඒ ගරාවැටුණු කුවේණි-විජය පේ‍්‍රම මාලිගයේ ශෝකාන්තයදෝ හැගේ.
අක්කර තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ වන විල්පත්තු වනෝද්‍යානයේ ඇති ස්මාරක අතර මේ එක පුවතක් පමණි. විල්පත්තුව යනුවෙන් අප සිතා සිටින දර්ශනයේ සිටිනුයේ වල් අලින්, මුව රංචු, විල් හා වියලි කලාපීය වෘක්‍ෂලතා පමණි. මෙතෙක් කල් අප මනසට දමා තිබූ ඒ සිතුවිලි බැම්ම කඩා අලූතින් දොරටු විවෘත කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව සැරසේ. ඒ අතර භෞතික වශයෙන් නොච්චියාගම දෙසින් ඇති ප‍්‍රදේශ දොරටුවට අමතරව තත්තිරිමලෙන්, විලච්චිය මන්නාරම් හන්දියෙන්, එළුවන්කුලමින් හා මන්නාරම -මොල්ලිකුලමින් පිවිසෙන දොරටු තැනීමට දෙපාර්තමේන්තුව වැඩ අරඹා ඇත. මනසට දොර ඇරියේ ඉකුත් සතියේ පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන් ද නාහිමියන් විසිනි.
”විල්පත්තුව යනු සත්ව විවිධත්වය හා ජෛව විවිධත්වය විතරක් පිරුණු තැනක් නොවේ. විල්පත්තුව පුරා තිබෙන්නේ බෞද්ධ ස්මාරක”යැයි කියමින් නාහිමියෝ ඊට ප‍්‍රවේශ වූහ. මීට වසර 40 කට පෙර ශිෂ්‍ය භික්‍ෂුවක් ලෙස කාල පර්යේෂණ හා පුරාවිද්‍යා වාර්තා සමග වැඩම කර සිටින නාහිමියන්ට ගල්තලා ගල් ලෙන් හා ගොඩනැගිලි පාදම් හා ගැටීම එතරම් අසීරු නොවීය.
ඔච්චප්පු කල්ලූ ප‍්‍රදේශය තනිකරම පුරාවිද්‍යා නටබුන් බිමකි. ”ඔච්චප්පු කල්ලූ” යන්නෙහි අරුත එසවූ ගල් බව මේධානනන්ද නාහිමියෝ කීහ. එය එසේම දක්නා ලැබේ. ඒ අවට ඇති ගල්ලෙන් රැසක්ම පිහිටි ගල් ලෙන්වලට වඩා ඔසවා අඩ තබා වහලයක් බවට පත්කර තැනූ ලෙන්ය.
ඇතැම් තැනක ”චතුදිග අගස...” ආදී වශයෙන් බ‍්‍රාහ්මණ අක්ෂරයෙන් ගල්ලෙන් කටාරම් අසල ශිලා ලේඛන මූර්තිමත්ය. ඉන් කියැවෙන්නේ සතර දිගින් වඩින භික්‍ෂූන් උදෙසා ඒවා පූජා කර ඇති අයුරුය. ඔච්චප්පු කල්ලූවේ ගල්ලෙන් මෙන්ම අගනා ස්තූප දෙකක නටබුන් ද හමුවෙයි. එවාහි ඝර්භය දිගින් දිගටම නිධන් හොරුන්ගෙන් විනාශව පවතී. ඒ දිගුකල් පැවැති යුද්ධයෙන් අතුරු ඵලයන්ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට වසර හතළිහකට පමණ පෙර සංරක්‍ෂණය කළ වැලිවෙහෙර නටබුන් සංකීර්ණය ද නැවත නැවතත් හාරා විනාශ කර තිබේ. එය පිහිටා ඇත්තේ වනාන්තරයේ දකුණු දෙස පුත්තලම පැත්තට වන්නටය. වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ දරන්නේ නිධන් හොරුන්ගේ ග‍්‍රහණයෙන් මේවා බේරා ගන්නටත් ඉතිහාසයෙ සැබෑ මුහුණුවර කියන්නටත් ඇති හොඳම මග ලෙස දෙස් විදෙස් සංචාරකයන්ට මේවා නැරඹීමට සැලැස්මවීමටය.
”මෙම ස්මාරක, පොකුණු ආදිය ඉතා ආකර්ශනීය පෙනුමකින් සංරක්‍ෂණය කිරීම අපේ අරමුණ. ඒ සඳහා රජයෙන් අවශ්‍ය තරම් මුදල් ප‍්‍රතිපාදන ද ලැබිලා තිබෙන්නේ. ”දැයට කිරුළ” වැඩසටහනට සමගාමීව එම ස්ථාන සකස් කර එම ප‍්‍රදර්ශනය නැරඹීමට එන ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට විල්පත්තුව හඳුන්වා දීමත් අපි බලාපොරොත්තුයි.” යනුවෙන් ගොවිජන සේවා හා වනජීවී කටයුතු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කළේය.
වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. වේරගම මහතා පවසන්නේ දැනට භාවිතයට ගැනෙන විල්පත්තුවේ අක්කර 150,000 ට අමතරව තවත් ලක්‍ෂයක්වත් සංචාරකයින් වෙනුවෙන් සකස් කරදීම තවත් අපේක්‍ෂාවක් බවයි. මනවිල, පනික්කවිල, තලවිල හා කොක්මොටේ ප‍්‍රදේශවල සංචාරක බංගලා හතරක් ඉදිකර තිබේ. ඊට අමතරව තවත් බංගලා 5ක් ගොඩනගා සංචාරකයන් ඇද ගැනීමට බලාපොරොත්තුවන බව වේරගම මහතා පවසයි.
ඔහුගේ අනෙකුත් සැලසුම් අතර වනයේ ඇති වැව් ප‍්‍රතිසංස්කරණය, ආහාර වනවගා සුපෝෂණය, දියවළවල් ඉදිකිරීම් හා විදුලි වැට ඉදිකර අලි මිනිස් ගැටුම වළක්වාලීම ද වේ.
මේ සියලූ සැලසුම් අවසානයේ වන සතුන් හා වන ගොමු නරඹන අයට මෙන්ම ඉතිහාසයට ඇළුම් කරන්නන්ට පුරාවිද්‍යා ස්ථාන සියයක් පමණ හඳුන්වාදිය හැකි බව පුරා විද්‍යාඥයෝ මෙන්ම වන නිලධරයෝ ද කියති. ශිලාවතුර, පොම්පරිප්පු, මෝදරගංආරු හා ඒ ආශ‍්‍රිතව අතීත ශ්‍රී ලංකාවේ සශ්‍රීකම නගරයක් වූ උරුවේල නගරය ඉතිහාස නටබුන් මතින් දැකීමට මෙයින් මග සැලසෙන බව මේධානන්ද නාහිමියෝ කියති.
නාහිමියන්ගේ සිහිනය මල්ඵල දරන්නට තව ඊට එක්විය යුතු ”අඩුමකුඩුම” බොහෝය. විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය, නීතිමය, ආරක්‍ෂකමය හා ප‍්‍රදේශමය සහයෝගය අනෙකුත් කරුණුය.
එමෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන ලැබී ඇති සාධක ඔස්සේ ගැඹුරින් පුරාවිද්‍යා පර්යේෂණ සිදුවිය යුතුව තිබේ. තවද ගමන ඉදිරියට යාමට සංචාරක ව්‍යාපාරයද කළමනාකරණය කර ගත යුතුව පවතී. එවිට ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ 9 වැනි සියවස පමණ දක්වා ඇති විවිධ පුරා විද්‍යා සාධකවලින් මතුවූ දැවැන්ත ස්මාරක සමූහයක් ලොවට දායාද වනු ඇත.
කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිළ සංදේශයේ කවියා සිය ඳුතයාට,
”තම්මැන්නා අඩවිය දැකයන් නොසිට...” වශයෙන් අමතයි.
කෝකිලයා එවිටත් කම්මැන්නාවේ සුන්දරත්වය දැකීමට තරම් මනරම් වූ තම්මැන්නා අඩවිය සැබැවින්ම මතු පරපුරට අලංකාරයෙන් දැකගත යුතුව ඇත්තේ නොවේද?
Wil-1.jpg

Wil-3.jpg
පුරාණයේ මග්ගන වරාය ලෙස හැඳින් වූ මෝදර ගං ආරු ප‍්‍රදේශයේ දී

Wil-5.jpg
ඔච්චප්පු කල්ලූ හි ලෙන් පරීක්‍ෂාව

Wil-9.jpg
බ‍්‍රාහ්මී අක්‍ෂර කියවන මේධානන්ද නාහිමි

Wil-10.jpg
අලංකාර පර්වත මුදුනක්
 
  • Like
Reactions: lgask and lasa.lasa

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Bohoma handa kriyamargayak. Mewa mehemawath eli peheli nowunoth anthimata ape urumaya apitath nodanima vinasha wela yavi.

    Bohoma sthuthi beda hada gaththata
     

    Similar threads