විල්පත්තු කතාව ඇත්තද ?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    විල්පත්තු කතාව ඇත්තද ?





    කෝමාරිකා වවන්න කැලේ කපනවා කියන්නේ ඇත්තද ?






    fbBK8ia.jpg





    ttiUPf8.jpg





    R3fbDcj.jpg





    3jw146R.jpg





    iPU8I8j.jpg







    එහෙම්මම තව නිවුස් එකක් යනවා





    PHP:
    https://mawurata.com/archives/7547


    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර හානියක් සිදු කෙරෙන බව අනාවරණය වේ.

    පෞද්ගලික සමාගමක පූර්ණ අනුග්‍රහය යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙන බවද අනාවරණය වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය, යාය 18 ප්‍රදේශය මුල් කරගනිමින් දිවයින පුරාම අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.

    මෙම පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවද අනාවරණය වෙයි.
    මෙම මහා පරිමාණ කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා අදාළ පෞද්ගලික සමාගම විසින් පරිසර ඇගයීම් වාර්තාවක් ද සකස් කර නැතැයි පැවසේ.

    මේ පිළිබඳ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන්ගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

    ‘‘මේ භූමි ප්‍රදේශයේ තිබෙන්නේ බලපත්‍ර ඉඩම්. මෙම ඉඩම්වල පසුගිය කාලයේදී ගොවීන් හේන් ගොවිතැන් කරනවා. අදාළ සමාගමේ උදව් ඇතිව ගොවීන් කෝමාරිකා වගා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් මගෙන් ඉල්ලීමක් කළා. මම ඊට අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කළා.

    විල්පත්තුව ජාතික වනෝද්‍යානය සීමාවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මේ ඉඩම් පිහිටා තිබෙන්නේ අදාළ සමාගම විසින් ගොවීන්ට දන්වා තිබෙනවා මෙම වගා ව්‍යාපෘතියත් සමග ජල ටැංකි, මාර්ග පද්ධති සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් සකස් කර දෙන බව. යාය 18 ප්‍රදේශයේ අක්කර 100 කට වැඩි භූමි ප්‍රදේශයක කෝමාරිකා වගාව සිදු කිරීමට භූමිය සකස් කෙරෙනවා.

    අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී ජනක විතානගේ පවසන්නේ මෙවැනි අදහසකි.

    දැනට එළිපෙහෙළි කර තිබෙන අක්කර සියයක් කියන්නේ විශාල භූමි ප්‍රදේශයක්. විල්පතතුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) මෙවැනි පාරිසරික තත්ත්වයන්ට බලපාන යම් ව්‍යාපෘතියක් සිදු කරනවා නම් පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතුයි. විල්පත්තුව සුද්ද කරනවා වගේ වැඩක් මේක. මේ කටයුතු කෙරෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නෙවෙයි. මේක කරන්නේ කාගේ වුවමනාවටද, කාගේ බලයටද කියන ප්‍රශ්නය තියෙනවා. රාජාංගණයට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක අවශ්‍යතාව මොකක්ද? ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි, කෝමාරිකා වගාවයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? මේ ව්‍යාපෘතියේ යටි අරමුණක් තිබෙනවා. උඩින් පෙන්වන ව්‍යාපෘතිය නෙවෙයි පසුව සිදු කරන්නේ. අවසානයේ සිදුවන්නේ විල්පත්තුව ප්‍රේරණ කලාපයේ ඉඩම් ටිකක් නැති වීමයි. මේ කටයුතුවලදී රාජ්‍ය අංශයේ නිසි අවසරයක් නැතිව දේශපාලන හයියකින් මේ වැඩේ කරන්නේ.

    මේ පිළිබඳ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් සිදු කළ විමසීමකදී කියා සිටියේ අදාළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය පිළිබඳ වහාම සොයා බැලීමට කටයුතු කරන බවය.








     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේන් වගා කරපු සීමාවෙ කෝමාරිකා වගා කරාම මොකෝ වෙන්නෙ..කිසිම ගැටලුවක් නැ බොහොම හොද වැඩක් සිoහල මනුස්සයෙක් කියක් හරි හොයා ගනී ..:):) රාජාoගනේ හම්බ්යො නැ.. :no:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මට මේක පැහැදිලි මදි.
    විල්පත්තු වනොද්යනයෙන් රක්ෂිත බුමියෙන් පිටත කුමක් කරත් ප්‍රශ්නයක් නැහැ නේද?