බදුර්ර්ඩින්ට එරෙහිව ලැබුන නඩු තීන්දුව කියවා ගන්න බැරි ටොයි බයි ජෙපි මී හරක් වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරමි...
1. බදියුදීන් සම්පූර්ණයෙන්ම වූ හානියට ගෙවීම කල යුතු අතර එය මාස දෙකක් තුල ගෙවා අවසන් විය යුතුය. සිදු වූ හානිය වනසංරක්ෂණ අධ්යක්ෂ ජෙනරාල් විසින් ගණනය කොට දැන්විය යුතුය. (ප්‍රතිවනගත කිරීමේ සම්පූර්ණ වියදම බදියුදීන් දැරිය යුතුය)
2. අනවසර පදිංචිකරුවන් හා නවාතැන් ඉවත් කල යුතුය. (provisions of the National Environmental Act, Forest Ordinance and Fauna and Flora protection Ordinance and Antiquities Ordinance)
3. තීන්දුවට අනුව (10 පිටුව) වනසංරක්ෂණ අධ්යක්ෂ ජෙනරාල්වරයා මූලිකව සිදු වූ හානියට අනුලෝමව ප්‍රතිවනගත කිරීමක් කල යුතුය. (provisions of the Forest Ordinance No. 16 of 1907)
4. බදියුදීන් හිරෙන් නිදහස් කරන්නට මේවා හේතු වන්නෙ නැත. එමෙන්ම මේ සිදුවීම් නිසා 01/2020 චක්‍රලේඛය හෝ ජලගැලීම් නිම්න ගැටලුව හෝ සිංහරාජයේ පාරේ ගැටලුව හෝ යට යන්නේද නැත. යන්න දෙන්නේද නැත. සිදුවන වන විනාශයන් වලට එරෙහි වීම දිගටම කරනවා (බහුතරයක් නිදාගත්තද අපි නිදාගන්නේද නැත)
යම් ජයග්‍රහණයක අඩුපාඩු දකින අදබාල මිනිසුනි, පුරා අවුරුදු 5 ක මහන්සියේ අවසන් ප්‍රතිපලයේ සුව අත්විදිනවා විනා එය හෑල්ලුවට ලක් කිරීමෙන් වන්නේ ඔබ ඔබවම හෑල්ලුවට ලක් කරගැනීමයි. මන්ද ඔබ හෝ මම අවුරුදු 05 ක් පුරාවට උසාවි ගානේ ගියෙ නැත. එය කලේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. ඔවුන් මේ ජයග්‍රහණයේ සැබෑ උරුම කරුවන් වන්නෙ 2014 අවසන් කාලයේ සිට මරයිච්චුක්කඩි/කරඩිකුලි (විල්පත්තු උතුරු වනය) වන විනාශ ගැටලුව දේශපාලනික, ජාතිවාදි හා වෙනත් පටු අරමුණ වලින් විවිධ පාරවල් දිගේ ගමන් කරන විට ඔවුන් මේ එකම සුදුසු පාර වූ නීතිමය පාර දිගේ ගොස් දිනුම් කණුව පසු කල බැවිනි.
සෙතිල් මුහන්දිරම්