විල්පත්තු_වනය_අවට කැලෑ කැපීම හා හෙළි පෙහෙ&#352

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    විල්පත්තු_වනය_අවට කැලෑ කැපීම හා හෙළි පෙහෙ&#352

    විල්පත්තු වනය අවට කැලෑ කැපීම හා හෙළි පෙහෙළි කිරීම තහනම්


    maithripala_sirisena.jpg



    විල්පත්තු වනය අවට කැලෑ කැපීම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද නියෝග කර තිබේ.

    එම ප්‍රදේශවල නිති විරෝධීව කැලෑ කැපීම් හා ඉඩම් පවරා ගැනීම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

    එසේම මේ පිළිබඳ ව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

    තවද එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ට ද ඒ පිළිබඳව දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

    විල්පත්තු වනය විනාශ කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව පදිංචි කරන බවට බොදුබල සේනා සංවිධානය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී.

    කෙසේ වෙතත් අමාත්‍යවරයා අදාළ චෝදනා බැහැර කරමින් කියා සිටියේ එය ඔප්පු කළහොත් තමන් තනතුර අතහැරීමට සුදානම් බවයි.

    මෙවන් වාතාවරණයක් යටතේ ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත
    .​


    ada derana