ඔන්න එකමත් එක කාලෙක කාන්තාවො ගොඩක් රැස් වෙලා මහා සම්මේලනයක් තිබ්බලු.
එක කාන්තාවක් නැගිටලා මෙහෙම යෝජනාවක් ගෙනාවලු.
"මම මේ කියන්නෙ විලිරුදාව ගැනයි''
අපිට විතරක් මේ අමාරුව දීලා තියෙන්නෙ ඇයි?
මම යෝජනා කරනවා අපේ විලිරුදාවෙන් බාගයක් පියාටත් ලබා දෙන්න කියල මැවුම්කරුට බල කරමු කියලා"
ඔන්න ඉතිං යෝජනාව සම්මත වෙලා ගෑණු කට්ටියක් මැවුම්කරු හමුවෙලා මේ ගැන කිව්වලු.
මැවුම්කරු කීවලු මම මේ විදිහට සෙට් කලී තමුසෙලගෙම හොදටයි කියලා.
ඒත් ගෑණු බල කරල කිව්වලු''බබාගෙ පියා වැඩේ කරලා ආතල් එකේ ඉන්නවා,අපි තමයි දුක විඳින්න ඕන...ඒ නිසා අපෙ ඉල්ලීම ඕනමයි'' කියලා.

ඒ පාර මැවුම් කාරයත් හා එහෙනම් කියලා ඒ ඉල්ලිම ක්රියාත්මක කලාලු.
දැං විලිරුදාව 50:50 යනවලු.

ඔන්න ටික කාලෙකින් අර යෝජනාව ගෙනාව නෝනා බබා හම්බු වෙන්න ලං උනාලු.
දැං මේ නෝනා අනෙ අම්මෝ මට බැරියෝ කියලා හෙන සද්දෙලු.
ඒත් එයාගෙ හස්බන්ඩ් ගානක් නැතුව ඉන්නවලු.
එකපාරටම අල්ලපු ගෙදර මිනිහා මොර දෙන්න පටන් ගත්තලු විලිරුදාව අල්ලලා.

ඒකෙන් අර නෝනගෙ හොරෙත් අහු උනාලු.

මේ කේස් එක නිසා අර කාන්තා සමුළුව යළි රැස් වෙලා
මැවුම්කරුගෙන් බලවත් ලෙස ඉල්ලා හිටියලු ආයෙම කලින් තිබුනා වගේ කරන්න කියලා.
මැවුම්කරු ''තමුසෙලාගෙ වැඩ දන්න නිසා තමයි ඕයි මම මුලින්ම එහෙම මැව්වෙ'' කියලා ආයෙම කලින් වගේ සෙට් කරල දුන්නලු.