විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්..........

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්..........

''සාර්ථකම විවාහ ජීවිතයක් ගතකරන්න සුදුසු විවහා වෙන්න ඉන්න දෙදෙනෙකුගේ කොයි තරම් වයස පරතරයක් තිබුනොත්ද? ''

උත්තර කිහිපයයි,

1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත්
2. සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්
3. සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්
4. සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල් උනොත්

මොන ක්‍රමේ හරියයිද,එකින් එක වෙන වෙනම කතා කලොත්

පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.

සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්.ඇත්තෙන්ම හුගදෙනෙක් හිතන්නේ මේ විදිහ තමයි නිවැරදිම කියලා.ඒත් ඒක වැරදීයි.එවන් අයටත් ජීවත් වීම අපහසුයි.දෙදෙනාම සම වයසේ හෝ වසරක දෙකක පරතරයක් තිබුනහොත් එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ,කැමති අකමැති වීමෙන් ප්‍රශ්න ඇතිවිය හැකියි.බිරිද සැමියා සමග කරට කර තරගයට යෑම සහ වචන අරපරිස්සමකින් තොරව භාවිතා වීම විය හැකියි.ඇත්තෙන්ම කියනවනම් පාලනය අසීරුයි.

එහෙමත් නැතිනම් සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්.එහෙම උනොත් ලොකු ගැටලු ඇතිවෙනවා.සැමියත් බිරිදත් පරම්පරා දෙකක කෙලවරවල් දෙකක්.සැමියා පැරණි අදහස් දරන්නෙක් බිරිද අලුත් අදහස් දරනෙක්.ඔවූන්ගේ වයස පරතරය නිසා ඔවුන්ගේ අදහස්,සිතුම් පැතුම් පමනක් නෙවෙයි අන් හැම දෙයක්ම පරස්පර විය හැකියි.උදාහරනයක් ලෙස මෙහෙම හිතන්න.බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උන් සැමියා කැමති සින්දුවකට බිරිද කැමති වෙයිද.නැහැ ඇය වසර 8-10 නවීනයි.ඒ වගෙමයි බිරිද කැමති ගීතයට සැමියා අකමැති විය හැකියි.දෙදෙනාගේ සියලුම අදහස් එසේ වෙනස්,නොගැලපීම් විය හැකියි.ඒ නිසා ඒ ක්‍රමයත් අසාර්තක විවහා ජීවිතයකට හේතුවක්.

අවසාන සහ මම හිතන විදිහට ගැලපෙනම විදිහ සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.සාර්තකම ආකාරය එයයි.අදහස් වලට ගරු කීරීම තුලින් සාර්ථක විවාහා ජීවිතයක් ගතකළ හැකියි.සිතුම් පැතුම් වල දුරස් බවක් නැත.තීරන වලදී එකග වීම හෝ නොවීම සහ උදව් කිරීම සාර්ථකව සිදුවෙයි.එම නිසා සාර්තකම විවහා ජීවිතයක් ගත කිරීමේ හොදම ආකාරය සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මට අත්දැකීම නම් නෑ ඒත් අපේ අම්මල කියනව ඇහිල තියෙනව වයස් පරතරය අවුරුදු 5ක් විතර වෙන එක තමා හොද කියල
    මට හිතෙන්න උඹ හරි
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්

    machan thwa ekak tiyenwa, kella maxxa wennath ona

    brandnew wennath ona
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්

    machan thwa ekak tiyenwa, kella maxxa wennath ona

    brandnew wennath ona

    කෙල්ල MAXXA යි කියන්නේ මචන් එක් එක්කෙනාට වෙනස් මානසික අන්ගයක් නේද? පෙලක් අය සුදු කෙට්ටු කෙල්ලන්ට MAXXA කියල කියන කොත තවත් අය කලු මහත අයට MAXXA කියලා කියනවනේ...
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මලා මගෙ කෙල්ල මට වඩා අවුරුදු 2ක් බාලයි දැන් මොකද කරන්නේ:rofl::rofl::rofl::baffled::baffled:
     
    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.

    okath set wenna one ban natnam ewarai
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්

    machan thwa ekak tiyenwa, kella maxxa wennath ona

    brandnew wennath ona

    wiswasaneeya wenasak