විවාහයට පෙර

kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    විවාහයට පෙර (All boys & girls must see)

    ඔබේ දරුවා මහා තැලසිමියා රොගයෙන් බේරා ගැනිමට ඔබ තැලසිමියා වාහකයකුද යන බව විවාහයට පෙර රුධ්ර පරීක්ෂණයකින් තහවුරු කර ගන්න. මෙම පරික්ෂාව නොමිලේම ජාතික තැලසිමියා මධස්ථානයකින් කර ගත හැක.

    EK එකේ කට්ටිය මේක ගැන දන්නවත් ඇති. සමහර අයනන් මේ වෙන කොටත් ලේ පරික්ෂා කරගෙනත් ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් විස්තර කරන්නන්.
    ඉස්සල්ලාම කියන්නන්කො තැලසිමියා වාහකයකු කියන්නේ කවුද කියලා. තැලසිමියා වාහකයකු කියන්නේ ඕගොල්ලො අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙක් පිටතින් කිසිදු වෙනසක් නැ. එයාලා වාහකයෙක් වුනා කියලා කිසි ප්‍රශ්නයකුත් නැ.

    එත් විවාහ වෙන දෙන්නම තැලසිමියා වාහකනන් ළමයට මහා තැලසිමියා ලෙඩේ හැදෙනවා. එතකොට මේ රුප වල වගේ බඩ මහත්විම්, මුනේ වෙනස්කම් වගෙ සිදුවෙනවා.

    thalassemia_big_stomach_spleen_enlargement.jpg
    thalassemia.jpg
    Thalasseimc.jpg



    තමගේ දරුවට මේ ලෙඩේ තියනව කියල දෙමව්පියන් දැනගන්නේ ළමයට මාස 3 3.5 දි විතර. ඒතකොට පරක්කු වැඩියි. ඉටපස්සේ ළමයට සැම මසකට වරක්ම ලේ මරු කිරිමට සිදු වෙනවා. ඒ තැලසිමියා දරුවෙක්ගේ ලේ මේ වගේ ඉක්මනට බිදි යන නිසා.
    1498.jpg



    රජය මේ වගෙ ළමයෙක් නඩත්තු කරන්න වසරකට රු200,000-500,000 ත් අතර මුදලක් වියදම් කරනවා. ළමය ලොකු වෙද්දි මේ මුදල තවත් වඩි වෙනවා. කුරුණැගල ජාතික තැලසිමියා මධස්ථානයේ පමණක් මේ වගේ ළමයි 800 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. :shocked:

    අපි කරන්න ඕනේ තවත් ළමයි මේ ගොඩට ඇතුලත් වෙන්න නොදෙන එක. ඒ රුධිර පරික්ෂණයකින් ඔබ වාහකයකුද කියලා විවහායට පෙර දැන ගන්න එක. ඔබ වාහක අයෙකුනන් බය වෙන්න දෙයක් නැ, සාමන්‍ය කෙනෙක් හොයලා marry කරානන් ප්‍රශ්නයක් නැ.:P
    55555555copy.jpg



    මේ තියෙන්නේ රොගය ලොව පුරා ව්‍යාප්ත වෙලා තියන හැටි.
    mondo.gif



    ආ තව දෙයක්, වර්තමනයේ තැලසිමියා දරුවන් සාමාන්‍ය දරුවන් වගේ ජිවත් වෙන්න මසකට වරක් ලේ මාරු කිරිමට අමතරව විශේෂ සිරින්ජරයක් මගින් බෙහෙතක් ලබා දෙනවා. ඒ ලේ මරු කිරිම කිරිම නිසා ශරිරයේ තැම්පත් වන යකඩ අයින් කරන්න. මේ සිරින්ජරය සැම දවසකටම පැය 10 ක් බඩේ රදවාගෙන ඉන්න වෙනවා. මේ ක්‍රියාව පොඩි කලේ ඉදන්ම කලොත් ශරිරයේ බාහිර පෙනුම කිසිදු වෙනසක් නොවි තියා ගන්න පුලුවන් වෙනවා.

    නොදන්න අයවත් දැනුවත් කරන්න.
    තව දැන ගන්න දෙයක් තියනවානන් අහන්න.

    tied.jpg


    ඔයලා මගේ post එක වැදගත් කියලා හිතේනවනන් රෙප් එකක් දිලා කමේන්ට් එකකුත් දාලම යන්න.:)
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,192
    2,995
    113
    6°54′N 79°54′E
    නැකත් බලනවද ගලපනවද කියන බය්ලා වලට වඩා:confused:,කසාද බදින එකාලගේ:love: ඔය වගේ දෙයක් පරික්ෂ කරලා බැලුවොත් හොදය:yes::yes:
     

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    නැකත් බලනවද ගලපනවද කියන බය්ලා වලට වඩා:confused:,කසාද බදින එකාලගේ:love: ඔය වගේ දෙයක් පරික්ෂ කරලා බැලුවොත් හොදය:yes::yes:
    ඔව් බන්. නැකැත් ගැලපුනා වගේ නෙම්, වාහක දෙන්නෙක් නොදැනුවත්ව බැන්දොත් ඉපදෙන අහින්සක ළමයා පව්.