විවාහය තුළ ඇතිවන සැකය

May 12, 2010
483
49
0
On a dreamscape
විවාහය තුළ ඇතිවන සැකය

:no::no:

"අදත් සිරිමන්ත පරක්‌කුයි" සුනිලා තමාට ම කියා ගනිමින්, නිවසේ සාලයේ බිත්තිය මත එල්ලා තිබෙන බිත්ති ඔරලෝසුවෙන් දහවෙනි වරටත් වේලාව බැලුවා.

"අදත් අර ගෑනි බලන්න යන්න ඇති" දැන් බොරු දහයක්‌ කියාගෙන එයි." ඇගේ සිත තුළට මේ වනවිටත් කිදා බැස තිබුනේ මාස දෙක තුනක සිටි සිරිමන්ත පරක්‌කු වන්නට හේතුව කොහේ හෝ වෙනත් තරුණියක්‌ හමුවීමට ගොස්‌ පැමිණෙන බව නිසා කියාය. නමුත් එවැනි දෙයක්‌ සිදු වී නොමැත.

මෙය විවාහය තුළ ඇති වූ සැකයට කදිම එක්‌ උදාහරණයක්‌ පමණි. මේ මාතෘකාව පිළිබඳව දිගින් දිගටම කතා කිරීමට පෙර විවාහ පිළිබඳව කතාවෙන් පටන් ගැනීම වටී.

අනාදිමත් කාලයේ සමාජය තුළ ස්‌ථාවර විවාහයන් තිබුනේ නැත. ගැහැනිය වටා මිනිසුන් කිහිපදෙනෙක්‌ හිටියා. නමුත් මොවුන් ස්‌ථාවර වූ විට ධනය ඒකරාශි කරගන්න පටන් ගත්තා. එම ධනය ඒකරාශි වුනේ බිරිඳ වටා. ඉන් පසුව දරුවන් ලැබීමේ ප්‍රථිඵලයක්‌ වශයෙන් දරුවන්ගේ පෝෂණය සඳහා පිරිමින් එනවා යනවා තත්ත්වය වෙනුවට ස්‌ථාවර පිරිමියෙක්‌ තමාට සිටිමේ අවශ්‍යතාව ඇතිවුණා. මෙය එක්‌තරා විදිහකට සීලාචාරවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස හඳුන්වන්න පුළුවනි.

කොහොමටත් ගැහැනියක්‌ පිරිමියෙකු ආශ්‍රය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අනුරාගික සම්බන්ධතාවයකට වඩා යහළුවෙක්‌, සහකාරයෙක්‌ යන හැගීමක්‌.

එම නිසා තමයි පවුල සංකල්පය ඇතිවීම සහ ධනයේ තිබෙන ආරක්‌ෂාව සහ ධනය බෙදිම මත විවාහ සහ එහි නීති පද්ධතිය ඇතිවුනේ. ඉන් පස්‌සේ විවාහය නිසා අයිතිය හැඟවෙන්න පටන් ගත්තා. ඊට පස්‌සේ අයිතිය ඇතිවීම නිසා නීතිය පදනම්වෙලා මෙම යුගල සම්බන්ධ විවාහය නමින් හඳුන්වන්න පටන් ගත්තා.

මෙහිදී පැහැදිලිව කිව යුත්තේ විවාහය තුළදී පමණක්‌ම නෙමෙයි සැකය ඇති වෙන්නේ. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන එකට ජීවත්වීම හෙවත් "ලිවින් ටු ගෙදර්" වලදිත්, ප්‍රේම කරන කාලයේ පෙම්වතා පෙම්වතිය තුළත් මෙම සැකය අඩු වැඩි වශයෙන් ඇතිවීමයි. මෙතනදි ඔබට පැහැදිලිව අවබෝධවෙනවා ඇති සැකය ඇතිවෙන්නේ යුගළ සම්බන්ධයක්‌ පදනම් කරගෙන යන කාරණාව.

යුගළ සම්බන්ධයකදි තිබෙන හෝ ඇතිවන සැකය ලෙස අපි හඳුන්වන්නේ පුරුෂයා හෝ කාන්තාව වෙනත් ලිංගික සබඳකමක්‌ ඇතිකර ගනීවියෑයි කියන කාරණයයි. මෙම සැකය අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. එහෙත් එය ව්‍යාධිමය (රෝග) තත්ත්වයක්‌ නොවේ.

උදාහරණයක්‌ විදිහට මෙහෙම බලමු. අපට කොතරම් විශ්වාස වුවත් අපේ ළඟම මිත්‍රයෙක්‌ සමග බිරිද, පෙම්වතිය විනෝද සංචාරයක්‌ යවන්නේ නැහැනේ. එසේ නොයවන්නේ කිව්වත් නැතත් සැකය මත පදනම් වූ කරුණු මත පිහිටමින්.

අපි හැමෝම මොනයම් හෝ වේලාවක වෙනත් අයෙකු සමග ලිංගික සබඳකමක්‌ ඇති කරගනිවියෑයි කියන සැකය අප කා තුළත් තියෙනවා. එම සැකය මත පදනම්ව අපි ජීවත්වීමේදී එදිනෙදා හැසිරීම් රටාවන් සකස්‌ කර ගන්නවා. අපි ආදරය කරන අයට වෙනත් විරුද්ධ ලිංගික පාර්ශවයේ අය සමඟ ගමන් බිමන් යන්නට තනිවෙන්නට ඉඩදෙන්නේ නැහැ.

විවාහය කියන්නේ අස්‌වාභාවික සම්බන්ධයක්‌. වෙනත් විදිහකින් කිව්වොත් කෘතිම සම්බන්ධයක්‌. ප්‍රේමය සම්බන්ධ කරගෙනයි අනියම් ප්‍රේමයන් ඇති වෙන්නේ. අනාදිමත් අතීතයේ මෙන් ගැහැණිය සහ පිරිමියා සිටියා නම් ඕනෑම අයෙකු සමග සම්බන්ධයන් ගොඩනගා ගනිමින් ඔවුන් පැවතුනා නම් එය තුළ සැකයක්‌ නැහැ. මෙම විවාහය නැමති කෘතිම සම්බන්ධය නිසා තමයි සැකය මතු වී ඇත්තේ.

ඇත්තටම බැලුවොත් ප්‍රේමය කියන්නේ ලිංගික සම්බන්ධයකට ප්‍රවිශ්ට වීමට දරන උත්සාහයකටයි. මෙය තමයි සත්‍ය. එතකොට බලන්න අපි අපේ සහකාරිය හෝ සහකරු තෝරා ගන්නේ ලිංගික පදනම මතයි. මෙතනදී බලපාන්නේ ඔවුන් වෙනත් කෙනෙකු සමග සංසර්ගයේ යෙදේවි කියන පදනමක්‌ නොමැති කාරණයක්‌, සිතුවිල්ලක්‌. මෙය සමස්‌තයක්‌ ලෙස හැම කෙනෙකු තුළදීම අඩු වැඩි වී ඇතිවන තත්ත්වයක්‌.

නමුත් එක්‌ අවස්‌ථාවක්‌ අපි ව්‍යාධි ජනක තත්ත්වයක්‌ ලෙස හඳුනාගෙන තිබේ. එය ගුණාත්මක වශයෙන් පොදුවේ ඇති විය හැකි සැකයට වඩා හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයක්‌. මෙය සුවිශේෂි අවස්‌ථාවක්‌ ලෙස හඳුන්වාදිම කිසිඳු වරදක්‌ නැහැ. මෙය අපි කලියෙන් "පැසන් සයිකොසිස්‌" ලෙසයි හැඳින්වූයේ.

"පැසන්" ලෙස හැදින්වූයේ "ඉන්සෙස්‌ටිබල් ඩිසයර් හැවු ටු සෙක්‌ස්‌" යන්නයි. මෙවැනි රෝගය "මෝබිටි ජෙලස්‌" "ඔතේලෝ සිංෙඩ්‍රාම්" ලෙසත් හඳුන්වයි. අද වනවිට මෙය ඩිලුෂන් ඔෆ් ඉන් පිඩලිටි ලෙස හඳුන්වයි. මෙම ආකාරයට හඳුන්වන්න ව්‍යාධි ජනක සැකයයි. ඕනෑම කෙනෙකුට තමන්ගේ බිරිද ගැන ස්‌වාමියා ගැන තිබෙන සාමාන්‍ය සැකයට වඩා මෙය සහමුලින්ම වෙනස්‌ වේ.

එය කොතරම් වෙනස්‌වෙන්නේද යන්න පහත උදාහරණයෙන් පැහැදිලි වනු ඇති. ඇතැම් ස්‌වාමි පුරුෂයන් උදේ ගෙදරින්

රැකියාවට යන ලෙස ගොස්‌ නැවත නිවසට පැමිණ ශීතකරණය තුළ හැංගිලා ඉන්නවා තමන්ගේ බිරිඳගේ පෙම්වතා ගෙදරට පැමිණිවිට අල්ලා ගන්න. ඔබ හිතලා බලන්න සාමාන්‍ය ලෙස කෙනෙකු තුළ සැකය තිබෙනවිට මෙලෙස ක්‍රියාකරන්න. නොයන බව. මෙම ව්‍යාධිජනක සැකයේ ස්‌වභාවය එයයි. මෙවැනි පුද්ගලයන් ඉන්නේ අතළොස්‌සක්‌ පමණයි. මෙහිදී මරණයන් පවා සිදුවිය හැකියි.


Source :Navaliya newspaper online edition
 
Last edited:
  • Like
Reactions: Lashan_RoX

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සැකය කියන එක යම් තාක් දුරට හැමෝගෙම හිතේ තියෙනවා.. එය බුද්ධියෙන් පාලනය කරගෙන ජීවත් වෙන්න තමන් දැනගන්න ඕනේ... :yes::yes:
     

    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    සැකය කියන එක යම් තාක් දුරට හැමෝගෙම හිතේ තියෙනවා.. එය බුද්ධියෙන් පාලනය කරගෙන ජීවත් වෙන්න තමන් දැනගන්න ඕනේ... :yes::yes:

    :yes::yes::yes::yes:
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ඔය සැකය කියන එක තමා ගොඩක්ම පවුල් අවුල් කරන්නෙ..මේ ගැන බෙදාගත්තාට් ස්තූතියි...:)
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    සැකය කියන එක යම් තාක් දුරට හැමෝගෙම හිතේ තියෙනවා.. එය බුද්ධියෙන් පාලනය කරගෙන ජීවත් වෙන්න තමන් දැනගන්න ඕනේ... :yes::yes:
    අනිවාර්යයෙන්ම...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සැකය කියන එක යම් තාක් දුරට හැමෝගෙම හිතේ තියෙනවා.. එය බුද්ධියෙන් පාලනය කරගෙන ජීවත් වෙන්න තමන් දැනගන්න ඕනේ... :yes::yes:
    :yes::yes:
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    ඔය සැකය කියන එක තමා ගොඩක්ම පවුල් අවුල් කරන්නෙ..මේ ගැන බෙදාගත්තාට් ස්තූතියි...:)

    000204AE.gif