විවාහ දෝෂ

cat123

Well-known member
  • Sep 25, 2007
    2,685
    4,416
    113
    107651647_607660053465578_8058989861358327486_o.jpg


    විවාහය පිළිබඳ යම් නිගමනයකට එළඹීම පිණිස මෙකී කරුණු කාරණා ප්‍රධාන වෙතත් තවත් බොහෝ දැ තිබෙයි අත්‍යවශ්‍යයෙන්ම බැලිය යුතු කරුණු මේවාය. විවාහයට බලපෑම් කරන ග්‍රහ සංයෝග, පරිවර්තන යෝග ආදී වශයෙන්ද තවත් වේ විවාහය ගැන මෙසේ විමසීමේදී එහි පැවැත්ම, දරු ඵල, සතුට, සමගිය මෙන්ම විවාහකයාගේ වෙන්ව යැම හෙවත් අඹුසැමි නාශක බව, දික්‌කසාදය, වැන්දඹු වීම යන කරුණු කෙරෙහිද විමසිලිමත් විය යුතුව තිබේ ඒවාට හේතු සාධක වන ග්‍රහ පිහිටීම් වෙන වෙනම ජ්‍යෙතිෂයේ දැක්‌වේ. ඒවා බහු විවාහ යෝග, වැන්දඹු යෝග, අඹුසැමි නාශක යෝග ආදී වශයෙන් නම් කර තිබෙයි විවාහ සැප සුන් කරන විෂ කන්‍යා යෝaගය, භෞම දොaෂය, ශනි මංගල යෝගය ඒවා අතරේ තවත් කිහිපයකි. මේ ගැන බැලීමේදී ලග්නයෙන් මෙන්ම චන්ද්‍රයා කෙරෙන්ද 1, 2, 4, 7, 8 සහ 12 යන භාවස්‌ථාන විමසිය යුතුය සිකුරු කෙරෙන්ද ඉහත කී ස්‌ථාන හයම බැලිය යුතු බව අමතක නොකළ යුතුය මේ අතර නිසි කලට යුග දිවියට පිවිසිය නොහැකිව සිටින තරුණ තරුණියන් අද සමාජයේ කොතෙකුත් ඇත. ඒවාට හේතු සාධකද නැත්තේ නොවේ මේ බවද කල්තියා දැනගත හැක්‌කේ ජ්‍යොතිෂයෙනි විවාහයේ අප්‍රමාදී බවද එසේම ජ්‍යෙතිෂය තුළින් පෙන්නුම් කරනු ඇත.

    ප්‍රේම සබඳතාවකින් විවාහ වන්නේද නැතහොත් යෝජිත විවාහයක්‌දැයිද යමකුගේ ජන්ම පත්‍රය විමසීමෙන් දැන ගැනීමේ හැකියාව පවතී විවාහයකට එළැඹීමේදී විසි පොරොන්දමට පමණක්‌ සීමා වීමේ ප්‍රවණතාවක්‌ දැන් ජනතාව අතර තිබෙන එක්‌ නොමනා ක්‍රියාවකැයි කිවහොත් නිවැරදිය. එහෙත් එය එසේ සිදුවිය යුත්තක්‌ නොවේ. ග්‍රහ ගැලපුමද විය යුතුය පොරොන්දම් බැලීම සම්පූර්ණ වන්නේ ඒ දෙකෙහිම ගැලපුම වෙතොත් පමණි. පොරොන්දම් බැලීමේ ක්‍රමවේද දෙක එයයි. හෙවත් විසි පොරොන්දම හා ග්‍රහ ගැලපුමයි. පැල්පතේ වෙසෙන දුගී අයකුගේ හා රාජ්‍ය පෙළේ සිටින්නියක අතර පොරොන්දම් විස්‌ස ගැලපීමට පුළුවන්කමක්‌ වෙතත් ග්‍රහ ගැලපීමක්‌ නොවේ. එසේ නම් ප්‍රමුඛතාවය දිය යුතුව තිබෙන්නේ ග්‍රහ ගැලපුමටයි එමෙන්ම විවාහයකට යමකු තෝරා ගැනීමේදී එම ස්‌ත්‍රීය හෝ පුරුෂයා කෙබඳු අයකු දැයි දැන සිටීම ඉතා වැදගත්ය. එය දැනගත හැක්‌කේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් තුළිනි. ජන්ම පත්‍රය ගැලපීමට දෛවඥයා වෙත ලැබුණු පසු මනා පරීක්‌ෂාවකින් අනතුරුව ඔහු හෝ ඇය කවර පර පුරුෂ, පර ස්‌ත්‍රීන් කරා යන්නෝය සමහරු රණ්‌ඩු දබර ඇති කර ගන්නේය. අධික ලෙස මත් වතුර පානයට නැඹුරු වූවන්ද එමටය. මේවා විවාහයට අශුභ කාරණා බව කවුරුත් පාහේ දනී එබඳු අශුභ කාරණා කේන්ද්‍රයෙන් දැකිය හැකි ග්‍රහ පිහිටීම් ගණනාවක්‌ම ජ්‍යොතිෂයේ වෙයි ඒ පිළිබඳ සුළු සුළු වශයෙන් හෝ දැනුවත් වීමක්‌ අවශ්‍ය වෙතැයි හැඟෙන බැවින් විවාහය හා බැඳුණු ග්‍රහ පිහිටීම් කිහිපයක්‌ දක්‌වතොත් මැනවි යෑයි සිතේ. ඒවා එකින් එක කෙටි වැකිවලින් පහත දැක්‌වේ

    #විවාහය_ප්රමාද_කරන_ග්රහ_පිහිටීම්

    * පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි ලත් සඳු හත්වැන්නේ සිටීම

    * සඳු සිකුරුට අශුභ දෘෂ්ටි දීම

    * සඳුට හෝ සිකුරුට ගුරුගෙන් අශුභ දෘෂ්ටි ලැබීම

    * ගුරු ග්‍රහයා නව වැන්නේ තැන්පත් වීම

    * හත්වැන්නාධිපති නීච වීම

    * ශනි ග්‍රහයාට සඳු හෝ සිකුරු පෙනීම

    * ලග්නාධිපතියා රවි සමඟ අටවැන්නේ වීම

    * රවි සඳුගෙන් අශුභ දෘෂ්ටි ලැබීම

    * සිකුරු හා රාහු ලග්නයේ සිටියදී හත්වැන්නාධිපති දොළොස්‌වැන්නේ වීම

    * රාහු හත්වැන්නේ සිටියදී ශනිට පෙනීම

    * පාප දෘෂ්ටිලත් ශනි හත්වැන්නේ වීම

    * හත්වැන්න ගුරු හිමි රාශියක්‌ (ධනු, මීන) වී ශනි එහි වීම

    * පාප දෘෂ්ටිලත් සඳු හයවැන්නාධිපති සමඟ පස්‌වැන්නේ සිටියදී සිකුරු ග්‍රහයා හයවැන්නේ සිටීම

    * ස්‌ත්‍රී කේන්ද්‍රයක කුජ පස්‌වැන්නේ සිටීම

    * හත්වැන්නේ සඳු, රාහු සිටීම

    * හත අධිපති බාධක රාශියේ වීම

    * සිකුරු ග්‍රහයාගේ නීචය හෝ පාප කර්තරී වීම

    * ගුරු, ශනි, රාහු හත්වැන්නේ හෝ නව වැන්නේ සංයෝග වීම

    * විසි දෙවැනි දෙර්කාණාධිපති හත්වැන්නේ වීම හෝ හත්වැන්නාධිපති විසි දෙවැනි දෙර්කාණාධිපතියා වීම

    * කේන්ද්‍රස්‌ථානවල ග්‍රහයන් දුර්වලව සිටීම

    * අටවැන්නාධිපති හත්වැන්නේ වීම හෝ හත්වැන්නාධිපතියා අට අධිපති සමඟ වීම

    * සිකුරු ග්‍රහයා කිසිම ග්‍රහයකුගේ දෘෂ්ටිය නොලැබීම

    * සිකුරු හිමි රාශියක ශනි දුර්වල වීම

    * සිකුරු ග්‍රහයා හයවැන්නේ සිටීම

    * අව සඳු 1, 2, 3, 7, 8, 9 යන ස්‌ථානයක වීම (පුරුෂ)

    * අශුභ දෘෂ්ටිලත් බුධ, ගුරු හෝ ශනිට සිකුරුගේද දෘෂ්ටියක්‌ ලැබීම

    * ශනි ග්‍රහයා එකොළොස්‌වැන්නේ සිටීම

    * කුජ, ශනි, හත්වැන්නේ, අටවැන්නේ හෝ පස්‌වැන්නේ වීම

    * රවි, සඳු, කුජ, ගුරු, සිකුරු යන ග්‍රහයන් හෝ කිහිපදෙනකු දුර්වල වීම

    * මීන රාශියේ සඳු හෝ කුජ සිටීම

    * පාප දෘෂ්ටිලත් හත අධිපතියා හත්වැන්නේ වීම



    #විවාහය_ඉක්‌මන්_කරන_ග්රහ_පිහිටීම්

    * හත්වැන්නේ හෝ එකොළොස්‌වැන්නේ විවාහ කාරක සිකුරු ග්‍රහයා තැන්පත් වීම

    * ශනිගේ දෘෂ්ටිය අඟහරු මතට වැටීම

    * කුජ හෝ සිකුරු කටක රාශියෙහි තැන්පත් වීම

    * වෘෂභ, තුලා යන රාශිවලින් එකක අඟහරු තැන්පත් වීම

    * කුජ, සිකුරු යෝගය

    * දෙවැන්නාධිපති හා එකොළොස්‌වැන්නාධිපතියා අතර පරිවර්තනය හෙවත් දෙවැන්නාධිපතියා එකොළහේත්, එකොළොස්‌වැන්නාධිපතියා දෙවැන්නෙත් වීම

    * හත්වැන්නාධිපතියා සිකුරු සමඟ කේන්ද්‍රස්‌ථාන හෝ ත්‍රිකෝණස්‌ථාන ගත වීම * හත අධිපතියා සිකුරු ග්‍රහයාට සංයෝග වීම

    * දහවැන්නේ දෙක, එකොළහ අධිපතියන් වීම

    * පුර පක්‌ෂයේ චන්ද්‍රයා බලවත් වීම



    #ප්රේම_විවාහ

    * විවාහ කාරක සිකුරු ප්‍රේම සථානය වන පස්‌වැන්නේ වීම

    * රාහු, සිකුරු සංයෝගය

    * හත අධිපතියාගේ දෘෂ්aටිය සිකුරු ග්‍රහයාට එල්ල වීම

    * ශනි, චන්ද්‍ර සංයෝගය

    * සිකුරු ලග්නාධිපතිගේ දෘෂ්ටියට ලක්‌වීම

    * විවාහ කාරක සිකුරු ග්‍රහයා සහ හත්වැන්නාධිපතියා හත්වැන්න පාප පීඩිත වෙතොත් ප්‍රේම විවාහය අසාර්ථක වේ



    #බහු_විවාහ

    * හත්වැන්නාධිපති එකොළොස්‌වැන්නාධිපති සමඟ සංයෝග වීම, හත්වැන්නාධිපතියා එකොළොස්‌වැන්නේ සිටීම

    * හත්වැන්නේ සඳු, කුජ සහ ගුරු යන ග්‍රහයන් තැන්පත් වීම

    * හත්වැන්නාධිපතිගේ දෘෂ්ටිය නොලත් පාපයන් කිහිපදෙනකු හත්වැන්නේ වීම

    * ලග්නාධිපතියා හයවැන්නේ සිටියදී අටවැන්නාධිපතියා ලග්නයේ හෝ හත්වැන්නේ වීම

    * පාප ග්‍රහයන් වැඩි ගණනක්‌ හත්වැන්නේ සිටියදී දෙවැන්නාධිපතියා හයවැන්නේ වීම

    * මිථුන, ධනු, මීන යන රාශියක්‌ හත්aවැන්නේ වී ලග්නාධිපතියාද එහි තැන්පත්ව සිටියදී ඉහත කී රාශියක සිටි ග්‍රහයන් විසින් හත්වැන්න දැකීම



    #දික්‌කසාදයට_බලපාන_ග්රහා_පිහිටීම්

    * හත්වැන්නේ කුජ සිටියදී රවි විසින් දැකීම

    * සඳු ග්‍රහයා පීඩාවට පත් වී සිටියදී සඳුගෙන් හත්වැන්නේ කුජ ග්‍රහයාද හත්වැන්නේ තෙවැන්නේ ශනිද වීම * හතර, දොළහ අධිපතීන්ගේ සංයෝග වීම

    * අට අධිපතියා හතරවැන්නේ සිටියදී හතර අධිපතියා අටවැන්නේ වීම

    * කන්‍යා හෝ ධනු ලග්නයෙන් ඉපදී ගුරු ග්‍රහයා දොළොස්‌වැන්නේ වීම

    * හතර අධිපතියා හයවැන්නේ සිටියදී හයවැන්නාධිපතියා හතරවැන්නේ සිටීම



    #අඹුසැමි_නාශක_යෝග

    * හත්වැන්නාධිපතියා රවිට සංයෝගව සිටියදී ශනිගේ දැක්‌මක්‌ද වන අතර රාහු ග්‍රහයා හත්වැන්නේ වීම

    * හය, හත, අට භාවවල පිළිවෙළින් කුජ, රාහු, සෙනසුරු තැන්පත් වීම

    * හත් වැන්නේ හෝ අටවැන්නේ කුජ, ශනි සංයෝගව සිටීම, මෙහිදී හත්වැන්න අධිපතියා පාපියකු වී සිටිය යුතුය

    * පාප දෘෂ්aටිලත් හත්වැන්නාධිපති අටවැන්නේ සිටියදී අටවැන්නාධිපතියාද එහිම වීම, මෙයම හත, දොළහ වීමද එසේමය

    * පාප දෘෂ්ටිලත් කුජ, රාහු, හත්වැන්නේ හෝ අටවැන්නේ වීම

    * පාප දෘෂ්ටිලත් ශනි, රාහු හත්වැන්නේ හෝ අටවැන්නේ වීම.

    * කුම්භ ලග්නයෙන් ඉපිද කුජ, ශනි, සංයෝගව හත්වැන්නේ වීම



    #විවාහයට_අශුභ_ග්රහා_පිහිටීම්

    * රවි, සඳු හෝ සිකුරු දොළොස්‌වැන්නාධිපතිගේ අශුභ දෘෂ්ටි, සංයෝගවලින් තදබල ලෙස පීඩා වේ නම් රහසිගතව අවකල් ක්‍රියාවේ හැසිරේ

    * හයවැන්න, අටවැන්න හා නව වැන්න පාප පීඩිතව වී පාපීන්ගේ දෘෂ්ටියටද ලක්‌වන්නේ නම් සිය බිරිඳ පර පුරුෂ සේවනයේ යෙදෙන්නීය

    * සිකුරු ග්‍රහයා කුජගේ දෘෂ්ටියට හසුවන්නේ නම් කේන්ද්‍ර හිමියා විවාහයෙන් පසුවද විවිධ ආදර බැඳීම් ඇති කර ගැනීමට පිළිවන

    * කුම්භ ලග්නයෙන් ඉපිද කුජ පස්‌වැන්නේ නම් ඔහු පරදාර සේවනයේ යෙදීමට තිබෙන අවකාශ වැඩිය

    * හත්වැන්නේ සඳු, කුජ සහ ශනි සිටියහොත් ජන්මියා අවකල් ක්‍රියාවේ හැසිරේ

    * පුරුෂ කේන්ද්‍රයක දෙක, හත සහ දහය අධිපතීන් හත්වැන්නේ සංයෝග වීම පරදාර සේවනයේ යෙදෙන පිහිටීමකි

    * පස්‌වැන්නාධිපති සහ හත්වැන්නාධිපති දොළොස්‌වැන්නෙහි සංයෝග වීම භාර්යාව අනෙකකු සමඟ රහසිගතව ආලය, බැඳීම් ඇති කර ගන්නා පිහිටීමකි

    * ලග්නාධිපති, දෙවැන්නාධිපති හා හයවැන්නාධිපති පාපීන් සමඟ සංයෝගව හත්වැන්නේ වීම පරදාර සේවනයේ යෙදෙන පිහිටීමකි

    * සිකුරු හිමි රාශියක්‌ (වෘෂභ, තුලා) ලග්නය වී එහි සිකුරු සහ අධිපති හා හත අධිපති සමඟ සංයෝගව පාප දෘෂ්ටි, පාප සංයෝගවලින් යුක්‌ත වෙතොත් ඔහු පරදාර සේවනයේ යෙදෙන්නෙකි

    * හත්වැන්නේ හෝ දහ වැන්නේ බුධ, ශුක්‍ර, ශනි සංයෝග වෙතොත් අනුන්ගේ භාර්යාවන් ආශ්‍රය කරන්නෙකු වෙයි

    * හත්වැන්න කටකය වී රවි, කුජ සංයෝගය එහි වෙතොත් ඇය පර පුරුෂයන් සේවනය කරන්නියකි

    * කුජ, ශනි, සිංහ රාශියේ සිටීම, හත්වැන්නේ කුජ නීච වීම පර පුරුෂයන් කරා යන පිහිටීම්ය

    * හත්වැන්නේ රවි, කුජ, ශනි සිටියදී උපන් තැනැත්තිය සිය ස්‌වාමියා අතහැර දමයි

    * අශුභ දෘෂ්ටිලත් කුජ, සිකුරු, හත්වැන්නේ නම් ජන්මියා සිය චරිතය නරක්‌ කර ගනියි

    * ලග්නයේ රවි, කුජ, රාහු සංයෝග වී ඇත්නම් ජන්මියා මිනීමරුවකු හා සමානය. මිනීමරුවකු වීමටද බැරිකමක්‌ නොමැත

    * වක්‍ර වූ ශනි ලග්නයේද, සිකුරු හත්වැන්නේද සිටියදී පස්‌වැන්නේ ශුභයකු නොවේ නම් බිරිඳ වඳ භාවයට පත් වෙයි

    * ස්‌ත්‍රී කේන්ද්‍රයක හත්වැන්නේ සිටින සිකුරු පාප පීඩිත නම් ඇයද වඳය

    * රවි ග්‍රහයා කුජගෙන් අශුභ දෘෂ්ටි ලද්දේ නම් මත්වතුර බොන ස්‌වාමි පුරුෂයකු ලබයි. රවි, ශුක්‍ර පාප සංයෝග පාප දෘෂ්ටිවලින් දුබල වීමද මත්වතුර පානයට නැඹුරු කරවන ග්‍රහ පිහිටීමකි

    * හත්වැන්නේ කුජ හෝ සිකුරු පාප පීඩිත වීම, ශුභ දෘෂ්ටි නොලත් ශනි, සිකුරු දහවැන්නේ හෝ අටවැන්නේ වීම, හයවැන්නේ හෝ දොළොස්‌වැන්නේ ශනි ග්‍රහයා පීඩා වීම, සිකුරුගෙන් හයවැන්නේ හෝ අටවැන්නේ ශනි ග්‍රහයා සිටීම, හත්වැන්නාධිපති හා සිකුරු හයවැන්නේ සංයෝග වීම යන ග්‍රහ පිහිටීම් වෙතොත් ඔහු බෙලහීනයකු බව හඟවයි

    * පස්‌වැන්නේ පාප ග්‍රහයන් සිටියදී පස්‌වැන්න අධිපතියාද පාප ග්‍රහයන් සමඟ වෙත්නම් ජන්මියාගේ දරුවෝ රෝගීහු වෙති

    #ලිපි_කිහිපියක_කරුණු_අන්තර්ගතයි - Facebook
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නක්ඛකතං පතිමානෙන්තං
    අතෙථා බාලං උපචචගා
    අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා”

    නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු කුමක් කරයිද?

    (ජාතකපාලිය, නක්‌ඛන්ත ජාතකය)
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම කේන්දර 3ක විස්තර දානවා. (ගොඩක් උන් අදුරන 3දෙනෙක්ගේ, මේ සටහන් 3 පත්තරේකත් උදාහරනෙකට දාලා තිබුන :yes: ) කේන්දර බලන්න දන්න කෙනෙක් මේ කේන්දර 3 ගැන වෙන වෙනම විස්තර කරන්න. එතකොට අපිට බලාගන්න පුළුවන් මේකේ ඇත්ත නැත්ත.

    1-කේන්දරය ලග්නය-මිථුන

    1-No
    2-No
    3-No
    4-Rahu
    5-NO
    6-NO
    7-GURU
    8-NO
    9-NO
    10-KETHU/KUJA/SHANI
    11-BUDA/CHANDRA/RAVI
    12-SIKURU


    2.-කේන්දරය ලග්නය-මිථුන

    1-No
    2-No
    3-No
    4-Rahu/kuja
    5-CHANDRA
    6-NO
    7-BUDA
    8-GURU/SIKURU/RAVI
    9-NO
    10KETHU/SHANI
    11NO
    12NO

    3.-කේන්දරය ලග්නය-වෘශභ

    1-chandra
    2-NO
    3NO
    4-KUJA
    5-RAHU
    6-SIKURU
    7BUDA/RAVI
    8-GURU
    9-NO
    10 NO
    11 KETHU/SHANI
    12-NO

    පොඩි උදව්වක් දෙන්නම්. මේ කේන්දර 3න් එකක් ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්ගේ. මේ කේන්දර අතර දෝෂ තියන කේන්දර තිඅයනවා. සමහර විට මේ කේන්දර 3අයත් අයගෙන් දෙදෙනෙක් සැමියා හා බිරිද වෙන්නත් පුළුවන්. වැඩ්ඩො ඉන්නව නම් ට්‍රයි කරලා බලන්න. බොරු කේන්දරත් නෙමෙයි,. ඇත්ත ඒවා. මේක පත්තරේක දැකලා වැඩේ නෝට් වෙච්ච උන් කට වහගෙන හිටපන්. පත්තරේ තිබ්බ එක මේකේ කමෙන්ට් කරන්න ඔට්ටූ නෑ හොදේ;)

    ආතල් එකටයි, දැනුමටයි පමණයි. රණ්ඩු වෙන්න නම් හදන්න එපා.
     
    • Like
    Reactions: D_Mad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    ඔය හුත්තවල් බල බල තාම බදින්න බැරි වුන එවුන් අන්න ඉන්නවා ලහිපිටෙයි, ලියතබරා එකෙයි එක්සෙල් ඩේටා එකෙයි. අඩු ගානෙ ජීවිතේටම කිසිම ලිංගික අත්දැකීමක් ගන්නේ නැතුව මැරිලා යනවා.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔය හුත්තවල් බල බල තාම බදින්න බැරි වුන එවුන් අන්න ඉන්නවා ලහිපිටෙයි, ලියතබරා එකෙයි එක්සෙල් ඩේටා එකෙයි. අඩු ගානෙ ජීවිතේටම කිසිම ලිංගික අත්දැකීමක් ගන්නේ නැතුව මැරිලා යනවා.

    අම්මලාගෙ විස්වාස නෙහ් බිදින්න බැරි