🥂👰🏻🤵🏻😢 කසාද ජීවිතය විනාශ කරන ශනි මංගල දෝෂය...............

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    මෙය කුජ – ශනි එක් රාශියක නවාංශක 3 ක් ඇතුළත සිටීමෙන් යෙදේ. එසේම කුජ – ශනි ඔවුනොවුන් දැකීම ද ශනි මංගල දෝෂයට සමානය. කේන්දරයේ කුජ හා ශනි යන ග්‍රහයන් දෙදෙනා එකම කොටුවක සටහන්ව තිබුණොත් බොහෝ ජ්‍යෝතිෂවේදීන් කියා සි‍ටින්නේ “විවාහය නරකය කියාය. එහෙත් මෙය මිථ්‍යාවකි.කුජ-ශනි යෝගයට බිය විය යුතු නැත.මෙය කණවැන්දුම් යෝගයක්ද නොවේ‍.

    කේන්ද්‍රයේ කුමන හෝ භාවයකු කුජ හා ශනි එක්ව සිටීමෙන් කුජගෙන් සත් වැන්නේ ශනි තැන්පත් වීමෙන්, කුජගෙන් 4 වැන්නේ ශනි තැන්පත් ව සිටී නම් එය කලත්‍ර නාශක යෝගයක් සේ සැලකී, එම පිහිටීම පවතින කේන්ද්‍ර හිමියකු සමඟම විවාහ වීමට උපදෙස් දීම සුලභ දෙයක් බවට පත්ව ඇත.

    කුජ හා ශනි එක්ව සිටීම රාජ යෝගයක් බව ගර්ග හර්ෂීන් පවසා ඇත. කුජ ශනි එක්ව සිටි කේන්ද්‍රයේ දෙවැන්න, තෙවැන්න, සයවැන්න, නවවැන්න හා දසවැන්න, එකොළොස්වැන්න භාවවලදී රාජ යෝගයකි. මෙම භාවයන්හි තැන්පත් කුජ, ශනි ජන්මියාට ශාරීරික, මානසික ප්‍රීතීය, නිර්භීත බව, සත්‍යවාදී බව ඇති කරන බැවිනි. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ගර්ග මහර්ෂීන් කිසිදු භාවයක තැන්පත් කුජ, ශනි නිසා විවාහ සහකරුට විපත් පැමි‍ණෙන බව සඳහන් කර නොතිබීමයි. භාව දොළොසේ කුජ, ශනි තැන්පත් වීමේ ප්‍රථීපල ලිපිය අවසානයේ සඳහන් වේ.

    ස්ත්‍රී කේන්ද්‍රයක සත්වැන්නේ, අට වැන්නේ කුජ, ශනි රාහු, රවි යන ග්‍රහයින් තැන්පත් වීම පුරුෂ මර යෝගයක් බව භාව කුතුහලය ලඝු ජාතකය, ජ්‍යෝතිෂ සාර යනාදී ග්‍රන්ථයන් අපට පෙන්වා දේ. මේ පිහිටීම ලග්නයෙහි හා සඳුගෙන් පරීක්ෂා කළ යුතුවේ.

    ස්ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක ලග්නය, සතර, සත, අට දොළොස යන තැනක කුජ සිටීම පුරුෂ මර යෝගයක් වන අතර පුරුෂ කේන්දරයක වේ නම් ස්ත්‍රී මර යෝගයක් බවද කේන්ද්‍ර දෙකෙහි මෙම පිහිටීම වේ නම් දෝෂ භංග වන බව ද කියැවේ.

    කුජගෙන් වන දෝෂ ශනි සිටීමෙන් ද දෝෂ භංගවන බව කියවෙන අතර අනෙක් පාපීන් රවි, රාහු, ශනි, කුජ ද එම දෝෂය වළකන බව කියයි.

    අද කුජ දෝෂය අහෝසි වන ක්‍රම පිළිබඳව බොහෝ දුරට සැලකිල්ලක් ‍දක්වයි. විශේෂයෙන්ම උච්ච ස්වක්ෂේත්‍ර, නීච කුජගෙන් හෝ ගුරුගේ දෘෂ්ඨියට යොමුවන කුජගේ දෝෂය නොසැලකේ.

    එහෙත් කුජට, ශනි එක් වූ පසු මෙම ග්‍රහයින් දෙදෙනාගේ දෝෂය අනෙක් කේන්ද්‍රයේ ද කුජ හා ශනි එක්ව සිටීමෙන්ම හැර වෙනත් අයුරකින් දෝෂ භංග නොවන බව නූතන ග්‍රන්ථවලින් පෙන්වා දෙයි.

    කුජ සත් වැන්නේ තැන්පත්වීම ගැන අධ්‍යයනය කරමු. කුජ සය වැන්නේ කාරක ග්‍රහයා වේ. සය වැන්න බ්‍රහ්මචර්යාව නිවේදනය කරයි. කුජගේ මරණකාරක ස්ථානයද සත්වැන්නයි. මේ අනුව සත් වැන්නේ තැන්පත් කුජට සත් වැන්නේ කාර්යයන් ඉෂ්ඨ කළ නොහැක. මෙහිදී ගුරු, බුධ දකී නම් කුජගේ දෝෂය අහෝසි වේ.

    විශේෂයෙන්ම උච්ච, ස්වකේෂ්ත්‍ර කුජ තමන් තැන්පත් භාවයේ කරුණු වර්ධනය කරයි. කුජ හා ශනි සංයෝගය කේන්ද්‍රයේ කුමන භාවයක වුව ද දෝෂ සහිත බව හෝ පුරුෂ මර යෝගයක් බව පවසයි. එහෙත් ඒ සඳහා කිසිදු හේතුවක්, අදහස් දැක්වීමක්, ඉදිරිපත් නොකරයි.

    කුජ, ශනි ලග්නයේ නම් සත්වැන්න දකින අතර දෙවැන්න ද විවාහය ගැන කියැවෙන ස්ථානයකි. එහෙත් ශනි, කුජ තෙවැන්නට හෝ පස්වැන්න‍ට, සය වැන්නට, නවවැන්නට, එකොළොස්වැන්නට‍, දෝෂ ගෙන දෙන ආකාරය පැහැදිලි නොකරයි.

    @Kumbhakarna22
    ජෝතිෂ ඩිප්ලොමාධාරි
    පාරම්පරික ජොතිර්වේදී....
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    4mSdRid.jpeg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    තේරෙන්නෙ නෑ ඕයි මෙලෝ හත්තිලව්වක් :baffled: :eek:
    කියෙව්වෙ ඇයි මුල් ටික කියෙව්ව යටම ටික කියෙව්ව......
     
    • Haha
    Reactions: Udee KJ