විවාහ නීතිය [6000 වන පොස්ට් එක ]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    විවාහ නීතිය [6000 වන පොස්ට් එක ]

    sri-lanka-villas-h201.jpg

    විවාහය යනු :
    විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ඇතිවන වැදගත් ආයතනකි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් මෙම විවාහය නම් වූ ආයතනය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුලින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරාහ බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිවන නිසාත් නීතිය පිළිගන්නා පරිදි එය සිදුවිය යුතු නිසාත්ය.

    බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය සමාජයේ විවාහය යන‍ ‍තේමාව මෙකී නීති පද්ධති වලින් විවිධ ආකාර‍යෙන් පෝෂණය වී ඇත. ඒ අනුව,
    • උඩරට නීතිය
    • සාමාන්‍ය නීතිය
    • මුස්ලිම් නීතිය

    ආදී තත්වයන් යටතේ විවාහය බලාත්මක වන ආකාරය මෙමගින් විස්තර ‍කෙරේ.

    උඩරට නීතිය යටතේ විවාහය

    Poruwa-Ceremony.jpg

    උඩරට නීතිය පාලනය වන්නේ 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත මඟිනි. උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට පාර්ශවයන් දෙදෙනෙකුට පමණි.

    උඩරට නීතිය යටතේ විවාහය වලංගු වීමට නම්

    • නිසි වයස් සීමාව (විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 සම්පූර්ණ කිරීමයි (පනතේ 4 වගන්තිය). නමුත් සාමාන්‍ය නීතියට වඩා වෙනස් තත්ත්වයක් උඩරට නීතිය යටතේ දක්නට ලැබේ.එනම් පනතේ 4 (2) වගන්තිය දක්වන අවශ්‍යතා දෙක මත අවුරුදු 18ට අඩු අය අතර කරන විවාහය වලංගු වේ)
    • තහනම් ඥාති සම්බන්ධතා නොතිබීම.(උඩරට විවාහ නීතිය යටතේද තහනම් ඥාති සම්භන්ධතා මත කරන විවාහ නොපිලිගනී.පනතේ පස්වන වගන්තිය යටතේ මේ පිළිබද ප්‍රතිපාදන දක්වා ඇත.එය සාමාන්‍ය විවාහ ආඥාපනතේ දැක්වෙන ප්‍රතිපාදන හා සමාන වේ)
    • වලංගු පූර්ව විවාහයක් නොතිබීම.(උඩරට විවාහ හා දික්කසාද ආඥා පනතේ 6 වගන්තිය දක්වන ආකාරයට වලංගු පූර්ව විවාහයක් අවලංගු කර නොගෙන විවාහයක් සිදුකර ගත නොහැක)
    • පාර්ශවයන් දෙදෙනාම උඩරැටියන් විය යුතුය.
    • ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍යය වේ.
    • විවාහය උඩරට ප්‍රදේශ වල පමණක් සිදු කළ යුතුය.
    • දෙපාර්ශවයම සමකුල විය යුතුය.

    උඩරට නීතියේ විවාහ කාර්යය පටිපාටිය

    උඩරට විවාහ නීතිය යටතේ විවාහය සිදු කිරීමේ කාර්යය පටිපාටියද සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ කාර්යය පටිපාටියට සමාන වේ.මීට අමතරව
    • පාර්ශවකරුවන්ගේ වාසය පළිබඳ විස්තර ඉදිරිපත් කරමින් විවාහය ගැන දැනුම් දිය යුතුය.දැනුම් දීමට දින 4කට පෙර උඩරට ප්‍රදේශයේ පදිංචිව සිටිය යුතුය.(පනතේ 16 වන වගන්තිය)
    • එසේම පනතේ 23 (1) අ (ii)වගන්තියේ දැක්වෙන පරිදි පාර්ශවය විවාහක ද, දික්කසාද ද, වැන්දඹුවක් ද යන වග දැක්විය යුතුය.
    • පනතේ 23 (1) අ (ii)වගන්තියේ දැක්වෙන පරිදි විවාහයේ ස්වභාවය (දීග විවාහයක් ද, බින්න විවාහයක් ද) දැක්විය යුතුය.

    සාමාන්‍ය නීතිය යටතේ විවාහය

    chamalsha-wedding-2.jpg

    මේ සඳහා බලපවත්වන්නේ 1907 අංක 17 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතයි.

    සාමාන්‍ය නීතිය බලපාන්නේ කාටද?
    • පහතරට සිංහලයන්ට
    • ස්ව කැමැත්ත මත උඩරැටියන්ට
    • තේසවලාමේ නීතිය යටතේ ද්‍රවිඩයන්ට
    • ස්ව කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට

    සාමාන්‍ය නීතිය විවාහය වලංගු වීමට නම්
    • අවම වයස් සීමාව(සාමාන්‍ය විවාහ ආඥා පනතේ 15 වගන්තියේ දැක්වෙන ආකාරයට වලංගු විවාහයක් ඇතිකර ගැනීම සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් වයස අවුරුදු 12 හා පුරුෂයන් වයස අවුරුදු 16 ක් වේ. බර්ගර් දෙමාපියන්ගෙන් පැවතෙන්නන් සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් හා පුරුෂයන් අවම වයස අවුරුදු 14 ක් වේ. නමුත් 1995 අංක 18 දරණ සංශෝධන පනතින් ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවටම අවම වයස අවුරුදු 18 ක් බවට පත් කරන ‍ලදී. ඒ අනුව මෙම නෛතික අවශ්‍යතාව‍යට පටහැනි විවාහ (බාල වයස්කාර විවාහ) විවාහ නොවන බවට අධිකරණය පිළිගනී)
    • තහනම් ඥාති සබඳතා නොපැවතීම (ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක ලේ ඥාතීන් අතර සිදුවන විවාහ නොපිළිගනී. සාමාන්‍ය විවාහ ආඥා පනතේ 18 වන වගන්තිය මගින් ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ නොවන බව දක්වයි. පනතේ 17 වන වගන්තිය අනුව තහනම් ඥාති සබඳතා මත විවාහ සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.)
    • වලංගු පෙර විවාහයක් නොපැවතීම (නීත්‍යනුකූලව වලංගු ව පවතින පෙර විවාහයක් අවලංගු කර නොගෙන සිදුකරන දෙවන විවාහයක් වලංගු නොවන බව නීතිය පිළිගනී.සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 18 වගන්තියේ මේ බව දක්වයි.)

    විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යය පටිපාටිය

    ලියාපදිංචිය සිදු කරන්නේ විවාහ රෙජිස්ටාර් වරයාද ක්‍රිස්තියානි පූජක වරයාද යන්න මත අනුගමනය කරන කාර්යය පටිපාටිය වෙනස් වේ.
    • විවාහ ලියාපදිංචි වීම සඳහා දින 10 කට පෙර ඒ පිළිබඳව ප්‍ර‍දේශයේ විවාහ ලේකම් වරයාට දැනුම් දිය යුතුය (පන‍තේ 23, 24 වගන්ති).
    • එම දැනුම් දීමෙන් පසුව අදාල සහතික විවාහ ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කළ යුතුය.
    • නියමිත කාලසීමාව අවසානයේදී විවාහ ලේකම් වරයාගේ සහතිකය නිකුත් කරනු ලැබේ.එසේ නිකුත් කරනු ලබන්නේ ඒ සඳහා විරුද්ධත්වයක් වේනම් එය අධිකරණය වෙත ‍යොමුකළ යුතුය.එහිදී සහතිකය නිකුත් කිරීම අධිකරණය තීරණය කරයි (පනතේ 31 (1) (2) වගන්තිය).
    • විවාහය විවාහ ලේකම්ගේ කාර්යාලයේදී සිදුකරනු ලබන්නේනම් එහදී සාක්‍ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ සිදුකළ යුතුය (පනතේ 35 වන වගන්තිය).
    • පූජක වරයකු ඉදිරියේ සිදුකරනු ලබන විවාහද චාරිත්‍ර අනුගමනය කර සාක්‍ෂිකරුවන් ඉදිරියේ සිදුකල යුතුය (2001 අංක 11 දරණ සංශෝධන පනතේ 11 වගන්තිය)

    මුස්ලිම් නීතිය යට‍තේ විවාහය

    Enders-wedding-18.12.09.jpg

    1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ. මුස්ලිම් නීතිය යට‍තේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි.

    වලංගු විවාහයක් සඳහා

    • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී.
    • මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය.
    • මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය).
    • මුස්ලිම් විවාහ නීතිය යට‍තේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යට‍තේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.

    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලියාපදිංචිය

    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් නොවේ.ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති.පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි.ඒ සඳහා අත්සන් කරන පාර්ශව කව්ද යන්න පනතේ 17(2)වන වගන්තිය දක්වයි.මුස්ලිම් විවාහ නීතිය යට‍තේ ශාෆි නිකායට අයත් විවාහ සිදුකිරීමේ දී වාලි වරයා අදාල ස්ථානයේ පෙනීසිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය (පනතේ 25 (අ) වගන්තිය).නමුත් විශේෂ අවස්ථා වල ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය).

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0

    [/CENTER]

    කොනක පාලු නිතිය = තුන්කාලේ නිතිය=ගැනු දුෂණ නිතිය

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113