විවාහ වෙන්න බෝනික්කෙක් දෙන්න....
ස්ත්‍රී සහ පුරුෂයෙක් අතර ඇති බැඳීම කූටප්රාප්ත වන්නේ විවාහයෙන්. කොටිින්ම කිවහොත් එකවහලක් යට ජීවිතයේ ආරම්භය එයයි. මිනිස් ප්‍රජාව අතර පවතින මෙම පොදු සම්මතය වෙනුවෙන් විවිධාකාර අර්ථකථන දැන් ගොඩ නැගෙමින් පවතී. පිරිමින්ගේ විවාහය තුළ කාන්තාවක් නොමැති වුනත් ඒ වෙනුවෙන් බෝනික්කෙක් ( Doll ) ප්රමාණවත්ය යන අදහසක් ජපානයේ සමාජගත වෙමින් පවතී.
ජපානයේ පුරුෂන් සිලිකන් යොදා ගෙන නිර්මානය කරන ලද බෝනික්කන් ( Doll ) සමග විවාහ ප්‍රේමයෙන් පසු වේ.
මේ නිසා ජපානයේ පුරුෂන් සිලිකන් යොදා ගෙන නිර්මානය කරන ලද බෝනික්කන් ( Doll ) සමග විවාහ ප්‍රේමයෙන් පසු වෙන අතර ඔවුන් කියා සිටින්නේ මානසික හුදෙකලා වෙනුවෙන් එය ඉතා හොඳ වික්ලපයක් බවයි. හතලිස් පස් හැවිරිදි මසුයුකි ඔසාකි මේ අන්දමින් සිලිකන් බෝනික්කන් සමග ජීවිතය ගෙවන්නට සූදානමින් සිටින්නේය. දැනටමත් සිලිකන් බෝනික්කන් සමග ජීවිතය ගෙවන සෙන්ජි නකජිමා කියා සිටින්නේ නැවත මිනිසුන් සමග සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට කිසිම සූදානමක් නැති බවයි. මෙම සිලිකන් බෝනික්කාට නම තබා ඇත්තේ " සෙන්ජි "යනුවෙන්ය. සනෝරි සඳහන් කරන්නේ මෙම බෝනික්කා මුල් කර ගෙන ප්‍රබල හැඟීම් බිහි වෙන බවයි. දින දිනම සිලිකන් යොදා නිපදවන ලද බෝනික්කන් වෙනුවෙන් විශාල ඉල්ලූමක් ගොඩ නැගෙන අතර මේ වෙන විට විශේෂ 50 ක පමණ බෝනික්කන් වෙළඳපොලට නිකුත් කොට ඇත.
සමාජයේ පවතින අන්තර් සමාජ සම්බන්ධතාවයන්ගේ පිරිහීම තුළ අද මෙවන් වාතාවරනයක් ගොඩ නැගෙන බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි.
මේ අතර ප්‍රංශ කාන්තාවක් විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඇයට රොබෝවෙකු සමග විවාහ වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නීය. " ඉන්මුවටර් " යනුවෙන් හැඳින්වෙන මෙම කෘතිම බුද්ධිය ලිංගික කටයුතු වෙනුවෙන්ද ගැලපෙන පරිදි නිර්මානය කර ඇති බව ලිලී නම් වූ මෙම කාන්තාව පෙන්වා සිටියාය. ලිංගික උත්තේජනයන්හිදී හැඟීම් දැනීම් නොදැනෙන නිසා අධිකරණය මේ ගැන දෙවරක් සිතන ලෙස ලිලී නැමැති මෙම කාන්තාවගෙන් ඉල්ලා සිටියත් ඇයට එය කිසිම ගැටළුවක් නොවන බව ප්‍රංශ අධිකරණය ඉදිරියේ ඇය කියා සිටියාය. මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් මහාචාර්ය ඩේවිඩ් ලෙවී සඳහන් කරන්නේ 2050 වසර වෙන විට අපිට රොබෝවන් සමග විවාහ වුන පවුල් බොහෝ සේ දක්නට හැකි වෙතැයි අනුමාන කළ හැකි බවයි. එහෙත් මේ තත්වය එතරම් සුබවාදී නොවන බව ඔහුගේ අදහසයි.
මේ අතර අද කාන්තාවන්ට අධ්‍යාපන තුළ සුදුසුකම් සපුරා ගත් පිරිමින් පිලිබඳව ඇති ඌනතාවය නිසා ඔවුන්ට විවාහ වීම සඳහා ගැලපෙන පිරිමින් නැතැයි වූ ආකල්පයක් ගොඩ නැගෙමින් පවතී. කාන්තාවන් අධ්‍යාපන කටයුතු තුළ ඉදිරියට යන අතර ඊට සාප්ක්ෂව පිරිමින්ගේ පවතින මන්දගාමිත්වය නිසා අද තමන්ට ගැලපෙන සහකරුවන් සොයා ගැනීම ගැටළුවක් බවට පත්ව ඇති බව ඔවුන්ගේ අදහසයි.
මේ පිලිබඳව පර්යේෂණයේ යෙදෙන යේල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කියා සිටින්නේ උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත් කාන්තාවනට විවාහය වෙනුවෙන් ගැලපෙන පිරිමින් සොයා ගැනීම දැන් ගැටළුවක් බවට පත්ව ඇති බවයි. බි්රතාන්ය වැනි රටවල කාන්තාවන් අතර මේ තත්වය ඉතා සුලබව දක්නට ලැබේ. ඒ නිසා ඔවුන්ගේ දරුවන් ලබන වයස නොදැනම ගෙවෙන නිසා මෙම කාන්තාවන් තම චිම්බ අධිශීතකරනයේ තැන්පත් කරමින් අනාගතයේ සහකරුවෙක් හමු වෙන තුරු තබා ගැනීමේ උත්සාහයක යෙදී සිටිති. මේ තත්වය ඉතා වේදනාකාරී මෙන්ම අධි වියදම් සහිිත කටයුත්තක් වන අතර තාක්ෂණයේ දියුණුව පැවැතියත් මේ ක්‍රමවේදයෙන් අනාගත දරුවෙක් ලැබීමේ සිහිනය සැබෑ වන්නේද යන්න ගැටළු සහගතය. බොහෝ විට මෙම තත්වයට හේතු වන්නේ රැකියාව වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන නිසා දරුවන් බිහිකිරීම අනාගතයට කල් තබන බව යැයි මෙම පර්යේෂණ වාර්තාවේ ප්‍රධාණී මහාචාර්ය මාර්සියා ඉන්හෝර්න් සඳහන් කරයි.
කොහොම වුනත් අද අපි දකින පවුල් සංස්ථාව පිලිබඳ සංකල්පය ඉදිරි අනාගතයේදී අතීතයේ පැවැතියා වූ බවට වූ සඳහනක් බවට සීමාවන්නට ඉඩ ඇති බවටත් යම් සැකයක් මතු වෙමින් ඇත.
source http://thewoman.lk/doll-marriage/
