විශ්මිත හොඬවැල

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    විශ්මිත හොඬවැල

    සොබා දහමේ අපූරු නිමවුම් අපට නිතර දකින්න ලැබෙනවා. ඒවා අතරින් එකක් තමයි අලියාගේ හොඬවැල. පේෂීන් හා ඛන්ඩරා දස දහස් ගණනකින් සෑදී පවතින මෙහි කිසිදු අස්ථියක් අන්තර්ගත නෑ. පුදුමයි නේද? අපගේ මුළු ශරීරයේම තියෙන්නේත් පේශීන් 639 ක් පමණයි. අලියාගේ හොඩවැලේ අස්ථි නැති වුනාට ඒකත් හරියට අපේ අතක් වගේ ක්‍රියා කරනවා.
    8570672-elephant--cheerful-cartoon-illustration.jpg
    1445_IMG_1454.JPG


    Six-blind-men-touch-Fotolia_fjj3756931_XS.png


    මේ හොඬවැල මගින් කිලෝ ග්රෑම් 270ක ට වඩා විශාල බරක් වුනත් ඔසවන්න පුලුවන්. එය ඔවුන්ගේ දේහ බරෙන් 4.5% ක ප්‍රමාණයක්. හොඩවැලේ අග්‍රය ඉතා සියුම් හා සංවේදීයි. මේ නිසා පොලව මත පවතින කාසි කිහිපයක් උනත් අලියෙකුට විශාලත්වය අනුව වෙන් කරලා ගන්න පුළුවන්. හොඩවැලේ කෙලවර තියෙන සියුම් ඇගිලි වැනි නෙරුම් මගින් තමයි ඔවුන්ට මේ හපන්කම දක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. අප්‍රිකානු අලින්ට මේ වගේ නෙරුම් දෙකක් තියෙනවා. එත් ආසියානු අලින්ට තියෙන්නේ ඒ වගේ නෙරුම් එකයි. මිනිසුන්ගේ නහයට සාපේක්ෂව තමයි අලින්ගේ හොඬවැල පිහිටලා තියෙන්නේ. අලින්ගේ නාස් කුහරයන් දෙක, නාස් මාර්ගය හා උඩු තොල අන්තර්ගත වන්නේ හොඬවැලේ. අලීන් තමන්ගේ හොඬය ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සදහා පමණක් නොව ඇතැම් විට ජලය ගබඩා කිරීමටත් යොදා ගන්නවා. සාමාන්‍යයෙන් අලියෙකුගේ හොඬවැල තුල ජලය ලීටර් 4 ක් පමණ රඳවා ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය සාමාන්‍යයෙන් මිනිසෙක් දිනකට පානය කරන ජල ප්‍රමාණය වගේ දෙගුණයක්.අපේ නහයෙන් අපි කරන්නේ හුස්ම ගන්න එක විතරක් උනාට අලියන් එයින් කොතරම් ප්‍රයෝජන ගන්නවද කියල දැන් ඔබට තේරෙනවා ඇති නේද?

    400px-Asian_elephant000000000_-_melbourne_zoo.jpg
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    patta :)

    You have given out too much Reputation in the last 24 hours, try again later.