විශ්මිත_මළ_මුහුද

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    විශ්මිත_මළ_මුහුද

    විශ්මිත මළ මුහුද



    Death%20Sea.jpg


    "මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර පිහිටි මළ මුහුදයි. අක්ෂාංශගත පිහිටීම ගතහොත් උත්තර අක්ෂාංශ 100 - 300 අතර ද නැගෙනහිර දේශාංශ 300 - 450 අතරද මළ මුහුද පිහිටා ඇත.

    සාමාන්‍ය මුහුදකට වඩා මළ මුහුදෙහි ජලයෙහි විශේෂත්වයට හේතුව එහි ඇති අධික ලුණු සාන්ද්‍රණතාවයයි. මෙම ලවණතාවය සාමාන්‍ය මුහුදු ජලයෙහි මෙන් අට ගුණයකි.මෙයට හේතු දෙකකි. ප‍්‍රධාන හේතුව මළ මුහුද වෙනත් සාගරයක් හෝ මුහුදක් සමග සම්බන්ධ නොවීමයි. අනෙක් හේතුව නම් නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාර ප‍්‍රදේශවලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණයකින් යුක්තවීමයි. මෙම විශේෂිත ලවණ සාන්ද්‍රණතාවය නිසා සාමාන්‍ය මුහුදක දැකිය හැකි මසුන්, දැල්ලන්, ඉස්සන් වැනි ජීවීන් හෝ මුහුදු ශාඛ මළ මුහුදෙහි දැකිය නොහැක. අධික ලවණතාවයට ඔරොත්තු දෙන, දම් පැහැති ජීවීන් විශේෂයක් මළ මුහුදෙහි වෙසෙන බව සාගර විද්‍යාඥයන් විසින් මෑතකදී සොයා ගෙන ඇත.

    මළ මුහුද පිහිටා ඇති ආකාරය පිළිබඳව විමසීමේදී එය පියවි ඇසින් දැක බලා ගත හැකි මුහුදු මට්ටමින් පහත්ම ස්ථානය ද වේ. මෙහි ජල මට්ටම මීටර් 405 ක් ගුඹුරින් පිහිටා තිබෙන අතර ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස උෂ්ණත්වයද වැඩි වේ. මෙම විශේෂිත පිහිටීමට හේතු වී ඇත්තේ පෘථිවිය නිර්මාණය වීමේදී ඇති වූ ගිලාබැසීමක් හෙවත් සුවිභේද නිම්නයක් වීමයි. අධික උෂ්ණත්වයක් පැවතීම නිසා ශීත සෘතුවේ වුවද මෙම ප‍්‍රදේශය සෑහෙන උෂ්ණත්වයකින් යුක්තය. විශාල ගැඹුරක පිහිටා තිබුණද, මුහුදු වෙරළට වාහනයකින් යාමට හැකිවීම මළ මුහුදු වෙරළෙහි තවත් විශේෂ ලක්‍ෂණයකි.මළ මුහුදෙහි ඇති කරදිය මිදී සෑදී ඇති රෝස සහ සුදු පැහැයට හුරු විශාල ලුණු කඳු සහ ටැම් ස්වභාවධර්මයේ තවත් අපූර්වතම නිර්මාණයකි. ඊශ‍්‍රායලයත් ජෝර්දානයත් මෙම ලුණු උපයෝගී කර ගනිමින් ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, තීන්ත වර්ග සහ රසායනිත පොහොර නිෂ්පාදනය කරයි.

    පොටෑෂ්, බ්‍රෝමයිට් මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ද මෙම ලුණුවල අන්තර්ගතව ඇත.මළ මුහුද මෙම රටවල සංචාරක කර්මාන්තයටද විශාල වාසියක් ව ඇත. වසරක් පාසා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් මෙම ප‍්‍රදේශයට පැමිණෙන අතර මළ මුහුදෙහි නෑමට ප‍්‍රියකරති.මෙම ජලයෙහි සමේ රෝග, ස්වශන රෝග, වාතරෝග, සෙම් රෝග සහ විවිධ හන්දිපත් රෝග සුව කිරීමේ බලයක් ඇත. එමෙන්ම ලවණ මිශ‍්‍රිත මඩෙහි බැස සිටීමද විවිධ රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ජෝර්දානයේ සහ ඊශ‍්‍රායලයේ හෝටල් කර්මාන්තයට මෙම සංචාරකයන් නිසා විශාල ආදායමක් ලැබේ.විශ්මිත මළ මුහුද කාන්තාරයෙහි බිහිවූ අමිල සම්පතක් බව දැන් ඔබට වැටහෙනු ඇත.


    0416_A67.jpg


    sts-102_death-sea.jpg

    අන්තර්ජාලය ඇසුරෙනි
     
    Last edited: