විශ්වාසභංගය අස්සේ රත්තරන්ගේ අල්ලස් නඩුව&

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    විශ්වාසභංගය අස්සේ රත්තරන්ගේ අල්ලස් නඩුව&

    රුපියල් ලක්ෂ හාරසියයකට අධික වත්කම් සහ මුදල් ප්‍රමාණයක් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට අසමත්වීම සහ නීති විරෝධී උපයාගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මැයි 28 දක්වා කල්තබා ඇත.

    කොළඹ මහාධිකරණය හමුවේ නඩුව අද (02) කැඳවූ අවස්ථාවේ විනිසුරු සම්පත් විජේරත්න මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.

    2004 -2006 කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 412 වත්කම් සහ මුදල් නීති විරෝධී ආකාරයට උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රෝහිත අබේගුණවර්ධනට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

    අද දින නඩු විභාගයේදී රත්මලාන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු වන උපුල් රෝහිත ප්‍රනාන්දු නමැත්තාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු සිදුවූ අතර විත්තිකාර රෝහිත අබේගුණවර්ධනට අයත් බව කියන රත්මලාන, කටුකුරුන්ද වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට විදුලිය සැපයීම වෙනුවෙන් කරන ලද ගෙවිම් පිළිබඳව ඔහු අධිකරණය හමුවේ සාක්ෂි දුන්නේය.
     
    • Like
    Reactions: bestdivx

    Similar threads