රටේ මිනිස්සු දුක් විඳලා හම්බුකරන සල්ලි වලින් ගන්න පාන් කාලෙනුත් බදු අරන් තමයි යකුනේ උන්බලාට නොමිලේ උගන්වන්නේ. එත් නොමිලේ දෙන අද්යාපනේ හින්ද තමයි උඹල රටට ජාතියට, දෙමාපියන්ට, සහෝදරයින්ට, අල්ලපුගෙදර එකාට , කිසිම වගකීමක් නැති විදිහට හැසිරෙන්නේ. උඹලට ඔය උපාදි සහතිකේ දෙන්නේ මුළු රටේම මිනිස්සු දායකවෙනවා කියල උඹලට අමතකයි. අන්න ඒ හින්ද තමයි උඹල මේ තරම් සාහසික විදිහට හැසිරෙන්නේ.
ආණ්ඩුවේ සල්ලි වලින් නොමිලේ දෙන උපාදියට කිසිම ගොව්රවයක් කරන්නේ නැතුව කැම්පස් එක මුළු ලෝකෙම කරගෙන අවුරුදු හතරක කාලය කිසිම වටිනාකමක් දන්නේ නැතුව තමුන්ගේ වැඩක් කරගන්නේ නැතුව , දුක් විඳලා උගන්වපු දෙමාපියන්ට තමුන්ගේ යුතුකම කරන්න ඕන කියන වගකීමක් හිතන්නේ නැතුව අලුතෙන් එන ළමයින්ට රැග් දෙන්න දඟලන උන් කැම්පස් එකෙන් එලියට ගිය දවසේ හිටන් මුළු ජීවිතේම රැග් වෙනවා කියල උඹල දන්නේ නැහැ.
කල්පනා කරලා කිරල මැනලා උඹලාට වෙලා තියන සන්තැසිය තේරුම් ගන්න තරම් මොලයක් උඹලාට නැහැ කියල ගෙදර ඉන්න බලලත් දන්නවා බන්. ඒ හින්ද උඹලාට මෙව්වා තේරුම් කරලා පලක් නැහැ. එත් නිකම් හිතල බලපන් රජයේ විශ්වවියාල වලින් උපාදි ගත්තු 99% ක් උදවිය යන්නේ එන්නේ පාරේ බස් එකේ හෝ දුම්රියේ, මාසෙට හම්බවෙන සොච්චමෙන් මාස භාගයක් ලෙවකාල ඉතුරු මාස භාගේ දුවන්නේ රීම් එකෙන්. දරුවෙකුට මල්ලෙකුට ඇඳුමක් අරන් දෙන්න , රසකැවිල්ලක් අරන් දෙන්න අතේ පිච්චියක් නැහැ.එත් උසස්පෙළ විතරක් කරපු හෝ පුද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාදිය ගත්තු එවුන්ගෙන් ලංකාවේ ඉන්න 99% ක් දෙනා යන්නේ එන්නේ තමුන්ගේ වාහනේක, මාසෙට අවම ලක්ෂයක් හමාරක් හම්බුකරනවා. රටින් පිට ඉන්න උදවිය අඩුම මාසෙට ලක්ස තුනක් හතරක් හම්බුකරනවා. දෙයියනේ කියල කාටවත් නය නොවී කාල බීල කියක් හරි ඉතුරු කරන ජීවත් වෙනවා.
අපි කැම්පස් කියල තදින් ඔලුවට ගත්තු කැම්පස් එකට අලුතෙන් එන එවුන්ට රැග් කරලා සන්තොසවෙන්න බලන් උන්නු උඹලගේ පරම්පරාවේ එවුන්ට අන්තිමට මිනි පෙට්ටිය ගන්න වෙන්නෙත් නයට.
දැන් කව්ද එතකොට ජීවිතේ දිනලා තියෙන්නේ???