විශ්‍රාමික ජනාධිපතිවරයෙක්ට කෝටි1000ක්

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    විශ්‍රාමික ජනාධිපතිවරයෙක්ට කෝටි1000ක්

    මේ රටේ දූෂිත නොවන කොමිස් ගහලා නැති විධායක ජනාධිපතිවරු දෙන්නයි.ඒ ජේ.ආර් සහ ඩිංගිරි බන්ඩේ. නමුත් සාමන්‍යයෙන් ලංකාවේ ජනාධිපති කෙනෙක් විශ්‍රාම ගන්නකොට පැන්ෂන් යනකොට වසර 5ක් හිටියත් දහයක් හිටියත් අවම වශයෙන් කෝටි 1000ක් වත් කොමිස් කාලා,අල්ලස් අරගෙන හොරකම් කරලා අවභාවිතා කරලා උපයනවා.මේක ඩොලර් මිලියන 60ක් විතර.හුගක් අය ඊට බොහොම වැඩී.මේ සල්ලි ලංකාවේ විවිධ බිස්නස් විදිහට වෙනත් පුද්ගලයන් යටතේ හෝ ආයතන යටතේ තියෙනවා.ඒක ඕන එකෙක් දන්න එකක්. හුගක් ඒවා එම පුහ්ගලයන්ගේ නමින්ම කලු සල්ලි වලට උදව් කරන ඇතම් ස්විට්සර්ලන්තය වගේ යුරෝපීය රටවල, නැත්නම් අරාබියේ ඩුබායි කටාර් වගේ තැන්වල,මැලේෂියාවේ හො වෙන රටවල තියෙනවා.ඉතින් මෙහෙම කරලා තවත් මේ මිනිස්සුන්ට අපි ඒ කියන්නේ ඔයාඅලා මම නිකන් ගෙයක් දෙන්න ඕන.ගෙයක්නම් කමක් නෑ.ගෙයක් නෙවෙයි සුවිශාලා මාලිගාවල් ඒවා.කාමරම 30ක් විතර ඇති නිදාගන්න.දෙනවනම් කාමර දෙක තුනක පොඩි ගෙයක්නම් තව කමක් නෑ කියමුකො.උන් ඒකට පාවිච්චි කරන්නේ ආරක්ෂාව නෑ කියන එක. ඉතින් එහෙම ලොකුම එකක් ඕනිනම් ඔය උන් ඉන්න ගම් බිම් වලින්ම අඩුවට දෙන්න පුලුවන් ඉඩමක් එක්ක.එහෙමත් නෑ.ඒවත් ප්‍රචස් එක කෝටි 5-10 වෙන ඒවගෙන්ම අක්කරයක් විතර.මම දන්න විදිහට එංගලන්තේ ‍රැජිනත් බකින්හැම් මාලිගාවේ ඉන්නව කීවට ඒකේ පොඩිම පොඩි කෑල්ලක ඉන්නේ.පොඩි ඇපාට්මන්ට් එකක්.පරන වටිනා පූ‍ටුමේස වල වාඩි වෙන්න තියා අල්ලන්නවත් තහනම්.‍රැජින මේ ලඟදි ‍රැජිනට දෙන කජු මේසෙක තිබ්බම ඒවා ඒකේ ඉන්න පොලිස් කාරයො කනවලු.‍රැජින උන්ට බැන බැන යනවලු මටත් හම්බ වෙන්නේ හුජ්ජක් විතර.ඒකත් තොපිත් හොරෙන් කනවා කියලා.එහෙම කියල පොලිස් කාරයො ඒවා කන එක නවත්තන්නෙත් නෑ.මම කියවලා තියෙන කතා.තව එකපාරක් එයාගේ ඇපට්මන්ට් එකේ පයිප්පයක් ලීක් එකක් හදන්න ආපු මිනිහෙක්ට ‍රැජිනම තේ එකක් හදලා දීලා තියෙන්නේ.සේවකයො හොයන්න යන්නේ නෑ.කමක් නෑ රජ පවුලක් නේ.මේ මහජන චන්ද වලින් එන පොල් හිඟන්න්නට මැරෙනකම් සැප දෙන්න මේ කාලකන්නි ක්‍රමය අපිට තව ඕනද? එහෙම නැත්නම් ප්‍රධාන අපේක්ෂයන් දෙන්නටම එරෙහිව චන්ඩ්ය දීලා මුන්ට තේරුම් කරලා දෙමු තොපිත් නීතියට උඩින් නෙවෙයි යටින් ඉන්නේ.තොපිත් වී අයි පීලා ප්‍රබූලා නෝවෙයි.අපි වගේම දෙකයි පනහේ මිනිස්සු විතරයි.තොපි සාමන්‍ය අය මිසක් විශේෂිත අය නෙවෙයි කියලා.මම හිතන්නේ මේ කරමය මේ විදිහට ඕනි නෑ.ඒක නිසා වෙන ඕන එකෙක්ට දීපල්ල.ප්‍රධාන නරි දෙන්නට හැර.
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    mewa ape minissu therum ganna thawa aurudu 200 wat yai

    ethakota wenna tiyana dewal wela iwarai