විශ්‍රාම යෑමේ ලිපිය දෙනවාත් සමග ජෙනරාල් ෆ
වහා විශ‍්‍රාම ගැන්වීමත් සමඟම ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජීවිතය ඉතා අනාරක්‍ෂිත තත්ත්වයකට රජය විසින් පත් කිරීමේ ශෝක ජනක පුවතක් වාර්තාවේ
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස විශ‍්‍රාම යෑමට පෙර ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙත සපයා තිබූ භටයින් 400 කින් සමන්විත වූ ආරක්‍ෂක භට පිරිස ෆොන්සේකා මහතා විශ‍්‍රාම ඉල්ලීමේ ලිපිය ඉදිරිපත් කිරීමෙන් පසු භටයන් 125 කට දක්වා අඩුකරන ලද අතර වහා විශ‍්‍රාම ගැන්වීමේ තිරණය රජය විසින් ගැනිමෙන් පසු එය භටයින් 25 දක්වා යළිත් අඩුකර ඇත.
මේ අනුව පැය 8 ක එක් සේවා මුරයකදී ජෙනරාල් ෆොන්සේකා මහතාට ලැබෙන්නේ ආරක්‍ෂකයින් 8 දෙනකුගේ ආරක්‍ෂාව පමණි. මෙතෙක් ආරක්‍ෂාවට සිටි කොමාන්ඩෝ බලකායද ආරක්‍ෂක කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ. මෙය 30 වසරක භයානක ත‍්‍රස්තවාදී යුද්ධයක් නිමා කළ සෙන්පතියෙකුගේ ජීවිතය භයානක ලෙස අනතුරක හෙලීමකි.
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස පත්වීමෙන් පසු ෆොන්සේකා මහතාට ආරක්‍ෂක වාහන 25 ක් සපයා තිබූ අතර ඊයේ සිට ආරක්‍ෂක නිල වාහන සංඛ්‍යාව ද ජීප් රථ 2 ක් හා වෙඩි නොවදින එක් බීඑම්ඩබ්ලිව් මෝටර් රථයක් දක්වා අඩු කර තිබේ.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විශ‍්‍රාම යෑමෙන් පසු වෙඩි නොවදින රථ 2 ක් ඇතුළු වාහන 6 ක් හා භටයන් 100 ක් ද, හිටපු එල්ටීටීඊ සන්නද්ධ නායක කරුණාට කරන්නාගොඩ මහතාටත් වැඩි ආරක්‍ෂක භටයන් සංඛ්‍යාවක් හා වාහන සංඛ්‍යාවක් සපයා ඇති බවද පැවසේ.
ජනරාල් සරත් ෆොන්සේකා මහතා විශ‍්‍රාම යාමෙන් පසු ඔහුගේ ආරක්‍ෂාව මෙසේ අඩු කිරීම නිසා ඔහුගේ ජීවිතයට දැඩි තර්ජන එල්ලවී ඇති බවත්, ඔහු දේශපාලනයට පිවිසෙන බවට තවමත් ප‍්‍රකාශ වී නැතත් ඒ සඳහා යම් යම් ඉඟි පළවී ඇති නිසා මෙම ජීවිත තර්ජනය දෙගුණ තෙගුණ වී ඇති බවත් ප‍්‍රකාශ වේ.
මේජර් ජනරාල් ජානක පෙරේරා වැනි හිටපු හමුදා නිලධාරියකු දේශපාලනයට පිවිසීමෙන් පසු ඝාතනය වීම දැඩි ලෙස අවධානයට ලක්කර ඇති ෆොන්සේකා මහතා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියෙන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එල්ටීටීඊයේ ප‍්‍රධාන ඉලක්කයක් වී ඇති ඔහුගේ ආරක්‍ෂාව ජීවිතාන්තය තෙක් ඔහු ඉල්ලා ඇති පරිදි ලබාදෙන ලෙසයි.
menna macho mahindage balu wada.
http://laknews.wordpress.com