විශාලතම මූල්‍ය වංචාව?
මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ ප්‍රථම දින 100 තුළම ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූ බවට බරපතළ චෝදනාවක් එල්ල විය. එනම් 2015 පෙබරවාර 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ භාණ්ඩාගාර බැඳුම්කාර නිකුතුවේදී සිදුවූ වට චෝදනා එල්ල වූ බැඳුම්කර වංචාවයි.
මහ බැංකුව මෙසේ වඩාත්ම කතාබහට ලක් වූයේ මේ නිසාය. ඉන්පසු 2016 මාර්තු 29 දින තවත් බැඳුම්කර වංචාවක් සිදු වූ බවටද චෝදනා එල්ල වී ඇත. මේ බැඳුම්කර මගඩිය නිසා මහ බැංකුවට අමතරව තවත් කතා බහට ලක්වූ ආයතනයක් වූයේ බැඳුම්කර ගනුදෙනුවල නිරත වන ප්‍රාථමික නියෝජිත ආයතනයක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයයි. මේ ආයතනය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ගේ බෑණා ට හිමිකමක් ඇති ආයතනයක් බවත් දැන් කාටත් රහසක් නොවේ. මේ මාමා සහ බෑණාට චෝදනා එල්ලවී ඇති බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන ප්‍රධාන අනාවරණයන් දෙකක් පසුගියදා සිදු වූ අතර ඒ පිළිබඳ විශාල මාධ්‍ය අවධානයක් ද යොමුව තිබේ.
මින් පළමු අනාවරණය සිදුවූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය පසුගියදා සිය මූල්‍ය තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ය. දෙවැනි අනාවරණය සිදුවූයේ එම සමාගමට අදාළව මහ බැංකුව සිදු කළ පරීක්ෂණයක වාර්තාවක් (අනවසරයෙන්) පිටවීමත් සමඟය. මුලින්ම එම සමාගම ප්‍රකාශයට පත් කළ මූල්‍ය තත්ත්වය අනුව ඉතා අසාමාන්‍ය අධිප්රාමාණික ලාභ එම සමාගම උපයාගෙන ඇති බව රටට හෙළිදරව් වූ අතර චෝදනා එල්ල වූ "බැඳුම්කර මගඩිය" තහවුරු වන ආකාරයේ වූ මේ පුවත ගැන රටේ ආර්ථික හා මූල්‍ය අංශවල පමණක් නොව දේශපාලන අංශවල ද දැඩි අවධානය යොමු විය. මහ බැංකු රෙගුලාසි අනුව ඔවුන්ට සිය මූල්‍ය තත්ත්වය පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රකාශයට පත් කිරීමට සිදුව තිබිණි. ඒ නිසා ඔවුන් ලැබූ එම අධි සුපිරි ලාභය සැඟවිය නොහැකි විය. මේ අනුව එම සමාගම 2014/15 මූල්‍ය වසරේදී රු. මිලියන 960 ක් සහ 2015/16 මූල්‍ය වර්ෂයේදී රු. මිලියන 5124 ක (රු. කෝටි 512.4 ක) ලාභයක් උපයා තිබිණි. මේ අනුව 2014/ 15 මූල්‍ය වර්ෂයේදී ලද ලාභය ඉක්මවා රු. මිලියන 4164 ක ලාභයේ දැවැන්ත වර්ධනයක් මෙම සමාගම 2015/ 16 මූල්‍ය වර්ෂයේදී ලබා ඇති අතර එය සියයට 433.75% ක අති විශාල ප්‍රතිශතයකින් ලාභය වර්ධනය කර ගැනීමකි.
දැනට ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය එම සමගම විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය තත්ත්වය දක්වන වාර්තාවලට අනුව මෙසේ රුපියල් බිලියන 5 ක් ලෙස සඳහන් වුව ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ම සකස් කරන ලදුව මේ වන විට පිට වී ඇති පරීක්ෂණ වාර්තාවට අනුව එම සමාගම මාස 14ක් වැනි ඉතා සුළු කලක් තුළ උපයා ගන්නා ලද ලාභය කලින් හෙළි වූවාට වඩා දෙගුණයක් හෙවත් රුපියල් බිලියන 10.1ක්, (රු .කෝටි 1000ක්) බව තහවුරු වී ඇත.මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට හිමිකම් ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය මෙතරම් ඉහල අගයක් ගනිද්දී එම සමාගම වැනිම අනෙකුත් ප්‍රාථමික සමාගම් එම කාලය තුළ උපයන ලද සමස්ත ලාභය රුපියල් මිලියන 533 ක් වැනි සාපේක්ෂව ඉතා අඩු අගයක් ගැනීමද විශේෂත්වයකි.
මුල්‍ය වෙළඳපොල නියෝජිතයන් පෙන්වා දෙන පරිදි වඩාත්ම හාස්‍යයට කරුණ වන්නේ වාර්තාවේ අඩංගු දැවැන්ත වංචාව ගැන සොයනු වෙනුවට එකී වාර්තාව පිටට ගියේ කෙසේ ද යන්න ගැන දැන් පරීක්ෂණයක් ආරම්භ වී තිබීමය.
මාධ්‍යවේදීන් වශයෙන් අප බැඳුම්කර මගඩිය සහ ඒ සඳහා මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු පිටවීම වැනි චෝදනා ගැන මහ බැංකුවේ පැවැති පසුගිය ප්රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රශ්න කළ හැමවිටම ඔහු කෝප් පරීක්ෂණය ගැන කිsයා හෙමිහිට ලිස්සා ගියේය. මෙසේ බැඳුම්කර වංචා චෝදනා ගැන එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළ මහ බැංකු අධිපතිවරයා, ඒවාට උදව් කරන බවට චෝදනා එල්ලවී ඇති මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිවක් නොකර, දැන් එම වංචා දූෂණ හෙළි කළ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව රහස් පොලිසි යන්නට තීරණය කර තිබේ. අගමැතිවරයාට මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට අවශ්‍ය වූයේ ආචාර්ය කුමාරස්වාමි නොව බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්මය. එහෙත් සමාජයෙන්, මාධ්‍යයෙන් සහ සිවිල් සංවිධානවලින් එල්ල වූ බලවත් විරෝධය නිසා ජනාධිපතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් නොකර, ඒ වෙනුවට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ව පත් කළේය. එලෙස බැඳුම්කර මගඩියට එරෙහි බලවත් මෙහෙයුමක් නොවන්නට අද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියා මහ බැංකු අධිපතිවරයකු ද නැත. එහෙත් අද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අගමැතිවරයා සමග සාකච්ඡා කරමින් බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන තොරතුරු මහජනයාට හෙළි කළ නිලධාරීන්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.
මුලු ලිපියම කියවන්න