විශාලතම_සරුංගලය

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,687
    113
    විශාලතම_සරුංගලය

    ලංකාවේ විශාලතම සරුංගලය සාදා ගුවනට යෑවීමෙන් පසු...

    ගිනස්‌ පොතට සරිලන සරුංගලයක්‌
    තැනීමට උපකාර පතන අපේ මිනිසෙක්‌......







    13-2.jpg
    13-1.jpg



    මෙම සරුංගලයට දිගින් අඩි 32 ක උණ බම්බුවකින් සහ පළලින් අඩි 28 ක උණ බම්බුවක්‌ද කුඩා උණ බම්බු 30 කින් ද පොහොර උර 152 ද සහ ලණු කැරලි 100 කින් සමන්විත වෙයි.

    එම සරුංගලය සාදනු ලැබුවේ පුත්තලම දිස්‌ත්‍රික්‌කයත් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයත් මායිමේ පදිංචි එම්. ජානක මහතායි.

    එය දිගින් අඩි 32 ක උණ බම්බුවකට සහ පළලින් අඩි 28 ක උණ බම්බුවකට මැද කොන ලණුවලින්ද සහ කුඩා උණ බම්බු 30 ක්‌ මගින්ද බැඳ මෙය සාදා තිබිණි. එය උඩු ගුවනට යෑවීමට සයිස්‌ 12 නයිලෝන් කඹ රෝල් 4 1/2 පමණ යොදා ගන්නා ලදි. උඩු ගුවනට යවනු ලැබුවේ ජානක මහතා සහ ප්‍රදේශවාසීන් විසින් බලගල්ල වැව අසබඩ සිටයි. අඩි 1500 පමණ ඈතට සරුංගලය ගියපසු එම්. ජානක මහතා එහි කඹයේ මුලින් එල්ලී ඉදිරියට ගියේය.

    15 දා මෙම අවස්‌ථාවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ සහ පොලිස්‌ නිලධාරියෙක්‌ දැක බලා ගැනීමට පැමිණ සිටියහ.

    සරුංගලය නිපදවූ ජානක මහතා මුහුණ දුන් දුෂ්කරතාව විස්‌තර කළේ මෙසේය.

    කුඩා කළ සිටම විශාල සරුංගලයක්‌ සෑදීමට දැඩි කැමැත්තක්‌ තිබුණා. එය ලෝකයෙන් ලංකාවේ පුත්තලම සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මායිමේ සිටින මාහට හැකි වුණා. මෙයින් මට මෙන්ම ලංකාවට කීර්තියක්‌ ලැබුණු ඇතැයි මා සිතනවා. මෙය සෑදීමට රැකියාවක්‌ ආදායමක්‌ නැති මා හට ඒ සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනිමට රුපියල් 20000 ක්‌ පමණ අවශ්‍ය වුණා. ඒ සඳහා මුදල් සොයා දානපතීන් ළඟට ගොස්‌ මහත් පරිශ්‍රමයකින් ලබා ගෙන සරුංගලය සෑදුවා. මේ සඳහා මාස 2 ක්‌ පමණ ගත වුණා. මීළඟ සරුංගලය රාජ්‍ය අනුග්‍රාහය මත සාදා ගිනස්‌ වාර්තා පොතට යෑවීමට කටයුතු කරනවා. ඒ සඳහා කවුරු හෝ දානපතියකු ඉදිරිපත් වන්නේ නම් බලාපොරොත්තුවෙන් සිටින බව ඒ මහතා පවසයි.

    බලගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලගල සමෘද්ධි කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී එච්. විඡේරත්න මහතා මෙම සරුංගලය සම්බන්ධව අදහස්‌ දැක්‌වූයේ මෙසේය.

    ජානක මහතාට සමෘද්ධි සමාජ පදනමෙන් මෙම සරුංගලය සෑදීමට අමුද්‍රව්‍ය සොයා ගැනීමට හැම අතින්ම සහයෝගය දුන්නා. ගමේ සෑම අයෙකුගේම විවිධ අතින් උපකාර ලැබුණා. තවත් එකක්‌ සෑදීමට රුපියල් 20000 ක්‌ පමණ වැය වන එම මුදල සොයා ගැනීමට යම්කිසි අයකු ඉදිරිපත් වන්නේ නම් මීට වඩා සැලසුම් ඇතිව ගිනස්‌ වාර්තා පොතට ප්‍රමාණවත් සරුංගලයක්‌ සෑදීමට හැකි බව ඒ මහතා කියා සිටියේය.

    මොහුගේ උත්සාහය සාර්ථක වීමට ගිනස්‌ පොතට වාර්තාවක්‌ තැබීමට විශාල සරුංගලයක්‌ සෑදීම සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ආධාර දිය හැකි දානපතියකු ඉදිරිපත් වන ලෙස ජානක සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී යන මහත්වරු මෙන්ම ප්‍රදේශවාසීහු ලක්‌වාසීන්ගෙන් ඉල්ලා සිටිති.


    සටහන සහ සේයා ඇන්ටන්, බෙනට්‌ ප්‍රනාන්දු මදුරන්කුලිය

     
    • Like
    Reactions: dgvirajm