විශාලා මහනුවර

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    විශාලා මහනුවර

    ඉන්දියාවේ අසිරිමත් පූජා භූමි

    image_7e43355297.jpg


    විශාලා මහනුවර කුඨාගාර ශාලාවෙහි අප සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සේක. ඒ අසලින්ම අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවෝද වැඩ හුන්හ. මොහොතකින් මහා ප්‍රජාපති ගෝතමිය ප්‍රධාන පන්සියයක් කුල කාන්තාවෝ පැවිදි වෙස් ගෙන කුඨාගාර ශාලාවට පැමිණ තමන්ට පැවිද්ද දෙන ලෙස ඉල්ලා සිටියහ.

    සිදුහත් කුමරුගේ සුළු මව වූ ප්‍රජාපති, ගෝතමියත් ඇගේ පිරිසත් මුලින්ම හමුවූවේ ආනන්ද හිමියන්ය. ආනන්ද හිමියෝ ඔවුනගේ අපේක්ෂාව කිහිප විටක් බුදු සමිඳුන්ට පැවසුහ. අවසානයේ බුදු රජාණන්වහන්සේ ගරු ධර්ම අටක් ඉදිරිපත් කර එය පිළිපැදිය හැකිනම් සසුනේ පැවිදි බව සථාන කළ හැකි බව පැවසූහ. ප්‍රජාපතිය ඇතුළු කාන්තාවෝ ඊට එකඟ වූ හෙයින් භික්ෂුණි සසුන ඇරඹිණ. මෙහෙණි සස්නේ ආරම්භය මෙහි සිදු වූ බැවින් කුඨාගාර ශාලාව ඓතිහාසික සිද්ධස්ථානයක් බවට පත්විය.

    මීළඟට විශාලාව වැදගත්කම වනුයේ ගෞතම බුදු රජාණන් වහන්සේ එහි සිට රතන සුත්‍ර දේශනාව සිදු කළ බැවිනි. එවකට විශාල මහනුවර දුර්භික්ෂ බය, රෝග බය, අමනුෂ්‍ය බය යන තුන් බිය ඇතිවූවේය.

    සශ්‍රීක පුරවරයක් වූ විශාලාවට තද නියං කාලයක් උද‌ා විය. සියලු ජල උල්පත් සිඳී ගිය අතර දැඩි ලෙස ආහාර හිඟවූවේය. සතුන් සාදුකින් තැන තැන මියගිය අතර මිනිසුන් සිදුවූ පීඩා අති මහත්විය. එසේම සොබා දහමේ ව්‍යසනයක් සමඟ පරිසරය පුරා අභිමානක නම් වසංගත ​ෙරා්ගයක් පැතිර යන්නට විය.

    රෝගින්ගේ කෙදිරිලි හඬ කුණු වූ මළ සිරුරුවල දුග ඳ ඇටසැකිලි ප්‍රදේශය පුරා පැතිරී ගියේය. මේත් සමඟම අමනුෂ්‍ය භයද සමාජය අරක්ගත්තේය. මුළු විශාලාවම තුන්බියෙන් සලිත විය.

    යාගහෝම පැවැත්වුවද සහනයක් නොවීය. මෙම විපත සංසිදුවන්නේ කෙසේදැයි ලිච්ඡවීහු කල්පනා කළහ. මේ බව රජතුමාට ද විපත දැන් වූහ. එහි අවසන් නිගමනය වූයේ බුදුන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමය. ඒ අනුව බුදුන් වහන්සේ විශාලාවට වැඩම කළහ. පන්සියයක් පරිවාර රහතුන් වහන්සේලා සමග රතන සුත්‍ර දේශනාව සිදු කළහ.

    යාගිධ භූතානී සමාගතානී
    භුම්මානිවා යාතිව අන්තලික්ඛෙ
    සබ්බේව භූතා සුමනා භවන්තු
    අරථාපි සක්කච්ච සුනන්තු භාසිතං


    භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නාවූ හෝ යම් අමනුෂ්‍යයෙක් මෙහි සිටිද, ඒ සියලු භුතයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. ඒ සියලු දෙනා මාගේ වචනය මහා කොට අසත්වා’’

    මේ ආකාරයෙන් ආරම්භ කළ රතන සුත්‍ර දේශනාව අවසන් වන විට මහා වැසි ඇද හැළෙන්නට වූවේය. පරිසරයේ තැන තැන තිබූ මළ මිනි සේම වෙනත් විෂබීජ සියල්ලක්ම නගරයෙන්ම ඇතට ගසා ගෙන ගියේය. නැවතත් පොළොව සශ්‍රික වී ගහකොළ පණ ගැන්විණ. සත්වයෝ නිරෝගී වූහ. තුන්බිය දුරු වී තුටින් පිරුණු පුරයක් වූවේය.
    විශාල නුවර වජ්ජී රාජ්‍යයේ අගනුවර පැවතියේය. එය පාලනය කරන ලද්දේ ලිච්ඡවී රජදරුවන් විසිනි. ඔවුන් පෙනුමෙන් සෝබා සම්පන්න වූ නිසාම ‘ලිච්ඡවීන්’ ලෙස හැඳින්වූ බව පැවසෙමි. මෙම රජදරුවෝ වජ්ජි රාජ්‍යයේ සාධාරණ හා සාමකාමී පාලනයක් ගෙන ගියහ. ඔවුහු සමගිව රැස්වීම, සමගිව සාකච්ඡා කිරීම, සමඟිව විසිරයාම තුළින් පුර්වාදර්ශයක් ලොවට දුන්හ.


    කුල ස්ත්‍රින්ට අවමන් නොකිරීම වැඩිහිටියන්ට ගරු කිරීම හා ප්‍රජා උතුමන්ට සැලකීම යන සප්ත අපරිහානි ධර්ම අනුගමනය කළහ. ඒ නිසාම එම් රාජපන් පාලනය ශක්තිමත් වී. එකමුතුව සමඟිය නිසා කිසිදු රාජ්‍යකට එය යටත්කරගත නොහැකි විය. ඊට හොඳම උද‌ාහරණ වන්නේ අජාසත් රජතුමා දික් විජය අනුගමනය කරමින් රාජ්‍ය ආක්‍රමණය කරමින් ගිය ද ලිච්ඡවීන් පාලනය කළ වජ්ජි රාජ්‍යය ආක්‍රමණය කළ නොහැකි වීමය. මේ පිළිබදව බුද්ධ දේශනාවන්හි සවිස්තර කර ඇත්තේය.

    එසේම බුදුන්වහන්සේ විසින් මෙම ශෝභා සම්පන්න යුක්ති ගරුක යහපත් ලිච්ඡවීන් තවුතිසාවේ දෙව්වරුන්ට සමාන කර ඇති බව මුලාශ්‍රවල සඳහන්ය.
    මෙවන් වූ ඓතිහාසික පසුබිමක් සහිත විශාලාවේ පැවති කුඨාගාර ශාලාවේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සුත්‍රය දේශනකර තිබේ.


    මෙවන් වූ ශ්‍රේෂ්ඨ පුරවරයක් වන විශාලාවේ බෞද්ධයෙකු දැක වැඳ පුදාගත යුතු ස්ථාන රාශියක් ඉතිහාසයේ දැක්වෙයි. ඉන් කීපයක් අද දක්නට ලැබෙයි. ඇතැම් ස්ථාන කාලයක් සමඟ විනාශයට ගොසිනි.


    image_65dc2031dd.jpg

    විශාලා නුවර සිංහ කණුව අසල විහාරය



    කුඨාගාර ශාලාව

    බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩම කළ බොහෝ අවස්ථාවල වැඩසිටියේ ​මේ ස්ථානයේය. උන්වහන්සේට වැඩසිටිම සඳහාම සුගන්ධ කුටියක් කරවා භික්ෂූන් සඳහා ආරාම රාශියක් කරවා තිබු බවත් පැවැසෙයි

    මෙම ස්ථානයට කුඨාගාර යන නම ලැබී ඇත්​ෙත් උස් මුදුන් වහළ සහිත ගොඩනැගිලි කීපයක් පැවති නිසා බව මුලාශ්‍රවල දැක්වේ. මෙහෙණි සසුනේ ආරම්භය මෙහිදී සිදුවීමද තවත් ඓතිහාසික සිදුවීමකි. සච්චක බ්‍රහ්මණයන් තෙරුවන් සරන ගියේ ද මෙහිදීය. එසේම බුදු රදුන් තවත් තෙමසකින් පිරිනිවන්පාන බවට භික්ෂු සංඝයාට දැනුම් දී තිබුණේද මෙහි වැඩ සිටියදීය.

    බුදුන් වහන්සේගේ පස් වන වස් කාලය ගත කළ ස්ථානයෙන් පළමුවරට බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර සාදන ලද ධාතු ස්තූපයෙන් නටබුන් තවමත් නිරුත්තව පවති. අද එහි ආරක්ෂාව සඳහා වටකුරු වහල සහිත ගෘහයක් සාදවා තිබෙනු දැකගත හැකිය.

    මෙම ස්ථානයට ආසන්නයේම තවත් චෛත්‍යයක නටඹුන් හා සිංහ කුලුනක් දක්නට ලැබේ. එහි ඇති චෛත්‍යයේ ආනන්ද තෙරුන්ගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති බවට විශ්වාස කරයි.

    වාළුකාරාමය

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රධාන ධර්ම සංගායනා 3 ක් පැවැත්විණි. ඉන් දෙවැනි ධර්ම සංගායනාව සිදුවුවේ විශාලා මහනුවර වාළුකාරාමයේදීය. ඒ වජ්ජි පුත්තක භික්ෂූන් විසින් දස අකැප වස්තු කැප යයි පැවසීම හේතුකොටගෙනය. මේ ස්ථානයේ පසුකලක නිමවන ලද ස්තූපයක නටබුන් තිබෙනු දුටුබව හියුංසා භික්ෂූන් වහන්සේගේ දේශාවන වාර්තා වේ සඳහන්ව ඇත. එසේම අශෝක ස්ථම්භයට ඊසාන දිගින් පිහිටි උස්භුමිය වාළුකාරාමය පැවති භූමිය බව ආචාර්ය පී.ඩී මුඛර්ජී මහතා පෙන්වා දෙයි.


    චාපාල චෙතිය

    තම ආයු සංස්කාරය පිළිබඳව බුදුරදුන් පළමුවරට ආනන්ද තෙරුන්ට පැවසුවේ මෙම ස්ථානයේදීය. එහෙත් ආනන්ද තෙරුන්ගේ සිතිවිලි මාරයා පාලනය කරන්නට වූ බැවින් ආනන්ද තෙරුන්ට බුදුන්වහන්සේට පිරිනිවන් නොපාන ලෙස ඉල්ලා සිටිය නොහැකි විය. එි අනුව මාරයාට බුදු රජාණන්වහන්සේ තමා තව තෙමසකින් පිරිනිවන් පාන බව පවසා ආයු සංස්කාරය අත්හළ සේක. මෙම ඓතිහාසික ස්ථානයේ පිහිටි ස්ථූපයක් හියුංසා භික්ෂුව දුටුබව දේශාටන වාර්තාවේ සඳහන්ව ඇත්තේය.

    ලිච්ඡවී රජුන් සර්වඥධාතු නිදන්කර සැදු ස්තූපය

    සම්බුද්ධ පරණිර්වානයෙන් පසු සර්වඥ ධාතුන් වහන්සේ කුරුණියක් පමණ තැන්පත් කර මහා සෑයක් කරවා තිබේ. එහි නටබුන් අද ද දක්නට ඇති අතර සධාතුක කරඩුවක්ද එම ස්ථානයෙන් හමුවී ඇත. මෙම පූජනීය ස්ථානය වෛශාලි කෞතුකාගාරය අසල පිහිටා තිබේ.

    මීට අමතරව උදේනි නම් යක්ෂයෙකු භවනක් සාදාගෙන තිබු රුකක් අසල විහාරයක් කරවා තිබු බවත් එය ‘උදේනි චේතිය’ ලෙස හැඳින්වූ බවත් වංශකතාවල සඳහන්වෙයි.
    විශාලාවට දකුණු දෙසින් ‘ගෝතමක චේතිය’ සුත්‍රය දේශනා කළ ස්ථානය ගෝතමක ​ෙචතිය ලෙස එදවස වන්දනාවට ලක් වූ බවත් කියවෙවි.


    මීට අමතරව පත්තම්භක චේතිය, බහුපුත්තක චේතිය සාරනන්දචේතිය යනාදි ස්තුපද පිහිටා තිබු බව ජනප්‍රවාදයේ කියවෙයි.

    image_0dd5031a50.jpg

    ලිච්ඡවි රජ දරුවෝ බුදුන්ගේ ධාතු නිධන් කොට තැනූ චෛත්‍ය



    ලිච්ඡවීන් සමුගත් තැන කරවූ කේසරියා ස්තුපය

    මෙය විශාලා නුවරට සැතපුම් 30 ක් පමණ වයඹ දිගින් පිහිටා ඇත. අතීතයේ මෙම ස්ථානයේ කාලාම තවුසන් ජීවත් වූ බවත්, බුදුන්වහන්සේ පිරිනිවන් පෑමට කුසිනාරාම බලා වඩින විට ලිච්ඡවීන් ශෝකාකුලව පසුපස පැමිණි අතර ඔවුන් වැළැක්වීම සඳහා උන්වහන්සේ ප්‍රාතිහාර්ය ගංගාවක් මැවු බවත්, සිහිවටනයක් ලෙස ලිච්ඡවීන්ට පාත්‍රය පිරිනැමු බවත් සඳහන්ය.

    එදා ලිච්ඡවීන් නැවතුන තැන පසු කලෙකදි ධර්මාශෝක රජු විසින් ස්තුපයක් කරවා ඇති අතර එය කේසරියා ථුපය බව ජෙනරල් කනින්හැම් හඳුනාගෙන තිබේ. මෙම ස්ථානයේ විශාල ආරාම සංකීර්ණයක නටබුන් අද දක්නට ලැබේ.

    පුජ්‍ය බානගල උපතිස්ස නාහිමි මහා බෝධි සමාගමේ සභාපති ජපානයේ සංඝනායක

    image_4e7f8c56c8.jpg
    විශාලා මහනුවර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටලා තිබෙන්නේ. බුද්ධගයාව, නාලන්දාව, කුසිතාරාම යන පූජනීය ස්ථානවලට හරි මධ්‍යයේ මෙම ස්ථානය දැකගන්න පුළුවන්. වෛශාලිය විතරක් බලන්න යන අයෙකුට ලේසිම ක්‍රමය තමයි බිහාර් ප්‍රාන්තයේ අගනුවර පැටිනාවලට ගිහින් (කිලෝමීටර් 56) යන එක. ඒත් වන්දනාකරුවන් විශාලවට පමණක්ම යන්නේ නෑ.


    බුද්ධගයාවේ සිට යනවා නම් විශාලාවට දුර කිලෝමීටර් 157 ක් තිබෙනවා. කුසිනාරාවේ ඉදලා එනවානම් කි.මීටර් 168 ක් තිබෙනවා.

    කෙනෙක් බුද්ධගයාව බලලා රාජගිරියට ගිහින් වෛශාලිය බලන්න යනවානම් එතන කිලෝමීටර් 147 ක් තිබෙනවා.

    විශාලා මහනුවර මහා​බෝධි මධ්‍යස්ථානයක් නම් නෑ. ඒත් ආනන්ද බෝධි සමාගමෙන් ලංකාරාමයක් හදලා තිබෙනවා. එහි සභාපති පස්ගොඩ වන්දවිමල හාමුදුරුවෝ උන්වහන්සේ ඉතාම ලස්සන පන්සලක් හදවලා තිබෙනවා. එහි වන්දනාකරුවන් 250 කට පමණ නවාතැන් ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශයේ දරුවන් සඳහා පාසලක් හදලා තිබෙනවා. ඒ ඥානවිමල හාමුදුරුවොත් අනිත් ජපන්, තායි, වියට්නාම පන්සල් වල හාමුදුරුවරුන් සම්බන්ධකරගෙනයි.

    මේ ස්ථානය 1861 දී ඇලෙක්සැන්ඩර් කනින්හැම් නම් පුරා විද්‍යාඥයා නම් සොයා ගත්තේ. ඉන්පස්සේ තමයි වන්දනාකරුවන් එන්න පටන් ගත්තේ.

    මේ ස්ථානයේ විශාල ලස්සන අශෝක ස්ථම්භයක් තිබෙනවා. එය අශෝක ස්තම්භවලට වඩා වෙනස්. වෙනත් අශෝක ස්ථම්භවල සිංහයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒත් මේකේ එක සිංහ රූපයයි.

    ඉතිහාසයට අනුව සමිඳුන් අවදානමට මෙතන ඉඳලයි පිරිනිවන් පාන්න කුසිනාරා නුවරට ගියේ. බුදුරජාණන් වහන්සේ වඩින දිහා සිංහයා දුකෙන් බලාගෙන ඉන්නවා නිරුපණය කරන්නය මෙලෙස එක සිංහරූපයක් හැදුවේ.

    හැම තැනම අශෝක කුලුන කඩාදාලා තිබුණත් මෙතන කුලුන පමණක් තවමත් නිරුපද්‍රිත අලංකාරව නැගි සිටිනවා. ඉන්දීය රජයත් මෙහි සංවර්ධනය වෙනුවෙන් යම් යම් වැඩ සටහන් කරනවා. වෙනදා නොතිබුණි සංවර්ධනයක් දැන් දක්නට ලැබෙනවා.....



    සටහන - කුමාරි හේරත්
    ඡායාරූප අන්තර්ජාලයෙනි
     
    • Like
    Reactions: lahirufx+

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැරදිනෙ
    බුධූහාමුදුරුවො විශාලා ණූවරට යන්න කියන එක දෙවිවරුන්ට ආරන්චි වෙනවා.එහන්ද නගරය අපිරිසිදු හන්ද වැස්සවලාහක දෙවියො ගිහින් වැස්ස වස්සලා නගරය පිරිසිදු කරනවා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    වැරදිනෙ
    බුධූහාමුදුරුවො විශාලා ණූවරට යන්න කියන එක දෙවිවරුන්ට ආරන්චි වෙනවා.එහන්ද නගරය අපිරිසිදු හන්ද වැස්සවලාහක දෙවියො ගිහින් වැස්ස වස්සලා නගරය පිරිසිදු කරනවා

    athishayokthi :rolleyes:
     

    Similar threads