විශාල විනාශය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    රටට මේ ඇතිවුණු විපතට වගකිව යුත්තන් සෙවිය යුතු කාලයක් නොවේ මේ .

    නමුත් උද්දච්ච කම සහ නොහැකියාව පෙන්වා අනෙක් අයගේ සහයෝගය ලබා ගැනීම රජයේ වගකීමයි .

    මේ වගකීමෙන් පලා යාම සහ පක්ෂවලට කොකා හෝ නෝක්කාඩු කීම පළ නැත .

    මැරුණ අයට පන දීමට නොහැකිය , එවැනි වචන කිමද විහිළුවකි .

    විශාල කුණාටුවක් ඒමට නියමිත බව සියලුම සාධක ලබා දී තිබුනද, කිසිදු තැකීමක් නොකිරීම පාස්කු ප්‍රහාරය වැලක් නොවිවිම වැනි වරදකි . පාස්කු ප්‍රහාරය වැලක් වීමට නොහැකිවීමෙන් 300 කට අධික පිරිසක් මියගිය අතර, මේ වියසනය හමුවේ අනිවාර්යෙන් 1000කට අසන්න පිරිසක් නැති වෙනු ඇත . රජයට අනිවාර්යෙන් නඩු වැටෙනු ඇත .
    සිරිසේන ට වන්දි ගෙවීමට සිදුවූ අයුරින් වන්දි ගෙවීමට සිදු වෙනුද ඇත .

    අද වෙනවිටත් බොහෝ පෙදෙස් වලට වතුර නැත , විදුලිය එනවා යනවාය
    ආණ්ඩුව තාමත් කරන දෙයක් නැත

    රටේ මිනිස්සුම විපතට පත් අයට හැකි අයුරුන් තවමත් තමන්ගේ වියදමින් උදව් කරමින් සිටි .

    කුඩා දරුවන් , පවුල් පිටින් කඳුවලට යටවී ඇත .

    ගොඩගන්නේ 8 පාස් සොල්දාදුවන්ය. අඩුගානේ අනුර එක ගමකට ගියාද?
    යන්න බයයි

    වෙල්ලවල් කලින්ම ඇරලා වතුර මෙච්චර පිරෙනකල් ඉන්නේ නැතුව මේ වියසනය නැතිකරගන්න හැකියාව තිබුණි .

    - අයවැය කථා
    - තංගල්ල රැස්වීම
    - සිනමා පට බෙදාහැරීමේ පුද්ගලයින් හමුවීම
    - ඉල් මහා සැමරුම

    මේවා තමයි එයාලට ඉතාම උවමනාවෙන් කරගන්න තිබුණු දේවල්

    ආණ්ඩුවට බැන වැදී අපේ කාලය කා දැමීම නොවටිනේය .
    ලංකාවේ අනාත්වී සිටින අයට අවශ්‍ය වියලි ආහාර සහ අනෙකුත් දෑ අපත් එකතු කරමින් සිටි , දින කිහිපයකින් කන්ටේනර් ලංකාවට පිටත්වෙනු ඇත .

    මුදල් නොව , මිනිස්සුන්ට අවශ්‍ය දේ ලබාදෙන්න.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,666
    8,346
    113
    ඔමායා නම් ඊයෙ හොදට ජංගී ලන්කට් ටිකයි හේදුවා