::විශිෂ්ට නිර්මාණකරු -සරච්චන්ද්‍ර ::

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
::විශිෂ්ට නිර්මාණකරු -සරච්චන්ද්‍ර ::

විශිෂ්ට නිර්මාණකරු -සරච්චන්ද්‍ර







ey1.jpg





වේදිකාවේදී ලාංකික අපටම ආවේනික වූ නාට්‍ය සම්ප‍්‍රදායක් ගොඩනගන්නට ඉමහත් වෙහෙසක් දැරූ මහා ප‍්‍රාඥයෙකි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර.1914 ජූනි 03 වැනිදා දකුණේ රත්ගම හි උපන් මොහුගේ පියා නමින් චාල්ස් ප‍්‍රැන්සිස් ද සිල්වා ය. මව ලිඩියා පින්තුය. දෙමාපියන් මොහුට තැබූ නම වූයේ යුක්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා යන්නය. කෙසේ වුවද පසු කලෙක සිය දෙමාපියන් තැබූ පෘතුගීසි නම බැදිතන්තිරිගේ එදිරිවීර රාජිත සරච්චන්ද්‍ර නමින් වෙනස් කර ගත්තේය.සරච්චන්ද්‍රයන්ගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකු වූ අතර ඔහුට ඇවැසි වූවේ තම පුත‍්‍රයාට බටහිර ආරයට හැඩ ගැසුණු උගතකු කිරීමට ය. සරච්චන්ද්‍රයින්ට පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය හැදැරීමට සිදුවිය. ගාල්ලේ සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ලේ රිච්මන්ඩ්, පානදුර ශාන්ත ජෝන් විදුහල ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලින් ද නැවතත් ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහලින් ද ඔහු සිය අධ්‍යාපනය හැදෑරීය. පාසල් අවදියේ සිටම ‘සරච්චන්ද්‍ර’ නමින් පුවත්පත් වලට ලිපි ලියූ ඔහු පසුව එය සිය වාසගම බවට පත්කර ගත්තේය.සරච්චන්ද්‍රයන් දක්‍ෂ ඉංග්‍රීසි ලේඛකයෙකි. ඔහු නිතරම ඉංග්‍රීසි කෙටිකතා හා කවි නිර්මාණයෙහි යෙදුණේය. පියාගේ යොමු කිරීමෙන් ඔහු බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ දැනුම ලබාගත්තේය. ගැමි ගීත හා දේශීය සම්ප‍්‍රදායන් පිළිබඳ ගමින් ගමට අධ්‍යයනය ද ඔහුට ඉමහත් සතුටක් ගෙන දුන්නේය. කොළඹ යුනිවර්සිටි කොලීජියට ඇතුළු වූ හෙතෙම පාලි හා සංස්කෘත අධ්‍යාපනය ප‍්‍රගුණ කළේ පූජ්‍ය ආචාර්ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමි හා ගුණපාල මලලසේකර වෙතිනි. වර්ෂ 1936 ගෞරව උපාධි ලබමින් විශ්ව විද්‍යාලයෙන් පිටවුණු හෙතෙම සිලෝන් ඩේලි නිවුස් පත‍්‍රයට සම්බන්ධ විය. 1939 භාරතීය දර්ශනය හා සංගීතය හැදෑරීමට රබින්ද්‍රනාත් ඨාකුර් ගේ ශාන්ති නිකේතනය බලා පිටත් විය. සිය අරමුණු මුදුන්පත් කර ගත් ඔහු ලංකාවට පැමිණ ශාන්ත තෝමස් විද්‍යාලයෙ ගුරුවරයෙක් වශයෙන් සේවය කළේය. පසුව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වශයෙන් සෙවයට බැඳුණේය. සරච්චන්ද්‍රයන් විසින් ලියන ලද මුල්ම ග‍්‍රන්ථය මුද්‍රණය වූයෙ ද මේ සමයේය.1944 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් බාහිර අපේක්‍ෂකයකු ලෙස පෙරදිග දර්ශනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය හිමිකර ගත් මොහු පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨයට සම්බන්ධ වී නිල වශයෙන් පාලි හා බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධුරය හෙබවීය.
ශාස්තී‍්‍රය පර්යේෂණ, නාට්‍ය කලාව, සාහිත්‍ය නිර්මාණය, විචාරය, සංගීතය, දර්ශනවාදය හා සමාජ විශ්ලේෂණය වැනි ඔහු අතගැසූ සෑම ක්‍ෂෙත‍්‍ර‍්‍රයකම දීර්ඝ කාලීන බලපෑමක් ඇති කිරීමට සරච්චන්ද්‍රයන් සමත් විය. පේරාදෙණිය තුළ සරච්චන්ද්‍රයන් ඇති කළ අර්ථවත් පරිවර්තනය සිංහල නාට්‍ය කලාවේ පුනරුදයට හේතු විය. 1950 සිට 1967 දක්වා කාලය තුළ නාට්‍ය කෘති 21 ක් ලියා නිෂ්පාදනය කළේය.සරච්චන්ද්‍රයන් නිෂ්පාදිත නාට්‍ය ගම් දනව් කරා ගොස් රංගතවෙද්දී විශ්ව විද්‍යාලය හා සාමාන්‍ය රසික රසිකාවියන් අතර ප‍්‍රශස්ත මට්ටමේ සම්බන්ධකම් ගොඩනැගිණි. මනමේ සහ සිංහබාහු තුළින් සරච්චන්ද්‍ර නමැති ගීත රචකයා කවියා ඉස්මතුව පෙනිණ. සිංහබාහු කෘතියේ සිංහයා ගේ විලාසය පෙ‍්‍ර්ක්‍ෂක සිත කම්පාවට පත් කරවීමට සමත් විය.විශ්ව විද්‍යාල ආචාර්යවරයකු පර්යේෂකයකු හා කලාකරුවකු වශයෙන් සරච්චන්ද්‍රයන් සරසවිය තුළ ඇති කළා වූ ප‍්‍රබෝධය ද්‍රවිඩ නාට්‍ය කලාවේ පුනරුදයට ද හේතු විය. චීන, ජපන් හා භාරතීය සම්ප‍්‍රදායන් හදාරමින් හා ආසියාතික සංස්කෘතියෙ මූලයන් ගවේෂණය කිරීම උදෙසා සරච්චන්ද්‍රයන් කළ යුග මෙහෙවර අගය කිරීමක් වශයෙන් 1980 දී යාපන විශ්ව විද්‍යාලයෙ ප‍්‍රථම උපාධි ප‍්‍රදානෝත්සවයේදී “සාහිත්‍ය සූරී” ගෞරව උපාධියෙන් එතුමාව පිදුම් ලැබීය.එසේම ‘කුමාරන් අසාන්’ විශ්ව සම්මානය ඉන්දියාවෙන් ද ‘මැග්සේසේ’ ජාත්‍යන්තර සම්මානය පිලිපීනයෙන් ද ‘ස්වර්ණ රජත’ සම්මානය ජපානයෙන් ද සරච්චන්ද්‍රයන් වෙත ප‍්‍රදානය කෙරිණි. මෙසේ සිංහල නාට්‍ය කලාවට ඉමහත් වූ සේවයක් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ 1996 අගෝස්තු 16 වැනිදා අපෙන් සමුගත්තේය.



Source

එතුමාගේ නිර්මාණ අතරින් ඉතා විශිෂ්ඨ නිර්මානයක් වූ "සිංහබාහු" වේදිකා නාට්‍යය


Sinhabahu%20pic%201B.jpg


Sinhabahu%20picture%201.jpg


Sinhabahu%20picture%202.jpg


z_p-25-%60Maname%E2%80%99.jpg


mweek2.jpg






නැවතත් මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහි වේවායි, අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.

:yes::yes::yes::yes::yes:

 

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
ගොඩක් කාලෙකින් EK එක පැත්තෙ ආවෙ.ඔන්න ආපු ගමන් chk99 අයියගෙ ත්‍රෙඩ් එකට comment කරා:).
rep3+
 

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
ගොඩක් කාලෙකින් EK එක පැත්තෙ ආවෙ.ඔන්න ආපු ගමන් chk99 අයියගෙ ත්‍රෙඩ් එකට comment කරා:).
rep3+

:):):)
එල තැන්කිව් unknown මල්ලි
…ගොඩක් කාලෙකින් දැක්කෙ
:D:D:cool::cool:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ග්‍රී ලංකා නාට්‍ය සම්ප්‍රදාය උඩු කටිකුරු කර
    අලුත් මගකට යොමුකල මෙතුමාට
    නිවන් සැප........!
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ග්‍රී ලංකා නාට්‍ය සම්ප්‍රදාය උඩු කටිකුරු කර
    අලුත් මගකට යොමුකල මෙතුමාට
    නිවන් සැප........!

    මෙවන් විශිෂ්ට නිර්මාණකරුවන් යලිත් බිහි වේවායි යන්න අපේ පැතුමයි.
    :yes::yes: