"මගේ පුහුණුව හරිම භයානක වුණා, මම කෑවෙ හරිම නරක විදියට. කෑම ගන්න වෙලාව හැමදාම ප්‍රමාද කළා, හැමදාම බීම එකක් හෝ දෙකක් බිව්වා. දවසක් මම කණ්ණාඩියෙන් මං දිහා බලාගෙන මං ගැනම හිතුවා. මට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ඕනනම් මෙහෙම කරලා බෑ කියලා මටම කියාගත්තා. මම නියම මට වඩා කිලෝ ග්‍රෑම් 11 ක්,12 ක් බර බව එදා දැනගෙන හිටියා. ඉතින් ඊලග දවසෙ උදේ ඉඳන් මම කරේ කන බොන දේ ඉඳලා පුහුණු කරන දේ දක්වා හැමදේම වෙනස් කරපු එක. මම මට අපහසු පුහුණුවක් තෝරගත්තේ. ඇත්තටම ඒක අමාරුයි. ඒත් ඒ බිහිසුණු කාල සීමාවෙන් පිටතට එන්න ඒ වගේ පුහුණුවක් තෝරාගත්ත එක ගැන අදටත් මම මටම ස්තූතිවන්ත වෙනවා"
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙදි, ලාරාට, සංගක්කාරට, තෙන්ඩුල්කාර්ට විතරක් නෙමෙයි, සර් ඩොනල්ඩ් බ්රැඩ්මන්ඩ්ට පවා අභියෝගයක් වෙච්ච ලොව අංක එකේ පිතිකරු විරාට් කෝලි තමන්ගේ විස්මිත සාර්ථකත්වය පිටුපස තිබෙන උග්‍ර පුහුණුව ගැන මාධ්‍ය සාකච්ඡාවකදි විස්තර කරන්නේ එහෙමයි. King kholi, The run machine යන අනුවර්ථ නාමයන්ගෙන් ලොව සියළු වර්ගයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ජනාධරයට පත්වෙච්ච ඔහු අද වෙද්දි තමන්ගේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම නැගෙමින් ලොව අංක එකේ පිතිකරුවා ලෙස වැජඹෙනවා. කෝලිගේ සාර්ථකත්වය, බහුතරය නිතර කතාවෙන මාතෘකාවක් වුණත්, එහෙම කතාවෙන බොහෝ අය නිතර කියන්නේ කෝලි කියන්නේ ක්‍රිකට් පිටිය තුළ වාසනාවන්ත ක්‍රීඩකයෙක් කියලයි. එහෙමත් නැත්නම් සහජයෙන්, උපතින්ම ක්‍රිකට් අරගෙන ආපු ක්‍රීඩකයෙක් කියලයි. නමුත් කෝලි කියන විදියටනම් ඔහුට හැම තරඟෙම ලකුණු රැස් කරන්න, පිටිය වර්ණවත් කරලා හයේ ඒවා ගහන්න,ඉන්දියානු ප්රේක්ෂකයො පිස්සු වට්ටන්න හේතුසාධක වෙන්නෙ වාසනාව හෝ සහජ හැකියාව නෙමෙයි. තමන්ගේ උග්‍ර පුහුණුව හා අඛණ්ඩ කැපවීම. දැඩි උත්සහය හා දරාගැනීම.
කෝලි විතරක් නෙමෙයි, ලොව ඕනෑම ක්ෂේත්රයක ඕනෑම වර්ගයේ විශිෂ්ඨයෙක් බිහිවෙන්න උග්‍ර, අඛණ්ඩ පුහුණුව අනිවාර්යයෙන්ම හේතු සාධක වෙනවා. අන්තර්ජාතික මට්ටමේ මහා පරිමාණ ජයග්‍රහණ වගේම, ප්‍රාදේශීය මට්ටමේ සුළු පරිමාණ ජයග්‍රහණ ලබන්න වුණත් කෙනෙකු පසුපස ඇති විශාලම බලවේගය ලෙස ඔහුගේ පුහුණුව ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපාරිකයෙකු වුණත්, ක්‍රීඩකයෙකු වුණත්, ගායකයෙකු වුණත්, වෙනත් කුමන ක්ශේත්‍රයේ නියැලුණත් තමන්ගේ ක්ෂේත්රයේ විශිෂ්ඨයෙක් වෙන්න ඔබ හිතනවනම්, කල්පනා කරනවනම්, ඔබ පුහුණුව තෝරාගත යුතු වෙනවා. පුහුණුව ප්‍රගුණ කල යුතු වෙනවා. පුහුණුව උග්‍රව, අඛණ්ඩව පුරුදු පුහුණු කල යුතු වෙනවා.
ඉන්ධන පුරවන්න - Oil your tank
විශිෂ්ඨ ගායකයෙක්ට තමන්ගේ කටහඩ පාලනය කරන්න, වැරදීම් අවම කරගන්න, අලංකාර නිර්මාණය කරගන්න, දෛනික පුහුණුවීමක් අත්‍යාවශ්‍ය වෙනවා. මළල ක්‍රීඩකයෙකුට තම ඔලිම්පික් ඉසව්ව ජයග්‍රහණය කරන්නනම් දින, සති හෝ මාස ගණනාවක පෙර පුහුණුවක් අත්‍යාවශ්‍ය වෙනවා. ඉංජිනේරුවෙකුට, වෛද්‍යවරයෙකුට වුණත් තමන්ගේ විශය කොටස් නිරන්තරව මතක තියාගන්න, විශේෂයය දැනුම අඛණ්ඩව කලමණාකරණය කරන්න දෛනික පුහුණුවක්, දෛනික අධ්‍යනයක් අත්‍යාවශ්‍ය වෙනවා. පුහුණුව ඕනෑම ක්ෂේත්රයක ඕනෑම විශිෂ්ඨයෙක්ට ඒ තරමට වැදගත් වෙන්නෙ ඇයි කියලා දැන් ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තෙන්ම පුහුණුව කෙනෙකුට වැදගත් වෙන හේතු සාධක කීපයක් තියනවා.
"To stick with your dream" කියන සධකය ඒ අතර ප්‍රධානයි. සාමාන්‍යයෙන් පුහුණුවකදී සිද්ධවෙන්නේ අනාගත සංග්‍රාමයකට කෙනෙකුව සූදානම් කිරීම. එහෙමත් නැත්නම් කිසියම් සිහිනයක් ජයගන්න, අරමුණක් සාක්ෂාත් කරගන්න ඔහුව හෝ ඇයව ලක ලෑස්ති කිරීම. පුහුණුවකදි නිරන්තරවම කෙනෙකුට තමන්ගේ සිහිනය, අරමුණ නැවත නැවතත් මතක් කර දෙනවා. සිහිනය, අරමුණ කෙරෙහි ඒ පුද්ගලයාව හොඳින් නාභිගත කරනවා. තදින් සම්බන්ධ කරනවා. පුහුණුව අමතක වීම කියන්නෙම සිහිනය අමතක වීම කියලා අපි වචනෙට කියන්නේ ඒකයි.
තවත් අතකට කෙනෙකු පුහුණුවෙන් ඈත් වුණාම ඔහුගේ කායික වගේම මානසික රිද්මය ගිලිහෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිතර පුහුණුවීම්වල නිරත වෙද්දි ඔහුගේ ශරීරයත්, මනසත් කියන දෙකම හැඩගෙසෙන්නේ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සඳහා අවශ්‍ය වෙන යම්කිසි රිද්මයකට. පසුබිමකට. ඔබේ වචනයෙන් කිව්වොත් රිදම් එකකට. පුහුණුවේදී අදාල ක්‍රීඩකයාගේ ඇට, ලේ, මස් නහර වලට විතරක් නෙමෙයි, මනසේ ගැඹුරුම අවකාශ වලටත් පුහුණුවෙන් ලැබෙන පන්නරය එන්නත් වෙනවා. ඉන් පස්සේ තමයි අදාල ක්‍රීඩකයාට ක්‍රිකට් ඇඟේම තියනවා වගේ ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙන්නේ. වැඩ පෙන්වන්න පුළුවන් වෙන්නේ.වාහනයක් දුවන්න ඉන්ධන අවශ්‍ය වෙනවා වගේ පුහුණුවකින් ඔබට ඔබගේ සිහිනයට දුවන්න ඉන්ධන ලබාදෙනවා. සමහර වාහන පනගැන්වෙන්න සමහර වෙලාවට පොඩි තල්ලුවක් දෙන්න ඕන වගේ ඔබට ඔබගේ අරමුණු පණගන්වන්න පුහුණුවෙන් තල්ලුවක් ලැබෙනවා.
විශ්වාසය ගොඬනැගීමත් පුහුණුව කෙනෙකුට වැදගත් වෙන්න, අත්‍යාවශ්‍ය වෙන්න වැදගත්ම සාධකයක් වෙනවා. රියැලිටි තරගයකට සහභාගී වෙන එකිනෙකට වෙනස් තරඟකරුවෙන් දෙදෙනෙක් ගත්තොත් පුහුණුවකින් පස්සේ තරඟයට මුහුණ දෙන කෙනා, පුහුණුවක් නැතුව මුහුණ දෙන කෙනාට වඩා ආත්ම විශ්වාසය සහිතව තරඟ කරනවා. ඊට හේතුව වෙන්නේ "ඔව් මට පුළුවන් කියන දේ" ඔහු පුහුණුවේදී කලින් අත්විඳලා තියෙන එක. පුහුණුවක් නැතුව බොහෝ විට අලුතින්ම මුහුණ දෙන කෙනෙකුට තමන්ට පුළුවන්ද කියන ගැටළුව නිරන්තරයෙන් මනසේ තියෙන්න පුළුවන්. නමුත් පුහුණුව සහිත කෙනා සබකෝලය, බිය හා අවිශ්වාසය නැතුව වේදිකාව ජයගන්නවා. පුහුණුව තුළින් ආත්ම විශ්වාසය ගොඬනගාගෙන ඒ තුළින් ජයග්‍රහණය සනිටුහන් කරනවා.
පුහුණුව තරමට ප්‍රතිඵල - Results according to training
පුහුණුවත්, ප්‍රතිපලත් නිරන්තරවම සමාන්තරව, එක්ව එකට ක්‍රියාත්මක වෙනවා. පුහුණුව සෑමවිටම කෙනෙකුගෙ ප්‍රතිඵල වලට සෑමවිටම සමානුපාතික වෙනවා. ඔබ ලබාගන්නේ සුළු පුහුණුවක් නම් ඔබට සුළු ජයග්‍රහණ ලැබෙනවා. ඔබ ලබාගන්නේ උග්‍ර පුහුණවක් නම් ඔබට විශාල ජයග්‍රහණ ලැබෙනවා. ඔබ පුහුණුවක් ලබාගන්නේ නැත්නම් ඔබට ජයග්‍රහණ නොලැබී යනවා. ඒ ඔබ වී වැපිරුවොත් ඔබට සහල් ලැබෙනවා වගේ සරල සාමාන්‍ය කාරණාවක්. නමුත් ඒ කාරණාව තේරුම්ගත නොහැකිව බොහෝ අය ක්‍රීඩාවේත්, ව්‍යාපාර ලෝකයේත්, සැබෑ ජීවිතයේදීත් පරාජිතයන් සේ ජීවත් වෙනවා.
"මම මගේ පුහුණුවේ සෑම මිනිත්තුවකදීම විඳෙව්වා. ඒත් මම මටම කියාගත්තා නවත්වන්න එපා අලී, දැන් විඳවන්න. ජීවිතයේ ඉතිරි කාලය විශිෂ්ඨයෙක් විදියට ජීවත් වෙන්න කියලා"
මොහොමඩ් අලී 1937 heavyweight boxing වළල්ලෙදි මුලින්ම ශූරයා බවට පත්වෙනවා. 1964, 1974 වර්ෂවලදීත් ශූරයා ඔහු. එතෙක් මෙතෙක් බොක්සින් වළල්ලේ විශිෂ්ඨතමයා ලෙස අදටත් සලකන්නේ ඔහුව. අද විතරක් නෙමෙයි, අදින් වසර ගණනාවකට පස්සෙත් මොහොමඩ් අලී ගැන මිනිස්සු එහෙමම කතා කරයි. ඔහුව විශිෂ්ඨයෙක් විදියට සලකයි. අලී පුහුණුවේදී බලාපොරොත්තු වූ ප්‍රතිඵල ඉදිරියටත් ඒ විදියටම මිනිසුන්ට දකින්න පුළුවන් වෙයි.
ඇත්තෙන්ම මොහොමඩ් අලී, සෙසු සියළු බොක්සින් ක්‍රීඩකයන්ට වඩා උග්‍ර,වේදනාකාරී පුහුණුවක් ලබපු කෙනෙක්. මූණ තැලෙන්න, නහය කැඩෙන්න ගුටි කාපු දිනවල පවා ඔහු නොසැලී, නොනැසී පුහුණුව අඛණ්ඩව ක්‍රියාත්මක කල කෙනෙක්. නියමිත සීමාවට පහර දීලා, දවසට අමතර පැය ගණනකුත් පුහුණුවීමට කැපකල අයෙක්. තමන්ගේ සමකාලීන ප්‍රතිවාදීන් නිදාගනිද්දී, නොනිදා සටන පුරුදු වුණ අයෙක්. රිදුම, වේදනාව උපරිම තලයකට ආවත් ඒ සියල්ල දරාගත්ත, ඉවසුව, නැවත් උත්සාහ කල අයෙක්. පුහුණුව කියන අති විශිෂ්ඨ කලමණාකරණ මාතෘකාව ඇතුලේ අදටත් ප්රමුඛවම අලී ගැන කතා බහට ලක්වෙන්නේ ඒකයි.
ඔබේ ඉලක්කය, ඔබේ අරමුණ බොහොම සුළු, සිල්ලර මට්ටමේ එකක් නම් අලී තරම් උග්‍ර, අඛණ්ඩ පුහුණුවක් ඔබ ලබාගත යුතු වෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට ගැලපෙන සුළු මට්ටමේ පුහුණුවක් ඔබට තෝරාගන්න පුළුවන්. වේදනාව අඩු, රිදුම අඩු සාපේක්ෂව සැපපහසු පුහුණුවක් ඔබට තෝරාගන්න පුළුවන්. නමුත් ඔබේ අරමුණ ව්‍යාපාර ක්ශේතයේ හෝ කුමන ක්ෂේත්රයක හෝ අති විශිෂ්ඨයෙක් වෙන්න නම්, ඒ ප්‍රතිඵලය ලඟාකරගන්න ඔබට උග්‍ර, අඛණ්ඩ පුහුණුවක් තෝරාගැනීම අත්‍යාවශ්‍යයි. විරාට් කෝලී, මොහොමඩ් අලී විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්රයක අති විශිෂ්ඨතමයන් පිලිබඳව සොයා බැලුවොත් ඔවුන්ගේ විස්මිත ප්‍රතිඵල පිටුපස ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික යාන්ත්‍රණය උග්‍ර, අඛණ්ඩ පුහුණුව බව ඔබට පැහැදිලි වේවි.