විශේෂ දේශපාලනික කතිකාවත (from මව්බිම newspaper)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    විශේෂ දේශපාලනික කතිකාවත (from මව්බිම newspaper)

    හොඳට බුදියගෙන ගොරොද්ද ඇද ඇද සිටි විපක්‍ෂයට මේ දිනවල උඩ දදා ලෙවකන්නට ආණ්ඩුවෙන් හොඳ මස් කට්ටක් දී තිබේ. ඒ විදුලි බිල ඉහළ දැමීමය. මේ නිසා පාර්ලිමේන්තුවෙත්, මහ රෑ හන්දියක් හන්දියක් ගාණෙත් විපක්‍ෂය කරන්ට් එක වැදිලා වාගේ ඉටිපන්දම් පත්තු කරගෙන, පන්දම් විලක්කු පත්තු කරගෙන පන්දම් පාලිය නටමින් සිටිති. පෙත්සම් අස්සන් කරමින් සිටිති.

    "විදුලි බිල ඉහළ දැමීම ජනතාවට දරාගන්න බෑ........"
    "වහාම විදුලි බිල පහත හෙළනු..."
    "පවිත්‍රා දේවී අද ගින්දර දේවී වෙලා...."
    "විදුලි බිල ඉහළ දමා ආණ්ඩුව චුතවෙන ගමන අරඹලා...."
    විපක්‍ෂ නියෝජිතයන් කියන්නේ එහෙම කතාය.
    කතාව ඇත්තය. විදුලි බිල විතරක් නොව මොන බිලක් වැඩි වුවත්, මොන බඩුවේ මිල ඉහළ ගියත් ජනතාවට දරා ගැනීම අසීරුය. හැබැයි ඉතින් 77 දී ජේ. ආර්. විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දුන්නාට පසු හැමදාම බඩු මිල ඉහළ ගියා මිස අඩුවීමක් සිදු වූයේ නැත.

    මහින්දගේ ආණ්ඩුවට මේ ගෙවෙන්නේ අටවැනි අවුරුද්දය. මේ අවුරුදු 8 තුළ මහින්ද අතුරේ ගියා වගේ් ගමනක් ගියේ මුල් අවුරුදු තුනේය. මොකද කොටි ත්‍රස්තවාදයට එරෙහිව මහින්ද මරාගෙන මැරෙන සටනක් කළේ ඒ අවුරුදු තුනේය. මහින්ද එහෙම යුද්ධ කළේ මන්නා, පිහිවලින්වත්, කැති පොලුවලින්වත් නොව මිසයිල්, රොකට් ලෝන්චර්, මල්ටි බැරැල් යොදාගෙනය.

    අතීතයේ රජ දරුවන් යුද්ධ කරද්දී ඊට පෙර අටුකොටු පුරවාගෙන, ධන ධාන්‍ය රැස් කරගෙන, රාජ භාණ්ඩාගාරය පුරවාගෙන සූදානම් වුවත් මහින්ද යුද්ධය අරඹද්දී රටේ තිබුණේ ඒ වගේ තත්ත්වයක් නොවේ. මහින්දට භාර වී තිබුණේ හිස්වෙච්ච මහා භාණ්ඩාගාරයකි. වේළිලා, කේඬෑරි වී ගිය රටකි. ඒ නිසා මහින්ද යුද්ධයට අවශ්‍ය අවි ආයුධ, තාක්‍ෂණික උපකරණ සියල්ල ගත්තේ හතර අතේ ණයවෙලාය. කිසිම රටක් මහින්දට ඒ ආයුධ පිනට දෙන්න කටයුතු කළේ නැත. අද යුද්ධය නැති වුණත් ඒ ගත් ණයට පොලිය අදටත් ආණ්ඩුව ගෙවමින් සිටියි. හැබැයි එහෙම කියා මහින්ද ඒ සියලු බර ජනතාව පිට පටවන්න ගියේ නැත.

    හැබැයි අතීතයේ යුද්ධ කරපු රටවල් දිහා බැලුවොත් ඒ රටවල වෙලා තියෙන්නේ මේකේ අනෙක් පැත්තය. හොඳම උදාහරණය දෙවැනි ලෝක යුද්ධ කාලයය. ඒ කාලේ ලංකාව තිබුණේ බි්‍රතාන්‍යයන්ගේ යටත් විජිතයක් ලෙසටය. යුද්ධය හේතුවෙන් යුදවැදි රටවල් නට්ටං වී තිබුණු නිසා බි්‍රතාන්‍ය ලංකාවට කිව්වේ බජිරි වවාගෙන කාපන් යැයි කියාය.

    ඒ කාලයේ මෙහේ අය බජිරි කනකොට විපක්‍ෂය ඊට විරෝධය පා රට පුරා පෝස්ටර් ගැහුවේ සුද්දගේ යුද්ධයකට අපි මොන එහෙකට බජිරි කනවා දැයි කියාය.
    හැබැයි යුද්ධය කරද්දී මහින්ද කවදාවත් මිනිසුන්ට බජිරි කන්න කියා කීවේ නැත. ප්‍රභාකරන් පරද්දද්දිවත් ඊට පසුවත් රටේ ජනතාවට නොකා නොබී ඉන්න වාතාවරණයක් මහින්ද උදා කළේ නැත.

    "යුද්දෙ කාලෙවත් මිනිසුන්ට මෙච්චර අමාරුවක් නෑ. අද යුද්දෙත් නෑ. මිනිසුන්ට කන්න බොන්නත් නෑ. එක වේලක් හරියට කෑවොත් ඊළඟ වේල කන්නෙ කොහොමද කියලා මිනිසුන්ට හිතා ගන්න බෑ. දැන් අවුරුදු දෙක තුනක් සාමය තිබ්බා. යුද්දෙට ගිය වියදමත් නෑ. මිනිසුන්ට සාමය කන්නද...?"
    සාමය භුක්ති විඳින ගමන් අද විපක්‍ෂය කියන්නේ මෙන්න මෙවැනි කතාය. පුදුමෙ කියන්නේ අද මෙහෙම කියන විපක්‍ෂයට එදා සාම ගිවිසුම් ගහලා රටට සාමය ගෙනාපු රනිල්ගේ අවුරුදු දෙකක කාලය තුළ රටේ සිද්ධ වෙච්ච දේවල් අමතක වෙලා තිබීමය.

    එදා හැමෝම කට උඩ තියාගෙන බලාගෙන සිටියේ සාමයේ ප්‍රතිලාභ එක රැයෙන් මිනිසුන්ගේ ඔඩොක්කුවට වැටෙයි කියාය. හැබැයි මහින්දගේ සාමය තිබුණු පසුගිය අවුරුදු දෙකයි, රනිල්ගේ සාමය තිබුණු 2001 / 02 අවුරුදු දෙකයි බලද්දී වෙනස අහසට පොළොව වගේය.
    ඒ සාම සමයේදී රනිල් කටු අත්තේ මල් පුබුදන්න ඕනෑ යැයි කියමින් ජනතාවට බඩ පටි තද කරගන්න කීවේය.
    බඩු මිල ඉහළ දමා පොහොර සහනාධාරය, සමෘද්ධි සහනාධාරය කපා දමා ගොවියා නන්නත්තාර කෙරෙව්වේය.

    රාජ්‍ය සේවය දිය කර හැරීම සඳහා ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් හදා රාජ්‍ය සේවකයන් ගෙදර යැව්වේය.
    රාජ්‍ය සේවයට එකදු පුද්ගලයෙක් ඇතුළත් කර නොගන්නා ලෙස නියෝග දෙමින් චක්‍රලේඛයක් නිකුත් කළේය.
    කිසිම උපාධිධාරියෙක්ට රස්සා දුන්නේ නැත.
    හැබැයි මහින්දගේ සාම සමයේදී මහින්ද ජනතාවට පටි තද කරගන්න කීවේ නැත.
    රනිල් කපා දැමූ පොහොර සහනාධාරය, සමෘද්ධි යළි මහින්ද ලබා දුන්නේය.
    රාජ්‍ය සේවයට පුද්ගලයන් බඳවා ගනිමින් රාජ්‍ය සේවය ශක්තිමත් කළේය.

    සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නේය.
    රනිල්ගේත්, මහින්දගේත් සාම සමයේ ලැබුණු ප්‍රතිඵල ඒවාය. රනිල්ගේ සාම සමයේ ප්‍රතිඵල කොහොමද කියා අහන්න වැඩිදුර යන්න ඕනෑ නැත. ඒ ප්‍රතිඵල කොහොමද කියනවා නම් එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්, ආසන සංවිධායකවරුන් එදා හිටියේ රෙද්දක් ඇඳන් ගෙයින් එළියට බහින්න බැරිවය.

    අද මහින්දගේ සාම සමයේ විදුලි බිල වැඩි වුණා කියා පාර්ලිමේන්තුවේ ඉටිපන්දම් පත්තු කරන්නේත්, පාරට බැහැලා මහ රෑ පන්දම් පාලි නටන්නේත් එහෙව් අයය.
    හැබැයි මහින්දටත් විදුලි බිල අඩු කරගන්න ඉඩකඩ නොතිබුණා නොවේ. අද ධ්ර්ජ් එක මහින්දත් එක්ක කතා කරන වාරයක් වාරයක් පාසා කියන්නේ විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කළහොත් විදුලි බිල අඩු කළ හැකි යැයි කියාය. ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කළහොත් තෙල් මිල අඩු කළ හැකි යැයි කියාය. පොහොර, සමෘද්ධි සහනාධාර කපා දැමුවොත් තවත් වාසි දිය හැකි යැයි කියාය.

    විපක්‍ෂය කියන විදිහට එහෙම සහන දෙන්න නම් මහින්දට කියන්න තියෙන්නේ 'ඕකේ' කියන වචනය කියන්න විතරය. හැබැයි රටේ සම්පත් විකුණා දමා ජනතාවට සහන දෙන්න මහින්ද සූදානම් නැත. මහින්දට ඕනා ඒ සම්පත් සියල්ල රැකගෙන ජනතාවට සහන දෙන්නටය.

    හැබැයි විපක්‍ෂය හිතන්නේ වෙන විදියකටය.
    "කරන්ට් බිල ඉහළ දැමූ එකෙන් මිනිසුන්ගේ බොක්කටම වැදිලයි තියෙන්නේ. මේ පාර නම් ආණ්ඩුව වැටෙන එක වැටෙනවා සිකුරුයි."
    විපක්‍ෂය හිතන්නේ එහෙමය.

    හැබැයි අතේ තියෙන ආණ්ඩුව වට්ටගන්න රනිල් වගේ මහින්ද දේශපාලන මෝඩයෙක් නොවේ. විදුලි බිල ඉහළ දැමීමේ තීන්දුව මහින්ද ගත්තේ හැමදෙයක්ම දේශපාලන තරාදියේ එහාට මෙහාට දමා හොඳ හැටි කිරා බලාය.

    මොකද මහින්දගේ ඔළුවේ මේ වෙලාවේ වැඩ කරන්නේ ඊළඟ අවුරුද්දේ ජනාධිපතිවරණය තියෙන විදිය ගැනය. ඒ ජනාධිපතිවරණය යුද ජයග්‍රහණය පෙන්නලා දිනන්න බැරි බව මහින්ද දනී. එතැනදී ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වන්නේ ආර්ථිකයය. ආර්ථිකය ගොඩදාගෙන ජනාධිපතිවරණය ගොඩදාගන්න නම් 2014 වෙද්දී ජනතාවට සහන දෙන්න වුවමනාය. මුහුද හත්ගව්වක් තියා අමුඩෙ ගහනවා වගේ දැන්ම තියා 2014 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සහන දෙන්න ගියොත් ඒ වෙද්දී ජනතාවට කිසිම දෙයක් මතක නැති බව මහින්ද දනී.

    ඉතින් මහින්ද දැන්ම තියා විදුලි බිල ඉහළ දැම්මේ 2014 වෙද්දී විදුලි බිල අඩු කොට ජනතාවට සහන දෙන්නටය. අනෙක ඒ වෙද්දී විදුලි බිල වැඩි කිරීමෙන් ලද ආදායමෙන් මහා භාණ්ඩාගාරයත් පිරෙන නිසා ජනතාවට සහන දෙන්න තවත් අවස්ථාවක් මහින්දට තිබේ.

    ඒ නිසා විදුලි බිල ඉහළ දැමීමෙන් කරන්ට් වැදී සිටින විපක්‍ෂය ජනතාවට කරන්ට් වද්දා ආණ්ඩු වට්ටන්න බලන් හිටියත් 2014 වෙද්දී මහින්ද සහන දෙන්න ගත්තාම විපක්‍ෂයට වෙන්නේ ප්ලග් එකට ඇඟිල්ල දාගත්ත ස්විච් එක දාගත්ත පොඩි එකාට වෙන දේමය.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔය අනිකා එකෙක් ගුරුදා ලියනවා අනිකා සිකුරාද ලියනවා දෙන්න දෙපැත්තට කඩෙ යනවා
    ජනතාව අන්දලා
    එකෙක් උපුල් අනිකා මොකා සිජෙ අමරතුංගද මුන් ඔක්කොම හොරිකඩ බල්ලො
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    ඔය අනිකා එකෙක් ගුරුදා ලියනවා අනිකා සිකුරාද ලියනවා දෙන්න දෙපැත්තට කඩෙ යනවා
    ජනතාව අන්දලා
    එකෙක් උපුල් අනිකා මොකා සිජෙ අමරතුංගද මුන් ඔක්කොම හොරිකඩ බල්ලො

    :yes::yes::yes::yes::yes:

    Upul Joshp Fernando (Guruda Wigrhaya) ta Mahinda gema dunna
    He is no more with Lankadeepa, but now in Mawbima
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රන්න පොනිල් ඌරා ඉන්නකම් මහියා හබන් කුකුළාට රජ මගුල්