විෂමාචාර්ය තුමාගේ දේශපාලන විවරණය

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    875
    1,756
    93
    විෂමාචාර්ය තුමාගේ දේශපාලන විවරණය

    දේශපාලන විවරණය අංක 1

    මේ රටේ අති විශාල දේශපාලන අර්බුදයක් වෙන්න යන්නේ හෙට. ඒ කියන්නේ රනිලව අගමැතිකමින් පහ කලාට වඩා ලොකු දේශපාලන අර්බුදයක්.

    ඒක තමයි ඇමතිකම් බෙදා ගැනීමේ අර්බුදය.

    1. දැනට සන්ධානේ ඇමතිකම් තිබ්බ එකෙක්වත් ඇමතිකම දාල යන්න කැමති වෙන්නේ නෑ
    2. අවුරුදු 3 1/2ක් මහින්ද එක්ක හිටපු සෙට් එක, තියෙන හොඳම ඇමතිකම් ටික - මුදල්, අධ්‍යාපන, සෞඛ්‍ය වගේ - උන්ගේ සෙට් එකට ඉල්ලාවි. මහින්ද අනිවාර්යයෙන් ඒකට සපෝට් එක දේවි
    3. මයිත්‍රී එක්ක අවුරුදු 3 1/2ක් හිටපු සෙට් එකත් හොඳම ඇමතිකම් ටික ඉල්ලාවි. මයිත්‍රී අනිවාර්යයෙන් ඒකට සපෝට් එක දේවි
    4. මහින්ද කොහොමත් මුදල්, ආර්ථික සංවර්ධන වගේ ඇමතිකම් වෙන කාටවත් දෙන්නේ නෑ
    5. පනින උන් ටික නිකන් ඉන්නෙත් නෑ. උනුත් හොඳම ඇමතිකම් ටික ඉල්ලාවි. ඉස්සෙල්ලම පැනපු දෙන්නා, ආපහු හැරෙන තැපෑලෙන් රනිල් ගාවට ගියේ වෙන මගුලක් හින්ද නෙමෙයි උන් ඉල්ලපු ඇමතිකම් නොලැබෙන හින්ද

    නමුත් රනිලා ගහපු ලොකුම ගැටේ තමයි 19 සංශෝදනයෙන් ඇමතිකම් සීමා කරපු එක. ඇමති වෙලා හිටපු එවුන්ට නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති වගේ තනතුරු ටිකක් සෙට් වෙයි. සමහර උන් ටික ඒවා බාරගනී සමහර උන් ටික අකමැති වෙයි.

    ලස්සනම වැඩේ, සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා හොඳ ඇමතිකම් ටිකක් ආණ්ඩුවේ ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්ද වඳුරෝ සෙට් එකක් UNP පැත්තට පනින චාන්ස් එක වැඩියි. උන්ට හිතන්න වෙන්නේ නියෝජ්‍ය ඇමති වෙලා මහින්ද ළඟ ඉන්නවද නැත්තම් ඇමති වෙන්න රනිල් ගාවට යනවද කියන එක විතරයි.

    නොවැම්බර් 16 හරි කවද හරි පාර්ලිමේන්තුව රැස්වෙන්න වෙනවනේ. එදාට UNP එකට පනින කට්ටිය වැඩිවෙන්න පුළුවන්. අන්තිමට වෙන්නේ සිරාගේ විශ්වාසය භංග වීම පමණයි.

    මගේ රටට දළදා හිමි සරණයි!
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හැබැයි machan ඇමැතිලා පත්කරන්නෙ ඉවත් කරන්නෙ
    ජනාධිපති
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා හොඳ ඇමතිකම් ටිකක් ආණ්ඩුවේ ඉතුරු වෙලා තියෙනවා" - ඇමතිලා තිහේ සීමාව රනිල්ටත් වලංගුයි ඒ හින්ද ඉතුරුවක් වෙන්නේ නෑ.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,756
    93
    හැබැයි machan ඇමැතිලා පත්කරන්නෙ ඉවත් කරන්නෙ
    ජනාධිපති

    ඇත්ත. නමුත් මෙතන වෙන්නේ මයිත්‍රී පාර්ශවය සහ මහින්ද පාර්ශවය අතර බල අරගලයක්. ඒ බල අරගලයෙන් ගොඩක් දුරට මයිත්‍රී පාර්ශවය පරදින්න ඉඩ තියෙනවා. එකෙන් කිහිප දෙනෙක් රනිලත් එක්ක ඇමතිකම් වලට ගිවිසුමකට එළඹිලා පාර්ලිමේන්තු චන්දයකින් රනිලව ගොඩ දාන්න පුළුවන්. එහෙම කරලා මයිත්‍රී ට විශ්වාසභංගයක් ගෙනාවොත් වෙන දේ හිතාගන්න පුළුවන් නේ.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,756
    93
    "සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා හොඳ ඇමතිකම් ටිකක් ආණ්ඩුවේ ඉතුරු වෙලා තියෙනවා" - ඇමතිලා තිහේ සීමාව රනිල්ටත් වලංගුයි ඒ හින්ද ඉතුරුවක් වෙන්නේ නෑ.

    මෙතන ප්‍රශ්නේ මයිත්‍රී-මහින්ද පාර්ශව දෙක අතර බල අරගලය. උන් දෙපැත්තම මස් රාත්තලම ඉල්ලන සෙට් එකක්. ඒ මදිවට මහින්ද කියන්නේ මස් ටික තමන් කාල කටු ටික විතරක් දෙන එකෙක්. එතනයි ප්‍රශ්නේ.

    එතනයි UNP එකට වාසි වෙන්නේ. අපි ඉඳල බලමු. මොකද වෙන්නේ කියල. ඒ වගේම එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු.