විෂමාචාරි පන්නමු

sf0

Banned
Oct 5, 2010
382
73
0
විසම පැවැත්ම ඇතුළු ‍චෝදනා හයක් යටතේ
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට

දෝෂාභියෝග යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

අගවිනිසුරුවරයකුට එරෙහි තෙවන දෝෂාභියෝගය

එජනිස මන්ත්‍රීවරු 117ක් අස්සන් තබති


අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 117දෙනෙකුගේ අස්සනින් යුතුව කතානායකවරයාට ඊයේ (1) බාර දී තිබේ.

ඇමැතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම මහත්මීන් දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට භාරදුන් බවපාර්ලිමේන්තු ආරංච් මාර්ග සඳහන් කරයි.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගෙන ඇති තීරණය පසුගිය (30) දා පැවැති ආණ්ඩු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමේ දී අනුමත වී තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107වැනි වගන්තිය අනුව අගවිනිසුරුවරයාට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන එන්නේ නම් එම යෝජනාව කතානායකවරයාට බාරදීමට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් හෙවත් මන්ත්‍රීවරුන් 75දෙනෙකු ඊට අත්සන් කර තිබිය යුතුවේ.

අගවිනිසුරුවරියගේ "විෂම පැවැත්ම" යන කාරණය පදනම් කරගෙන චෝදනා හයක් යටතේ මෙම දෝෂාභියෝග යෝජනාව සකස් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

ඒ අනුව අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා (30) පැවැති අණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී අනුමත වී ඇත. ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, රාවුෆ් හකීම්, ඩග්ලස් දේවානන්ද, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, විමල් වීරවංස, වාසුදේව නානායකක්කාර, පාඨලී චම්පික රණවක, මුත්තු සිවලිංගම්, එ.එල්.එම්.අතාවුල්ලා යන මහත්වරුන් ද සහභාගී වී තිබේ.

මීට පෙර ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි සමයේ හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වා මහතාට එරෙහිව ද දෝෂාභියෝග යෝජනා කතානායකවරයාට බාර දී තිබුණු අතර අගවිනිසුරුවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් කෙරෙන තුන් වන අවස්ථාව මෙයයි. ්‍රේෂ්ඨාධිකරණයේ හා අභි‍යාචානාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත්කිරීමේ හා ඉවත් කිරීමේ විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107වැනි වගන්තියප්‍රකාරව මෙසේය.

107 (1) අග්‍රවිනිශ්චකාරයවරයා ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක් ද ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන්නාහ.

(2) ඉහත කී සෑම විනිශ්චකාරයවරයෙකුම යථා පැවැත්මෙන් සිටින තාක් ධූරය දරන්නේය. ඒ යම් කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් සම්මත කරන පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නියමයකින් හැර විනිශ්චයකාරවරයකු ඉවත් කළ නොහැක්කේය.

එසේ වුවද එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙන් තුනෙන් එකක් අස්සන් තබා ඇත්නම් හා චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස කතානායකවරයා එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම යෝජනා සම්මතයක් බාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හෝ නොකළ යුතු වන්නේය.

(3) ඒ යෝජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටිය ද ඇතුළත්ව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූ ද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද වින්ශ්චයකාරවරයාට පෞද්ගලිකවම හෝ නියෝජිතයන් මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධව වූ ද සියලු කාරණා සඳහා පාර්ලිමේන්තව නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධි විධාන සැලැස්විය යුත්තේය.

(4) අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් හෝ අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ නැතහොත් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු වශයෙන් හෝ පත්කරන තැතහොත් ඒ ධුරයක වැඩ බැලීම සඳහා පත් කරන සෑම තැනැත්තකුම ජනාධිපතිවරයා ඉදිරියේ 4වැනි උප ලේඛණයේ දැක්වෙන ප්‍රතිඥාව හෝ දිවුරුම් හෝ දී ඊට අස්සන තබන තෙක් ධුරයේ කාර්යයන්හි නොයෙදිය යුත්තේය.

(5) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයන් විශ්‍රාම යා යුත්තේ වයස අවුරුදු 65න් අතර අභියාචානාධිකරණයේ විනිශ්චකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 63ක් වන්නේය.
 

sf0

Banned
Oct 5, 2010
382
73
0
n-12jpg.jpg
 

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    අ.ඩො.මිලියන 60 ක හෙජින් ගනුදෙනුවට අදාළ නඩුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පරාජයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

    ඒ අනුව අත්තනෝමතික ලෙස හෙජින් ගිවිසුම උල්ලංඝණය කිරීම හේතුවෙන් Deutsche බැංකුවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අ.ඩො.මිලියන 60.3 ක වන්දියක් සමග අයවිය යුතු පොලී මුදලද ගෙවිය යුතු බවට අමෙරිකානු අධිකරණයක් විසින් අද (02) නි‍යෝග කර තිබේ.


    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=28842

    අපි ඇමරිකාවටත් දෝෂාභියෝගය ගේමු..... :cool:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අ.ඩො.මිලියන 60 ක හෙජින් ගනුදෙනුවට අදාළ නඩුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පරාජයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

    ඒ අනුව අත්තනෝමතික ලෙස හෙජින් ගිවිසුම උල්ලංඝණය කිරීම හේතුවෙන් Deutsche බැංකුවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අ.ඩො.මිලියන 60.3 ක වන්දියක් සමග අයවිය යුතු පොලී මුදලද ගෙවිය යුතු බවට අමෙරිකානු අධිකරණයක් විසින් අද (02) නි‍යෝග කර තිබේ.


    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=28842
    අපි ඇමරිකාවටත් දෝෂාභියෝගය ගේමු..... :cool:

    bump