විෂ්ණු දේව වන්දනාව.

hpalpola

Well-known member
  • අද ලංකාවේ විෂ්ණු දේව වන්දනාවට ප්‍රමුඛ ස්ථානයක් ලැබිලා තියෙනවා. ඒක ක්‍රමිකව ඇති වුන දෙයක්. විශේෂයෙන්ම තමුන්ගෙ පිහිට තමන්මයි කියන බුද්ධ ඉගැන්වීමට අද ඒ තරම් පිළිගැනීමක් නැහැ. සහයට කවුරුහරි ඉන්න ම ඕනා. මෙනිසා දේව වන්දනාවට සිංහල බෞද්ධයත් යොමු වෙලා. වැඩේ කියන්නෙ ඒකවත් හරියට කරන්නෙ නැහැ.

    මේ කෙටි ලිපියෙදි මන් ශ්‍රී විෂ්ණු ගැන කෙටියෙන් කතා කරන්න හිතුවා. විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ගන්න මිනිස්සු පළතුරු වට්ටි උස්සන් දේවාල ගානේ පෝලිමේ යනවනෙ. එහෙම ගියා කියලා විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නැත්නම් පිහිට නම් ලැබෙන්නෙ නැහැ. ඒකට කරන්න ඕනා දේවල් ටිකක් තියෙනවා.

    මේ ගැන කියවෙන්නෙ භගවත් ගීතාවේ 12 වන පරිච්ඡේදයේ 13 - 14 ගාථාවල. ඒ ගාථා මෙහෙමයි.

    අද්වේශ සර්වභූතනම් මෛත්‍ර කරුණා ඒවා චා
    නිර්මාමෝ නිරහංකාරා සම දුක්ඛ සුඛ ක්ෂමි

    සන්තුෂ්ටහ් සතතම් යෝගි යතතම් ද්‍රිධ නිශ්චායත්
    මෛ අර්පිතා මනෝ බුද්ධිර් යො මද්භක්ථ ස මෙ ප්‍රියාහ්

    මොකක් ද මේකෙ කියන්නෙ.

    සරලව කියනවා නම් මෙතැනදි කියන්නෙ සියළු සත්වයන් කෙරේ ද්වේශය නොමැති, මිත්‍රශීලී සහ කාරුණික මාගේ බැතිමතුන් වෙත මා හිතවත්. ඒ බැතිමතුන් දේපලට ඇලිලා නැති මමත්වය නොමැති සතුටින් සිටින පීඩාවෙන් තොර සැමවිටම සමාව දෙන පිරිසක්. ඔවුන් ලද දෙයින් සතුටු වෙන මා සමඟ මුළු හිතින් එකතු වන තමන්ව පාලනය කරගන්න පුළුවන්, මනසින් මෙන්ම බුද්ධියෙන්ද මා වෙත කැප වූ පිරිසක්.

    පේනවනේ. විෂ්ණු දෙවියො පිහිට වෙන්නෙ, ආශිර්වාද කරන්නෙ මේ වගේ ගතිගුණ තියෙන පිරිසට. ඒ පිරිස තමයි විෂ්ණු දෙවියන්ගේ බැතිමත්තු. නිකමට හිතන්න. විෂ්ණු දෙවියො ගාවට ගිහිල්ලා මහ ධන වස්තු සම්භාරයක් ඉල්ලන කෙනෙක් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් ද කියලා. එහෙම නැත්නම් විෂ්ණු දෙවියො ලඟට ගිහිල්ලා තරහකාරයෙක්ගෙ අත පය කැඩෙන්න කියලා ඉල්ලන කෙනෙක් මිත්‍රශීලී ද කියලා. ඒ වගේ කෙනෙක් විෂ්ණු දෙවියන්ගෙ බැතිමතෙක් නෙමෙයි.

    ශ්‍රී විෂ්ණු කියන්නේ බැතිමතුන්ගේ බැතිමතා. ඔහුගේ පිහිට ආශිර්වාදය ලැබෙන්නේ ඔහුගේ බැතිමතුන්ට විතරයි. පළතුරු වට්ටි, මහ ගණන්වල පඬුරු අරන් ගියා කියලා ශ්‍රී විෂ්ණුගේ ආශිර්වාදය ලබා ගන්න බැහැ. ඒ ආශිර්වාදය පිහිට ලබන්නනම් කලින් සඳහන් කරන්න යෙදුන ගුණ ධර්ම තමුන් තුළ ඇති කරගන්න. ඉන්පස්සේ ආශිර්වාදය ඉල්ලන්න. කරන දේ හරියට කරන්න.