මෝහිනී කියන තරම් භයානක ද?

hpalpola

Well-known member
  • මෝහිනීව දැකලා බය වුනා කියපු අය අපේ සමාජේ ඉන්නවා. ප්‍රසිද්ධ විදිය තමයි මෝහිනී දරුවකුත් වඩන් ඉන්නවා කියන එක. මෝහිනීගේ කතාව මිනිස්සු කියන්නෙ මෝහිනී යක්ෂණියක් විදියට සලකලා. නමුත් නියම මෝහිනී චරිතය එහෙම යක්ෂ චරිතයක් නෙමෙයි.
    සුපුරුදු විදියටම මෝහිනී කියන්නෙත් ඉන්දියාවෙන් ලංකාවට දායාද වුන චරිතයක්. ඒ හින්දු වන්දනාවත් එක්ක. මුලින් ම මෝහිනී ගැන ඉන්දියාවේ සඳහන් වෙන්නෙ මහාභාරතයේ සමුද්‍ර මන්ත්‍රන කොටසේ. මේ කොටසේ කතා කරන්නේ සමුද්‍රය කලතලා අමෘතය සොයා ගැනීම ගැන. අමෘතය හම්බවුනාම ඒක ගන්නෙ අසුරයො. අසුරයන්ගෙන් මේ අමෘතය සුරයන්ට අරන් දෙන්න විෂ්ණු දෙවියො මෝහිනී විදියට අවතාරයක් මවා ගන්නවා. මේ තමයි විෂ්ණු දෙවියන්ගෙ එකම කාන්තා අවතාරය. රාමායණයෙත් කෙටියෙන් මේ ගැන කියනවා.
    මුල් කතාවෙදි මෝහිනීව හඳුන්වන්නේ සුන්දර කාන්තාවක් විදියට. මොකද ඒ විෂ්ණුගෙ අවතාරය. පසුකාලීනව මේ කතාව ජනප්‍රිය වෙද්දි සුන්දර කාන්තාවගේ ස්වරූපයට ලිංගිකත්වයත් ආරෝපණය වෙනවා.
    හින්දු සාහිත්‍යයෙදි අසුරයො විනාශ කරලා දාන චරිතයක් විදියට මෝහිනීව සැලකෙනවා. ඔබ අසා ඇති බ්‍රහ්මාසුරයා ගැන. මොහු තපස්වෘත රැකලා ශිව දෙවියන්ගෙන් වරමක් ගන්නවා තමන් අත තියන ඕන කෙනෙක්ව අළු වෙලා යන්න ඕනා කියලා. ශිවත් ඒ වරය දෙනවා. බ්‍රහ්මාසුර මේ බලය මුලින්ම පරීක්ෂා කරන්නේ ශිවගෙන්. බ්‍රහ්මුසුරගේ මේ ක්‍රියාව නිසා ශිව විෂ්ණුගෙ සහාය පතනවා. ඒ වෙලාවෙදි විෂ්ණු මෝහිනීගේ ස්වරූපය අරන් බ්‍රහ්මාසුරව මුලාවට පත්කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට බ්‍රහ්මාසුර අත තමුන්ගේ ම ඔළුවට තියා ගන්නවා. ඒකෙන් ඔහුවම අළුවෙලා යනවා. මේ කතාව ලංකාවෙත් තියෙනවා මතක් වෙනවා නේද? ඒ කතාව තියෙන්නෙ සතර දේවාල දෙවි පුවතෙ.
    ඉතින් ලංකාවට එන මෝහිනීට තියෙන්නෙ අසුරයො පරදන ස්වභාවයක් නෙමෙයි. ලංකාවෙ මෝහිනීට තියෙන්නෙ යක්ෂ ස්වභාවයක්. මෝහිනී ගැන ලංකාවෙදි කථා කරන්නෙ පිරිමින්ව බය කරන කෙනෙක් විදියට. ඕනම දෙයක මුල දන්නැතුව මැද හෝ අගින් අල්ලගත්තම ඒ වගේ තමයි. ඉන්දියාවේ දේවත්වයෙන් සලකන මෝහිනීව, විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් විදියට සලකන මෝහිනීවම අපි සලකන්නෙ යක්ෂණියක් විදියට.

    ඉතින් මෝහිනී ගැන හරියට දැන ගෙන හිතලා බලන්න මෝහිනී කියන්නෙ බය වෙන්න ඕන චරිතයක් ද කියලා.
    IMG_2619.jpeg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ තියෙන්නේ ඉන්දියනු මෝහිනී කැටයමක්. ගොඩක් දේවාල වල මේ වගේම ලස්සන මෝහිනී කැටයම් තියනව ඉන්දියාවේ..

    මේකේ කැටයම් වල ලස්සන බලපන්.

    3511240789_755acaff68_b.jpg
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Buddhist philosophy එකේ තියෙන 31 planes of existence වල තියෙන දිව්යලෝකෙකට ගියොත් මේ වගේ අය එක්ක sex කරන්න පුලුවන්ද? නැත්තම් දෙවියො sex කරන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: SimMaster

    hpalpola

    Well-known member
  • Buddhist philosophy එකේ තියෙන 31 planes of existence වල තියෙන දිව්යලෝකෙකට ගියොත් මේ වගේ අය එක්ක sex කරන්න පුලුවන්ද? නැත්තම් දෙවියො sex කරන්නෙ නැද්ද?
    බෞද්ධ දර්ශනයථ් හින්දු දේව දර්ශනයත් දෙකක්. හින්දු දේව දර්ශනය එක්ක ඉඳලා දිව්‍ය ලෝකයට යනවා නම් පුළුවන්. හැබැයි බෞද්ධ දර්ශනය තුළ ඒ ගැන පැහැදිලි ඉගැන්වීමක් නැහැ මා දන්නා විදියට.

    ලමයෙක් නැද්ද එතකොට
    ළමයෙක් නෙමෙයි සිංහල ක්‍රමයට අනුව ළමයි කීප දෙනෙක් ඉන්නවා. අයියනායක කියලා හඳුන්වන දෙවියො තමයි ඒ ළමයිගෙන් හැදෙන්නෙ.
    ------ Post added on Sep 2, 2024 at 9:25 AM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    Buddhist philosophy එකේ තියෙන 31 planes of existence වල තියෙන දිව්යලෝකෙකට ගියොත් මේ වගේ අය එක්ක sex කරන්න පුලුවන්ද? නැත්තම් දෙවියො sex කරන්නෙ නැද්ද?
    දිව්‍ය ලෝකවල රාගය අධිකයි කියනව. සෙක්ස් කියන දේ වෙනත් විදියක එහෙදි වෙනව වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Fiona Dabare

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මෝහිනි මතක් කරලත් අතේ ගහපු දවස් තිබිල තියනව