විස්මිත නගරය

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    ජපානයෙන් එන අනාගත දියයට විස්මිත නගරය මෙන්න!

    ජපන් සමාගම මේ විස්මිත නව නිවාස සංකීර්ණය සැලසුම් කර ඇත්තේ තව වසර 15කින් පදිංචි වීම සඳහායි. ඒ කාලය වන විට ඇති වන නිවාස දේපළ හිඟය වෙනුවට පිළියමක් ලෙසයි, මේ නව සමුද්‍ර ජනපද ක‍්‍රමය ඉදිරිපත් කර ඇත්තේ.

    ජපානයේ ෂිමිසු කෝපරේෂන් ආයතනය තමයි, මේ ‘නවීන යුගයේ ඇට්ලාන්ටිස්’ යනුවෙන් හැඳින්වෙන මෙම අසිරිමත් නගරය ඉදිකරන්නට යන්නේ. මෙය හඳුන්වා ඇත්තේ ස්වයං-පෝෂිත නාගරික ප‍්‍රජාවක් ලෙසයි.

    4.JPG

    සාගර සර්පිල ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන මෙයට ජලරෝධක නිවාස ගණනාවක් ඇතුළත් හැඩයෙන් ගෝලාකාර නිවාස සංකීර්ණයක් තියෙනවා. ඒවා යෝධ සර්පිලයකින් තමයි, සම්බන්ධ වන්නේ ඒවාට බලශක්තිය සැපයෙන්නේ මීතේන් නිපදවන ක්‍ෂුද්‍රජීවීන් තනන කම්හල් විශේෂයකින්.

    සාගර පත්ලේ ඇති පොළොවේ දුර්ලභ සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින්, මෙහි ජනතාවට වාසය කළ හැකි පරිසරයක් ඇති කරන්නයි, ඔවුන් බලාපොරොත්තු වන්නේ. සර්පිලයේ පහළට යන්නේ ගෝලාකාර ප‍්‍රවාහන මාධ්‍යයක් මගිනුයි.

    මෙවැනි විස්මිත නිවාස සංකීර්ණයක 5000කට පමණ ජනතාවකට සුවපහසු ඇතිව ජීවත් වෙන්න පුළුවන්. සර්පිලයේ මුදුනේ මේ පෙනෙන්නේ ඒ විනිවිදක විශාල නිවාස සංකීර්ණයයි. මෙම නිවාස ගෝලය සාමාන්‍යයෙන් සාගරයේ මතුපිටට ආසන්නව පිහිටන සේ ස්ථාපිත කර ඇත්තේ සූර්යාලෝකයෙන් ලබා ගත යුතු දේ ලබා ගැනීම පහසු කරනු පිණිසයි. නමුත් කාලගුණයේ තත්වය අසතුටුදායක වූ අවස්ථාවක දී මේ විස්මිත සාගර නගරයට සර්පිලය දිගේ පහළ යන්නට පුළුවන්.

    මේ පෙනෙන දර්ශන සිත්තරකු ඇඳපු ඒවා. මෙම රූප සටහන් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ජපානයේ තියෙන ලෝක ප‍්‍රකට ඉදිකිරීම් සමාගමක් වූ ෂිමිසු කෝපරේෂන් විසිනුයි.

    5.JPG

    2014 නොවැම්බර් 20 වැනිදා පළ කළ මේ පුවතට අනුව මෙම නිවාස සර්පිලයට අයත් වන්නේ මීටර් 500ක් (අඩි 1500ක්) මහත ගෝලයක්. එහි තියෙනවා නිවාස, හෝටල, වානිජ හා ව්‍යාපාරික ස්ථාන ආදී හැම දෙයක්මත්.

    එක්තරා විදියක ආශ්චර්යයක් ලෙස මෙය පෙනුනත්, ජපන් සමාගමට නම් මෙය සුළු දෙයක් වගෙයි, පෙනෙන්නේ. ඔවුන් බලාපොරොත්තු වෙනවා, 2030 දී මෙහි මුල්ම සාගර නගරය ජනතාව අතරට පත් කරන්න.

    ඔවුන්ට මේ එක් සංකීර්ණ නගරයක් ඉදි කරන්න වසර පහක් ගත වන බවයි, ඔවුන් පවසන්නේ ඒ සඳහා වන වියදම ජපන් යෙන් ටි‍්‍රලියනයක්. මුලින් ම හදන මේ සංකීර්ණය සඳහා වන වියදම පසුව විශාල වශයෙන් අඩු කර ගත හැකි බවයි ඔවුන් කියන්නේ.

    මේ ගැන එංගලන්තයේ ගාඩියන් පුවත් පතට ප‍්‍රකාශයක් කරන ෂිමිසු ආයතනයේ ඉමමුරා කියා ඇත්තේ මෙවන් දෙයක්: ‘මේක සැබෑ කර ගත හැකි ඉලක්කයක් නිකං සිහිනයක් නෙවෙයි. ඇස්ට‍්‍රා බෝයි කාටූන් චරිතය ඒ කතා පෙළේ දී ජංගම දුරකතනයක් පාවිච්චි කළේ එවැන්නක් ඇත්තෙන්ම හදන්න හුඟක් කලකට පෙරයි. ඒ වගේ ම මේකත් අපි සැබැවින් ඉදිකරනවා. අපි හොඳටම දන්නවා ඒ වගේම අප ආයතනයට අත්දැකීම් තියෙනවා මේ වගේ දෙයක් කරන්න.’
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    bump

    මැදපෙරදිග මේ වනවිටත් මුහුද යට ඉදිකළ හෝටල් ඇත.

    underwater-hotelv2jc-skyscanner-future-travel-part-3-3.jpg