විස්සයි:20 සුපිරි වීරයා ක්‍රිස් ගේල් ලකුණු 10,

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
විස්සයි:20 සුපිරි වීරයා ක්‍රිස් ගේල් ලකුණු 10,

QE.jpg


විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව ඉක්මවා ගිය පළමු ක්‍රීඩකයා ලෙස අනභිබවනීය වාර්තාවක් පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් සමත් විය. ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව අද (19 වැනිදා) රාජ්කෝට්හිදී පැවැති අයි. පී. එල්. තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දු 38කදී ලකුණු 77 ක් රැස්කරමින් ඔහු ලකුණු 10,000 සීමාව ඉක්මවා ගියේය.

මේ වන විට විස්සයි20 තරග 290 කට සහභාගි වී ඇති ගේල්, එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 10,074 ක් වන අතර ඊට ශතක 18 ක් සහ අර්ධ ශතක 61 ක් අන්තර්ගත වේ. එම ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 7534 ම රැස්කිරීමට ඔහු සමත්ව ඇත්තේ හයේ සහ හතරේ පහර වලිනි. මේ දක්වා ඔහුගේ පිත්තෙන් වාර්තා වී ඇති හයේ පහර සංඛ්‍යාව 743 ක් වන අතර හතරේ පහර සංඛ්‍යාව 769 කි.

මෙතෙක් සහභාගිවී ඇති තරග 290 න් 47 කදී තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගැනීමටද ගේල් සමත්ව තිබේ. ඉන් සම්මාන 18 ක් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම නියෝජනය කරමින්ද, 9 ක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින්ද, 7 ක් ජැමෙයිකා තලවාස් කණ්ඩායම නියෝජනය කරමින්ද ඔහු දිනාගෙන තිබේ.

ඒ අනුව පළමු පෙළ, ‘ඒ’ ශ්‍රේණියේ සහ විස්සයි20 යන ආකාර තුනේම තරග වලදී ලකුණු 10,000 සීමාව පසුකර ගිය එකම ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමටද ගේල් සමත්ව සිටියි. පළමු පෙළ තරග 180 කදී ලකුණු 13,226 ක් රැස්කරගෙන ඇති ඔහු, ‘ඒ’ ශ්‍රේණියේ තරග 336 කදී ලකුණු 11,694 ක්ද, විස්සයි තරග 290 කදී ලකුණු 10,074 ක්ද රැස්කර තිබේ.

තවද විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක්ද (117), එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක්ද (215), ටෙස්ට් තරගයකදී ත්‍රිත්ව ශතකයක්ද (333) ලබාගත් එකම පිතිකරුවා ලෙසද ගේල් වාර්තා අතරට එක්ව සිටියි.
2013 වසරේ පැවැති අයි. පී. එල්. තරගාවලියේ බැංගලෝර්හිදී පැවැති තරගයකදී පුනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 175 ගේල්ගේ ඉහළම විස්සයි20 ඉනිම වන අතර මේ දක්වා විස්සයි20 තරගයකදී පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය සටහන් වේ.

2016 වසරේ පැවැති බිග්බෑෂ් තරගාවලියේදී මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඇඩිලේඞ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 12 කදී අර්ධ ශතකයක් ලබාගනිමින් වේගවත්ම විස්සයි20 අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමටද ගේල් සමත් විය. 2007 වසරේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 12 කදි අර්ධ ශතකයක් ලබාගනිමින් ඉන්දියාවේ යුවරාජ් සිං එම වාර්තාව පිහිටුවා තිබිණ.

2011 සිට 2016 දක්වා පිට පිට වසර 6 ක් පුරා වසරකදී ලකුණු 1000 සීමාව ඉක්මවා ලකුණු රැස්කර ඇති එකම ක්‍රීඩකයා ලෙසද ගේල් වාර්තා අතරට එක්ව සිටින අතර 2015 වසරේදී තරග 36 කට සහභාගි වෙනමින් රැස්කළ ලකුණු 1665 ඔහු වසරකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ.


Wisden Sri Lanka
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මු නම් යකෙක් වගේ ගහන්නේ
    හැබැයි ඉතින් හොද බෝල්ර් කෙනෙක් දාපු ගමන් මු කොර
    ඊයේ මැච් එකෙත් ඉන්දියාවේ හුජ්ජ කොල්ලොන්ට ගැහුවේ
    140+ බෝල් කරන එකෙක් ඇවිත් yoker එක්කක් දාපු ගමන් LBW වුනා :rofl:
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මු නම් යකෙක් වගේ ගහන්නේ
    හැබැයි ඉතින් හොද බෝල්ර් කෙනෙක් දාපු ගමන් මු කොර
    ඊයේ මැච් එකෙත් ඉන්දියාවේ හුජ්ජ කොල්ලොන්ට ගැහුවේ
    140+ බෝල් කරන එකෙක් ඇවිත් yoker එක්කක් දාපු ගමන් LBW වුනා :rofl:

    uba oya kynawa wage uta berinam.. ochchara runs tyeida bn uta.. :lol::lol: uba danna cricket .. :lol::lol: