විසිපන්දාහක්_මියගිහින්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
විසිපන්දාහක්_මියගිහින්

14_SLTK_P8_Back.jpg

dtj.jpg

ලෝකයේ එක් දිනකට සිදුවන රියඅනතුරු ගණන තුන්දහසකට අධිකය. ඉන් මියයන ගණනද දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. අපේ රටේ රියඅනතුරුවල තත්ත්වය ද එසේමය. දිනෙන් දින ඒ ප‍්‍රවණතාව වැඩිවෙමින් තිබේ.

126.jpg

පොලිසියේ වාර්තාවලට අනුව අපේ රටේ වැඩිම රියඅනතුරු ප‍්‍රමාණය සිදුවූ දශකය ලෙස වාර්තාවන්ගේ 2005 වසරේ සිට 2014 දක්වා වූ වසර දහයක කාලයයි. එම කාලය තුළ මෙරට සිදුවූ රියඅනතුරු ගණන තුන්ලක්‍ෂ අසූදහස් දාහතරකි. (380014) ඉන් මාරක අනතුරු ගණන 22359 කි. බරපතළ අනතුරු ගණන 56387 කි. සුළු අනතුරු ගණන 127466 කි. අලාභ ගණන 173807 කි. මියගිය සංඛ්‍යාව 24216 කි.

පසුගිය වසර දහයක කාලය තුළ රියඅනතුරුවලින් පමණක් විසිපන් දහසකට ආසන්න මිනිසුන් ගණනක් අපේ රටේ මියගියාය යන්න ඇඟ ලොමුදැහැගැන්වෙන භයංකාර පණිවිඩයකි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාව වූ 2721 දෙනෙකු මරණයට පත්ව ඇත්තේ 2010 වර්ෂයේ දී වන අතර එම වර්ෂයේ දී සිදුවූ මාරක රියඅනතුරු ගණන 2483 කි. ගතවූ අවසන් වර්ෂය වූ 2014 වසරේ දී සිදුවූ රියඅනතුරු මරණ ගණන 2432 ක් වන අතර මාරක අනතුරු ගණන 2259 කි.

පෑලියගොඩ පිහිටි කොළඹ උතුර දිස්ත‍්‍රික් රථවාහන ඒකකයට අනුව මෙරට වැඩිම රියඅනතුරු සංඛ්‍යාවක් සිදුවන දිස්ත‍්‍රික්කය වන්නේ ගම්පහයි. බස්නාහිර පළාතට අයත් පොලිස් අධිකාරී කොට්ඨාස අටකි. ගල්කිස්ස, කොළඹ, නුගේගොඩ යන තුන කොළඹ දිස්ත‍්‍රික්කයට ද, පානදුර හා කළුතර යන පොලිස් කොට්ඨාස දෙක කළුතර දිස්ත‍්‍රික්කයට ද, මීගමුව, ගම්පහ හා කැලණිය ගම්පහ දිස්ත‍්‍රික්කයට ද අයත්ය. 2013 හා 2014 වසර දෙකේ දී මෙරට සිදුවූ මාරක රියඅනතුරු සංඛ්‍යාව වන 4432 න් 1322 ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළය.

215.jpg

එම වසර දෙක තුළ මෙරට රියඅනතුරුවලින් මියගිය මුළු සංඛ්‍යාව වූ 4787 න් 1389 ක්ම මිය
ගොස් ඇත්තේ බස්නාහිර පළාත තුළ සිදුවූ මාරක රියඅනතුරුවලිනි. ඒ අතුරින් ද ඉහත වසර දෙක තුළ මියගිය 772 ක්ම වාර්තාවන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙනි. එසේම මෙරට වැඩිම රියඅනතුරු ගණනක් සිදුවන ප‍්‍රදේශය බවට වාර්තා වෙන්නේ කොළඹxනුවර පාරේ යක්කල සිට වරකාපොළ දක්වාවූ කොටසයි.

රියඅනතුරු බහුලවීමට හේතු ලෙස පොලිසිය ප‍්‍රකාශ කරන්නේ රියපදවන්නන්ගේ නොසැලකිලිමත්කම, බීමත්ව රිය පැදවීම සහ මාර්ග සංඥා පිළිබඳ අවධානය යොමු නොකිරීමයි.

මීට අමතරව පදිකයින්ගේ නොසැලකිල්ල, ධාවනයට නුසුදුසු වාහන ධාවනයේ යෙදවීම, ජංගම දුරකථන භාවිත කරමින් රියපැදවීම, අධික වේගයෙන් රියපැදවීම ද රියඅනතුරු වැඩිකිරීමට හේතුවී තිබේ. මීට අමතරව මාර්ගවල පවතින දුබලකම් ද රියඅනතුරුවලට හේතුවෙයි.

අපේ රටේ වැඩිම පිරිසක් මරණයට පත්වන්නේ ත‍්‍රිරෝද රථවල සහ යතුරුපැදිවල ගමන්කරන්නන්ය. පාපැදිකරුවන් ද බහුතරයක් අනතුරුවලින් මියයති.
මාර්ගයේ ගමන් කිරීමේ දී වඩාත් ආරක්‍ෂිතව ගමන් කළ යුතු මෙම අනාරක්‍ෂිත වාහන, මාර්ග නීති වැඩියෙන්ම කඩන වාහන බවට පත්ව ඇති නිසා එම මරණ ගණන වැඩිවී ඇතැයි ද පොලිසියේ අදහසයි. ත‍්‍රිරෝද රථවල මෙන්ම යතුරුපැදිවල ද පමණ ඉක්මවා මගීන් ගෙනයාම මෙම අනතුරු වැඩිවීමට හේතුවක් බවද පොලිසිය කියයි. විශේෂයෙන්ම යතුරුපැදි පදින කාන්තාවන් ගණන දිනෙන් දිනම වැඩි වුවද මාර්ග සංඥා සහ මාර්ග නීති පිළිබඳව ඔවුන්ගේ දැනුම ඉතා අල්ප බවද පොලිසිය කියයි.

පසුගිය වසර 10 තුළ අපේ රටේ රියඅනතුරුවලින් මියගිය පිරිස සලකා බැලූ විට එක් මාසයක දී පුද්ගලයින් දෙසීයකට වැඩි පිරිසක් මරණයට පත්වේ. ඒ අනුව සාමාන්‍යයෙන් අපේ රටේ සෑම දිනකම 7 දෙනෙක් පමණ රියඅනතුරුවලින් මියයති. මේ සංඛ්‍යාව සමාන කළ හැක්කේ තිස්වසරක් තිස්සේ අපේ රටේ පැවැති යුද්ධයේ දී මියගිය සංඛ්‍යාවට පමණි.

දිනෙන් දින අපේ රටට ආනයනය කරනු ලබන වාහන ප‍්‍රමාණය ද වැඩිවීමත් සමග රියඅනතුරු තවත් වැඩිවීමට බොහෝ සේ ඉඩකඩ තිබේ. වාහන වැඩිවන තරමට පුළුල් නොවන අපගේ මාර්ග පද්ධතියත්, දිනෙන් දින පිරිහෙන අපේ සමාජයේ සාරධර්ම පද්ධතියත් නිසා ඉදිරියේ දී රථවාහන අනතුරු බොහෝ සේ වර්ධනය විය හැකිය.

sdg.jpg

ප ඉහතින් සඳහන් කළ වසර 10 තුළ මියගිය 24216 දෙනාට අමතරව සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ පිරිස ද ලක්‍ෂ ගණනකි. ඒ නිසා මෙම ප‍්‍රවණතාව මුළුමහත් රටටම බලපාන සාධකයක් බවද කිව යුතුය.

රථවාහන වැරදි සඳහා නීති මගින් මෙල්ල කිරීම මෙන්ම ජනතාවගේ හා රියදුරන්ගේ ආකල්පමය වෙනසක් සිදුකිරීම අත්‍යවශ්‍ය බවද අද වන විට පෙනීගොස් තිබේ. ඒ සඳහා පාසලේ සිසුවාගේ පටන් දැනුම්වත් කිරීම සිදුකළ යුතු බවද ලියා තැබිය යුතුය.

රථවාහන වැරදි මගින් රියදුරන්ගෙන් අයකර ගන්නා දඩ මුදල මෙන් නොව ඒ මගින් සිදුවන අලාභය හා තුවාල ලත් පුද්ගලයන් හට ඉටුකළ යුතු සෞඛ්‍ය පහසුකම්වල වියදම දෙස බලන විට රජයට ඒ සඳහා අතිවිශාල මුදලක් වාර්ෂිකව වැයවේ.

අධිවේගී මාර්ග, කාපට් කරන ලද මාර්ග කොතෙකුත් ඉදිකළත්, රථවාහන අනතුරු අවමකර ගැනීමට වැඩපිළිවෙළක් සකසන තුරු මාර්ග සංවර්ධනයේ නියම ඵල නෙළා ගැනීම උගහටය.

  • Like
Reactions: Roma Rox

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් දෙන්න ඕනේ මෝටර් බයික් නොසැලකිල්ලෙන් පදින උන්ටයි ත්‍රිවිල් කාරයින්ටයි. ඔෆිස් ඇරිලා එන වෙලාවට බයික් පොන්සියෝ රොන්ග් සයිඩ් මයි යන්නේ. අනුන්ගේ ලෙන් වල යනවා.

Last edited:

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    ඉස්කෝලෙ ලමයිව දාගෙන බයික් එකේ යද්දි අල්ලන්නෙ නැද්ද බන්. එලවන එකා විතරක් හෙල්මට් එක දාගෙන ලමයි එක්කන් යනව මම දැකලා තියෙනවා.

    thanks...
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ත්‍රී වීල් කාරයොයි බයික් කාරයොයි ඉස්සර කරන්නේ වමෙන්මයි. නීතියක් කියල දෙයක් තියෙනවද කියල හිතෙනවා අපේ රටේ. ආණ්ඩුවට හොඳ ගානක් හොයාගන්න පුළුවන් වමෙන් ඉස්සර කරන උන්ටික අල්ලනවානම්.:no::confused::growl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ත්‍රී වීල් කාරයොයි බයික් කාරයොයි ඉස්සර කරන්නේ වමෙන්මයි. නීතියක් කියල දෙයක් තියෙනවද කියල හිතෙනවා අපේ රටේ. ආණ්ඩුවට හොඳ ගානක් හොයාගන්න පුළුවන් වමෙන් ඉස්සර කරන උන්ටික අල්ලනවානම්.:no::confused::growl:

    සිරාවටම බන්. පුදුම කාලකන්නි ටිකක් බන්.
     
    AnuradhaRa

    Well-known member
  • අඩේ මම නං කියන්නෙ.. මාර්ග නීති ගැන මහජනතාව හොඳට දැනුවත් කරන්ඩ ඕන.. රූපවාහිනියෙන් මේක හොඳට කරන්ඩ පුලුවං..
    හැමදාම, මාර්ග නීතිය හරියට මිනිස්සුන්ගෙ ඔලුවට යන්ඩ මොකක් හරි දැනුවත් කිරීමේ වැඩසටහනක් යනවනං හොඳයි...
    මොකද දන්නවද, අනතුරක් උනාම සමහර කපටි මිනිස්සු, තමංගෙ කටින් වචන දාල බේරෙන්ඩ හදනව, වැරැද්ද කරලත් බේරෙන්ඩ හදනව. මාර්ග නීති හරියට දන්නවනං අනිත් කෙනාට බය නැතිව කතා කරල සාධාරනය ඉෂ්ඨ කරගන්ඩ පුලුවං..
    අද වෙන වැඩේ තමා, වැරැද්ද කරලත්, තමං වැරදි නෑ කියල කට ගහගෙන යනව.
    මෙහෙම වෙන්ඩ දෙන්ඩ බෑ..
    කාටත්, මාර්ග නීතියට අනුව, හරියට පාරෙ යන හැටි කියල දෙන්ඩ ඕන...
    හරි වැරැද්ද මොකද්ද කියල දැන්ගත්තම, අවුලක් නෑනේ.. නැත්තං කපටි එවුං අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නව..

    මං උදාහරෙණකට කියන්නං.. අපිට ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ ඉගැන්නුවෙ වාහනයක් පස්සෙ, අපිත් යනවනං නියමිත පරතරයක් තියාගෙන යන්ඩ කියල.. මොකද ඉස්සරහ වාහනේ හදිසියෙ නැවැත්තුවොත් තමන්ට කරගන්ඩ දෙයක් නැතුව යන හින්ද.. ඒත් බලන්ඩ අද පාරෙ යන වාහන කොහොමද යන්නෙ කියල.. ලොකු ස්පීඩ් එකකින් ගියත් ලගින් ලගින් වාහන යනව.. හැබැයි ඉස්සරහ එකා බ්‍රේක් ගහල පිටිප්ස්සෙ එකා ඇන්නොත්, සමහරක් වෙලාවට ඉස්සරහින් ගිය ඩ්‍රයිවර්ට වැරැද්ද පටවනව. එකපාරට බ්‍රේක් ගැහුව කියල.. මෙතනදි කවුද වැරදි කියල මටත් තේරෙන් නෑ... :confused:
    ඉතිං මේව ගැන නීතිය නිරවුල් කරල, මහජනතාව දැනුවත් කරනවනං කොච්චර හොදද ?
     
    AnuradhaRa

    Well-known member
  • ත්‍රී වීල් කාරයොයි බයික් කාරයොයි ඉස්සර කරන්නේ වමෙන්මයි. නීතියක් කියල දෙයක් තියෙනවද කියල හිතෙනවා අපේ රටේ. ආණ්ඩුවට හොඳ ගානක් හොයාගන්න පුළුවන් වමෙන් ඉස්සර කරන උන්ටික අල්ලනවානම්.:no::confused::growl:

    එයාල වමෙන් ඉස්සර කරන්ඩ ගිහින්, අපි ටිකක් වමට කපල හැප්පුනොත් එයාල අපිට වැරැද්ද පටවන්ඩත් එනව.. මොකද එයලා නීතිය දන්නෑ.. මේක හරි ප්‍රශ්නයක්.. අන්තිමට පාරෙ වලි..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අඩේ මම නං කියන්නෙ.. මාර්ග නීති ගැන මහජනතාව හොඳට දැනුවත් කරන්ඩ ඕන.. රූපවාහිනියෙන් මේක හොඳට කරන්ඩ පුලුවං..
    හැමදාම, මාර්ග නීතිය හරියට මිනිස්සුන්ගෙ ඔලුවට යන්ඩ මොකක් හරි දැනුවත් කිරීමේ වැඩසටහනක් යනවනං හොඳයි...
    මොකද දන්නවද, අනතුරක් උනාම සමහර කපටි මිනිස්සු, තමංගෙ කටින් වචන දාල බේරෙන්ඩ හදනව, වැරැද්ද කරලත් බේරෙන්ඩ හදනව. මාර්ග නීති හරියට දන්නවනං අනිත් කෙනාට බය නැතිව කතා කරල සාධාරනය ඉෂ්ඨ කරගන්ඩ පුලුවං..
    අද වෙන වැඩේ තමා, වැරැද්ද කරලත්, තමං වැරදි නෑ කියල කට ගහගෙන යනව.
    මෙහෙම වෙන්ඩ දෙන්ඩ බෑ..
    කාටත්, මාර්ග නීතියට අනුව, හරියට පාරෙ යන හැටි කියල දෙන්ඩ ඕන...
    හරි වැරැද්ද මොකද්ද කියල දැන්ගත්තම, අවුලක් නෑනේ.. නැත්තං කපටි එවුං අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නව..

    මං උදාහරෙණකට කියන්නං.. අපිට ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ ඉගැන්නුවෙ වාහනයක් පස්සෙ, අපිත් යනවනං නියමිත පරතරයක් තියාගෙන යන්ඩ කියල.. මොකද ඉස්සරහ වාහනේ හදිසියෙ නැවැත්තුවොත් තමන්ට කරගන්ඩ දෙයක් නැතුව යන හින්ද.. ඒත් බලන්ඩ අද පාරෙ යන වාහන කොහොමද යන්නෙ කියල.. ලොකු ස්පීඩ් එකකින් ගියත් ලගින් ලගින් වාහන යනව.. හැබැයි ඉස්සරහ එකා බ්‍රේක් ගහල පිටිප්ස්සෙ එකා ඇන්නොත්, සමහරක් වෙලාවට ඉස්සරහින් ගිය ඩ්‍රයිවර්ට වැරැද්ද පටවනව. එකපාරට බ්‍රේක් ගැහුව කියල.. මෙතනදි කවුද වැරදි කියල මටත් තේරෙන් නෑ... :confused:
    ඉතිං මේව ගැන නීතිය නිරවුල් කරල, මහජනතාව දැනුවත් කරනවනං කොච්චර හොදද ?

    උබේ කතාවනම් සහතික ඇත්ත. බලපන් ඔය ටෙලිසින් මාර්කටින් එකේ ඇඩ් යනවා වගේ හැමදාම සියලුම රුපවහින් නාලිකාවල වෙනස් කාල පරාසවල පෙන්වන්න ඕනේ. පොඩි කලේ ඉඳල ළමයින්ට උගන්වන්න ඕනේ පාර පනින්නේ කොහොමද පාරේ යන්නේ කොහොමද කියලා. කොච්චර පාරේ වාහන නැති උනත් කොළ පාට පත්තුවෙනකම් පනින්න නරකයි කියල ළමයින්ට උගන්වන්න ඕනේ.

    අනෙක උබ කිවුව වගේ වාහන දෙක අතර තුර නිවරදි දුර පරාසයක් පවත්වා ගැනීම ගොඩක් වටිනවා. මමනම් වාහනේ එලවනකොට ටිකක් වැඩිපුර දුර පරාසයක් පවත්වා ගැනීම තමයි නිතරම කරන්නේ.

    වෙන රටවල වාහන ලයිසන් ලේසියට දෙන්නේ නැහැ. අපි ඉස්කෝලේ යනවා වගේ ලෙසන්ස් 40 කට යන්න ඕනේ වෙන රටවල. ලංකාවේ සල්ලි කියක් හරි දුන්නම ලර්නර්ස් එකෙන් ලය්සන් එක නිකන්ම දෙනවා.

    අනෙක අය කරන දඩ මුදල වැඩි කරන්න ඕනේ විශේෂයෙන් බස්රථ , යතුරු පැදි සහ ත්‍රි වීලර් වලින්.
     
    AnuradhaRa

    Well-known member
  • උබේ කතාවනම් සහතික ඇත්ත. බලපන් ඔය ටෙලිසින් මාර්කටින් එකේ ඇඩ් යනවා වගේ හැමදාම සියලුම රුපවහින් නාලිකාවල වෙනස් කාල පරාසවල පෙන්වන්න ඕනේ. පොඩි කලේ ඉඳල ළමයින්ට උගන්වන්න ඕනේ පාර පනින්නේ කොහොමද පාරේ යන්නේ කොහොමද කියලා. කොච්චර පාරේ වාහන නැති උනත් කොළ පාට පත්තුවෙනකම් පනින්න නරකයි කියල ළමයින්ට උගන්වන්න ඕනේ.

    අනෙක උබ කිවුව වගේ වාහන දෙක අතර තුර නිවරදි දුර පරාසයක් පවත්වා ගැනීම ගොඩක් වටිනවා. මමනම් වාහනේ එලවනකොට ටිකක් වැඩිපුර දුර පරාසයක් පවත්වා ගැනීම තමයි නිතරම කරන්නේ.

    වෙන රටවල වාහන ලයිසන් ලේසියට දෙන්නේ නැහැ. අපි ඉස්කෝලේ යනවා වගේ ලෙසන්ස් 40 කට යන්න ඕනේ වෙන රටවල. ලංකාවේ සල්ලි කියක් හරි දුන්නම ලර්නර්ස් එකෙන් ලය්සන් එක නිකන්ම දෙනවා.

    අනෙක අය කරන දඩ මුදල වැඩි කරන්න ඕනේ විශේෂයෙන් බස්රථ , යතුරු පැදි සහ ත්‍රි වීලර් වලින්.

    :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එයාල වමෙන් ඉස්සර කරන්ඩ ගිහින්, අපි ටිකක් වමට කපල හැප්පුනොත් එයාල අපිට වැරැද්ද පටවන්ඩත් එනව.. මොකද එයලා නීතිය දන්නෑ.. මේක හරි ප්‍රශ්නයක්.. අන්තිමට පාරෙ වලි..

    ඔව් බන් මටනම් එපා වෙලා තියෙන්නේ බයික් කාරයෝ එක්ක.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :yes: :yes:
    මංනං කියන්නෙ හෙල්මට් නැත්තං අල්ලන එක, සීට් බෙල්ට්ස් නැත්තං අල්ලන එක වගේ නීති අයිංම කල්ල දාන්න ඕනෙ :yes:
    ඒවෙනුවට පාරෙ වෙන කිසිම වාහනයක් නැත්තං මිනිස්සු නැත්තං ඒ තැන් වල ඇතිවෙනකං වේගෙන් යන්න දෙන්න ඕනෙ :yes:
    ඒ වෙනුවට හෙන සද්දෙට හෝන් ගහන එකයි, ඇස් ඇරගන්න බැරිවෙන හෙඩ් ලයිටුයි තහනම් කරන්න ඕනෙ.. :yes:
    එහෙම කවුරුත් නැති තැන් වල සීට් බෙල්ටුත් නැතුව හෙල්මටුත් නැතුව ඇතිවෙනකං වේගෙන් යන්න දුන්නාම හරක් ටික ඔක්කොම හැප්පිලා මැරෙනව :yes:
    හොය හොය මරන්න ගියානම් කොච්චර ප්‍රශ්න එනවද.. අනික ඒ ක්‍රමෙන් හරක් නොවෙන උනුත් මැරෙන්න ඉඩ තියෙනව.. :no:
    ඒ නිසා මේ ක්‍රමේ හරියටම හරි :D
    හරක් විතරයි මැරෙන්නෙ..
    ලඞ්කාවෙ ජනගහනයත් දැනටමත් ඕනෙවට වඩා වැඩියි..
    මේ ක්‍රමෙන් ජනගහනයත් සෑහෙන දුරකට පාලනය කරගන්න පුළුවන් :yes:
    මාව ජනාධිපතිකරන්න :yes:
    ප්‍රසිඩන්ට් Red Team :baffled:
    මං මේ සේරම දින දහයක් ඇතුලත කරනව :yes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    නෑ බං අපේ එවුන්ගේ Attitude එකේ ඉදන් වෙනස් කරන්න‍ ඕනේ බං. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ බං ඉස්සර කරනකම්. horn එක උඩ ඉදන්‍ යන්නේ බං සමහර එවුන් පොඩි එකෙක්ට අහුවුනා වගේ ඒක. මං නම් පුලුවන් තරම් පරිස්සම‍ට drive කරන්නේ බං. මට මාව sure උනාට අනිත් එවුන් sure නෑ බං. මොකටද බං කොහේදෝ යන මෝඩ හුත්තෙක්ගෙන් මගේ අතපය කඩාගෙන ඉස්පිරිතාල වල ඉන්නේ. ඒක හින්දා speed ඕනේ නෑ යන වෙලාවක යයිනේ බං මේක. ආයේ ගෑනු බං. Scooter දෙන්න හොද නෑ. අම්බානක හැප්පෙන්න ගිහින් තියෙනවා බං. මේ ලෝකේ නෙමේ යන්නේ රෙද්ද. හැප්පුනාට පස්සේ ඊටත් වඩා කක්ක පැකට් ඕවා.
    අනිත් ඒවා bus බං. මාර කන්කරච්චලයක් නැග්ග වෙලේ ඉදන්. ඒ මදිවට පාඩුවේ යන්ඩත් නෑ බං. :no::no::no::no::no::no::no::no::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    True
     
    Similar threads