විහාර මහා දේවිය ගොඩ බැහැපු - මුහුදු මහා විහාරය (Muhudu Maha Vihara )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    විහාර මහා දේවිය ගොඩ  බැහැපු - මුහුදු මහා විහාරය 🌊🛶 (Muhudu Maha Vihara ☸️) - Your Choice Way
    අද අපේ කතාව තවත් වටීනා ස්ථානයක් ගැන.ඒ නමින් මුහුදු මහා විහාරයයි.

    මුහුදු මහා විහාරය කියන්නේ ලංකා ඉතිහාසය වෙනස් කරපු පූජනීය ස්ථානයක්. විහාර මහා දේවිය ගොඩ බැහැපු පින් බිම කිව්වොත් ඔබට මතකයට එනු නොඅනුමානයි..

    මුහුදු මහා විහාරයට තියෙන්නේ අවුරුදු 2300ක පමණ ඉතිහාස කතාවක්.ඒ කතාව පොඩ්ඩක් මතක් කළොත්.

    මුහුද ගොඩගැලූ කල, කැලණිතිස්ස රජුගේ දියණිය වන විහාරමහා දේවිය රටවැසියන් වෙනුවෙන් මුහුදේ පාකළ බව ඉතිහාසයෙහි සඳහන් වෙනවා. ඇය ගොඩබට ස්ථානය අද මුහුදු මහ විහාරය නමින් හඳුන්වන තැන බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා..

    එනිසාම විහාරමහා දේවිය සිහිකිරීම පිණිස මේ බොදු උරුමය තවත් වසර දහස් ගණනකට සුරක්ෂිත විය යුතුයි.

    අක්කර හැත්තෑ දෙකක භූමි වපසරියක් තිබෙන මුහුදු මහා විහාර භූමියේ පොළොව අභ්‍යන්තරයේ පුරාවිද්‍යාත්මකව වැදගත් වන පුරාවස්තු රැසක් තිබෙන බවට මේ වනවිට තහවුරු කරගෙන තිබෙනවා..

    එනම් වර්ෂ 1960 - 1962 වසරවලදී සිදු කළ කැනීම්වලදී මෙම විහාරස්ථානයේ පුරාවස්තු තිබෙන බවට සොයාගැනීමට හැකි වෙලා..

    මෙම භූමියේ ගල් පිළිම තුනක් සහිත විහාර මණ්ඩපයක සලකුණු හමුව ඇති අතර, එයින් එක් පිළිමයක් නියත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ වන අතර, අනෙක් පිළිම දෙක විහාර මහා දේවියගේ සහ කාවන්තිස්ස රජුගේ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

    කාවන්තිස්ස ‍රජුට විහාර මහා දේවිය මුණ ගැසුනේ.සුරූපී ස්ත්‍රියක් ඔරුවක් සමඟ වෙරළට සේන්දු විමේ පුවත රටවැසියන් මඟින් කාවන්තිස්ස රජු දැනගත් අතර රජු මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඔත්තු බැලීම සඳහා තම සහචරයන් යොදවා ඒ සඳහා ඔවුනට අට්ටාල පවා සාදා දි තිබෙන බව සඳහන් වේ.

    මෙලෙස තොරතුරු රැස්කළ රජු ඇය සිටින්නේ යයි කියන ස්ථානයට ගෝස් ඈ කැටුව මාලිගයට පැමිණි රජු ඇය තම අගමෙහෙසිය ලෙස සරණපාවගෙන තිබේ.

    ඉතිහාස කතා වටිනා නටඹුන් සහිත මෙම භූමිය.මේ වන විට මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතයේ අක්කර 17ක් පමණ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙන අතර අනවසර පදිංචිකරුවන් රැඳී සිටින තොරතුරු වාර්තා වෙනවා

    මේ භූමිය ආශ්‍රිතව අනවසර පදිංචිවීම් , මුහුදු වැලි කොල්ලය ,ගොඩනැගිලි ඉදිකිරීම් ආදී ක්‍රියාකාරකම් රැසක් සිදුවෙලා තියෙනවා.

    කොහොම වුනත් ඉකුත් දා මේ වටිනා භූමිය ආරක්ෂා කර ගැනීමට අදාල විශේෂ නිවේදනයක් රජය විසින් නිකුත් කලා.. එහි ආරක්ෂාවත් විධිමත් කලා..

    මින්මත්තට මෙම භූමිය තුල කිසිදු අන්තවාදී ක්‍රියාවන් හෝ භූමියේ අනවසර සිදුවීම් කිසිවක් නොවේ යැයි අපි ප්‍රාර්ථනා කරමු..

    විහාරයට යන්නේ මෙහෙමයි.අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් ගමේ පොතුවිල් නගරයට නැගෙනහිරින් මුහුදු වෙරළ ආසන්නයේ තමා මේ තරම් වටින පූජනීය ස්ථානය පිහිටලා තියෙන්නේ...

    Travel කරන්න යන්න ආස අපි මේ වගේ පූජනීය තැන් බලලා ඒවා රැකගන්නත් වැඩ කරමු.

    මෙවැනි තොරතුරු දිනපතාම දැනගන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් download කර ගන්න.

    original post click here
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ විහාරය යහපාලන ආණ්ඩුව කාලේ හම්බයෝ බාගයක් ම අල්ලා ගත්තා.
    මම දන්නා විදිහට මේ ආණ්ඩුවෙන් එකට අයිති ඔ\ඉඩම් ටික වෙන්කරල දීලා මම හිතන්නේ දැන් පුරාවිද්‍යාත්මක තැන් ටික ස්න්සරක්ෂණය කරනවා...

    මෙවැනි තොරතුරු දිනපතාම දැනගන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් download කර ගන්න.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මම දන්නා විදිහට මේ ආණ්ඩුවෙන් එකට අයිති ඔ\ඉඩම් ටික වෙන්කරල දීලා මම හිතන්නේ දැන් පුරාවිද්‍යාත්මක තැන් ටික ස්න්සරක්ෂණය කරනවා...

    මෙවැනි තොරතුරු දිනපතාම දැනගන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් download කර ගන්න.
    pala pons.
     
    • Sad
    Reactions: netudara

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara

    පට්ට බොරැවක් මේක. මන් කොරෝනා කේස් එකට කලින් ගියා. හාමුදුරුවෝ බනිනවා පලු යන්න ආන්ඩුවට.චන්දෙ ගත්තා විතරයි පැත්ත පලාතෙ ආවෙ නෑ කියල
     
    • Like
    Reactions: netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මම දන්නා විදිහට මේ ආණ්ඩුවෙන් එකට අයිති ඔ\ඉඩම් ටික වෙන්කරල දීලා මම හිතන්නේ දැන් පුරාවිද්‍යාත්මක තැන් ටික ස්න්සරක්ෂණය කරනවා...

    මෙවැනි තොරතුරු දිනපතාම දැනගන්න අපගේ product wise app එක google play එකෙන් download කර ගන්න.
    වටේ පාරවල් වල නම් හිටං වෙනස් කරලා සිංහල නම් වෙනුවට මුස්ලිම් නම් දාගෙන .ඉඩම් ටික නම් ආපසු ලැබුණ
    මම විස්මිත ලෝකය නම් You tube එකේ බලනවා 👍
     
    • Wow
    Reactions: netudara

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    වටේ පාරවල් වල නම් හිටං වෙනස් කරලා සිංහල නම් වෙනුවට මුස්ලිම් නම් දාගෙන .ඉඩම් ටික නම් ආපසු ලැබුණ
    මම විස්මිත ලෝකය නම් You tube එකේ බලනවා 👍
    තෝ අඩු තරමෙ ගිහින් තියෙනවද?? 😂😂
     
    • Haha
    Reactions: netudara