**!..! වි හි ළු ක තා 2!..!**

amilazzz

Member
Dec 27, 2007
6,753
12
0
cATch mE iF U cAn
තුන් වරක් තුන


මානසික රෝහලේ සිටින පිස්සන් තිදෙනෙකුගේ තත්වය යහපත් අතට හැරීගෙන එන බව දුටු වෛද්‍යවරයා කුඩා පරීක්ෂණයක් කොට ඔවුන් නිදහස් කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව ඔවුන් තම කාමරයේ දොර අසලට කැඳවූ ඔහු එකිනෙකා ඇතුලට රැගෙන තම ප්‍රශ්ණ මාලාව අසන ලදි.

වෛද්‍ය: හොඳයි . කියනවා බලන්න තුන් වරක් තුන කීයද?
පිස්සා1 : දොස්තර මහත්තයෝ, මට කොලේකුයි පැන්සලකුයි දෙන්ඩකෝ.

දොස්තර වහා පිස්සාට ඒවා ලබා දුනි. විනාඩි දහයක් පමණ කොලය පුරා කුරුටු ගෑ පසු

පිස්සා: අයියෝ දොස්තර මහත්තයෝ හරි සිම්පල්. තුන් වරක් තුන, දෙසිය හතලිස් අටයි දශම හයයි.
දොස්තර: හපෝයි! යනවා..යනවා... ආපහු වාට්ටුවට.

දෙවන පිස්සාටද එම පැණයම යොමු කල අතර ඔහුත් ඇඟිලි ගනිමින් සිට විනාඩි කිහිපයකින්

" දොස්තර මහත්තයෝ මං හොයා ගත්තා උත්තරේ. උත්තරේ තමා.. සිකුරාදා".
ඔහුවද වාට්ටුවට හරවා යැවූ දොස්තර. අවසාන පිස්සා කැඳවීය.

" තමුසෙටත් මම දෙන්නේ පරණ ප්‍රශ්ණයමයි. කියනවා බලන්න තුන් වරක් තුන කීයද?"
එවිට පිස්සා කිසි කතාවක් නැතිව
" තුන් වරක් තුන නමයයිනේ දොස්තර මහත්තයෝ."

" ආ.....! බොහොම හොඳයි. ඇති යන්තම්. කියනවා බලන්න තමුසේ ඒක හොයා ගත්තේ කොහොමද?"

" අයියෝ හරි ලේසි. දෙසිය හතලිස් අටයි දශම හය, සිකුරාදයින් බෙදුවාම සුටුස් ගාලා උත්තරේ එනවනේ දොස්තර මහත්තයෝ"