මමත් එක පාරක් කන ඇහෙන්නෙ නැති අව්ලක් ඇවිත් ජාතික රෝහලේ උගුර කණ නාසය ඒකකයට ආව...
ඒ ආවෙත් අඳුරන කෙනෙක්ගෙ මාර්ගයෙන්, ලඟ නොම්මරයක් අරගෙන. නැත්තන් උදේ ඇවිත් හවස් වෙනකං ඉඳලත් බෙහෙත් ගන්න වෙන එකක් නැති වෙන බව දන්න නිසා...
කොහොමහරි මහා සෙනග ගොඩක් අතරෙ දාඩිය දාගෙන හෙම්බත් වෙලා, අදාල දොස්තර මහත්තුරු ඉන්න තැනට ආවා..
එතන දොස්තරල පස් හය දෙනෙක්ම හිටියෙ ටිකක් විතර ලොකු එකම මේසෙක, ඒ වගේම එක ලෙඩෙකුගෙ විස්තර අනේක් ලෙඩාට ඇහෙන තරමටම සමීපව...
මමත් හිමීට එතනට ඇතුලු උනා.. අපෙ අම්මත් මගෙත් එක්කම ඇතුළට ආව..
මාව යොමු උනේ වෛද්‍යවරියක් ලඟට..
පස්සෙ අර වෛද්‍යවරිය මගෙන් ලෙඩේ ගැන ඇහැව්වෙ යන්තමටවත් මූන නොබල.. හෙල්මට් දෙකයි ලොකු ජැකට් දෙකකුයි උස්සගෙන අපේ අම්මත් ඇතුළටම ඇවිත් පිටිපස්සෙන් හිටිය නිසා අම්ම දිහානම් නොරිස්සුම් බැල්මක් දැම්ම..
පස්සෙ මට කිව්ව දිව එළියට දාන්න කියල... මට ඕක හෙනම අව්ල් වැඩක්. සාමන්‍යෙන් එක පාර දොස්තරට ඕන විදිහට දිව එලියට දාන්න එක මට කර ගන්නම බැරි වෙනවා..
ඉතින් එදත් සුපුරුදු විදිහටම මට ඒ අව්ල උනා..
එතකොටම අර වෛද්‍යවරිය මගේ ඇඟට කඩාගෙන පැන්න, මෙතන පොඩි බබ්බු නෙමෙයිනෙ හුරතල් වෙන්න, මට ඔයාගෙ උගුර හරියට පේන්නේ නෑ.. මම කොහොමද බෙහෙත් දෙන්නේ,
දිව එලියට දාල උගුර හරියට පෙන්නන කියලා...
ඒ වගේම බොහොම නපුරු විදිහට තව මොන මොනවද මුමුනන්න ගත්ත, බොහොම නරක විදිහට.. ඇත්තටම තවත් රෝගියො ගොඩක් ඉස්සරහ තවත් රෝගියෙකුට නොකල යුතු විදිහට..
ඒ සද්දෙ අහන් ඉන්න බැරිකමටම වගේ අපෙ අම්ම මගෙ ලඟට ඇවිත් කිව්ව, පුතේ ඩොක්ටට උගුර පේන විදිහට හොඳට දිව එලියට ගන්න කියලා..
කොහොම හරි හෙන දුකක් විඳල දිවනං එලියට දා ගත්ත..
ඒවුනත් මට බෙහෙත් ටික නියම කරන්න අර කිව්ව දොස්තර නෝනට විනාඩි 3ක් වත් ගියේ නෑ..
කොටින්ම කියනවනං, මගේ කනක් ඇහෙනව අඩුයි, අගුලු වැටිල කියල කිව්වට පස්සේ, "කෝ දිව එලියට දන්න" කිව්ව සෙමටද දන්නෙත් නෑ කියල,
මට ඔයාගෙ උගුර හරියට පේන්නෙ නෑ කියල කියන ගමන් තමයි බෙහෙත් ලියන්න ගත්තෙ...
මට කොහොමත් සෙම ටිකක් වැඩියෙන් තියෙන නිසා, ඒ බෙහෙත් වලින් අව්ලක් උනේ නෑ... මගේ ලෙඩෙත් හොඳ උනා..
අර ඉන්න සෙනඟ කන්දරාවත් එක්ක, ලෙඩ්ඩු එක්ක ඕනෑවට වැඩිය මුකුළු වෙන්න වෙලාවක් නම් නෑ තමයි..
ඒ වුනත්, බෙහෙත් ලියන්න කලින් දොස්තර කෙනෙකුගෙන් ලැබෙන හිනාවත් ලෙඩෙකුට ලොකු හයියක්..
එදා ජාතික රෝහලේ ලබපු අත් දැකීම බොහොම සුලු දෙයක් උනත්, ඒ අය හැසිරෙන්නෙ ගොඩක් වෙලාවට වෛද්‍යවරු හැටියටනම් නෙමෙයි..සාමාන්‍ය මිනිස්සු ණය කාරයෝ වගේ හැඟීමකින්..
කිසිම තෙත් ගතියක් නෑ ඒ අයගෙ වචනවලත්..
විශේෂයෙන් පැය ගණන් පෝලිමේ හිටගෙන ඉඳල, ලඟ නොම්මරයක් ගන්න මහ පාන්දර බස්වල නැගල හොඳටම හෙම්බත් වෙලා එන වයසක රෝගීන් මේ අයගෙ වචන නිසා මහා නරක විදිහට අසරණ වෙනවා..
එහෙම ආව රෝගියෙකුගෙ මූනවත් හරියට නොබල, වැඩි කතා බහක් නැතුව බෙහෙත් ලියද්දි, හිතේ තියෙන මානසික පීඩාව නිසාම ලෙඩක් හොඳ වෙයි කියල හිතන්න අමාරුයි..

දොස්තරල.. සමහර වෙලාවකට දෙවි වරු..
සමහර වෙලාවකට මහ කාලකණ්නි ජාතියක්..