වීඩියෝ පටයට එජාපය විරුද්ධයි

tests

Banned
Jun 16, 2011
6
0
0
වීඩියෝ පටයට එජාපය විරුද්ධයි

චැනල් ෆො වීඩියෝ පටයට එජාපය
දැඩි ලෙස විරුද්ධයි
ඒත් ආණ්‌ඩුවේ නිද්‍රාව ගැන කනගාටුයි

පියසේන දිසානායක

හමුදාවට සහ ශ්‍රී ලංකාවට අපකීර්තියක්‌ වන ආකාරයේ චැනල් ෆො රූපවාහිනිය මගින් වීඩියෝ පටයක්‌ විකාශය කිරීමේ සිද්ධියට එක්‌සත් ජාතික පක්‍ෂය දැඩි ලෙස විරුද්ධවන නමුත් එම සිද්ධියට මුහුණදීම සඳහා ආණ්‌ඩුව කිසිදු විධිමත් පියවරක්‌ තවම අනුගමනය නොකිරීම පිළිබඳව කනගාටු වන බව එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

රටට අපකීර්තියක්‌ වන ආකාරයේ මෙවැනි සිදුවීමකදී පවතින ආණ්‌ඩුව කුමක්‌ වුවත් එයට එරෙහිව ප්‍රතිචාර දැක්‌විය යුතු බවත් මෙම සිද්ධිය සම්බන්ධව තවමත් ආණ්‌ඩුව විධිමත් ආකාරයට ප්‍රතිචාර දක්‌වා නැති බවත් හෙතෙම චෝදනා කළේය.

චැනල් ෆො සිද්ධිය සම්බන්ධව "දිවයින" ට ඊයේ (16) දා ප්‍රකාශයක්‌ කරමින් මේ බව සඳහන් කළ තිස්‌ස අත්තනායක මහතා මීට වසර දෙකකට පමණ ඉහත දී රටට සහ හමුදාවට අපහාස වන ආකාරයට චැනල් ෆො රූපවාහිනී නාලිකාව මගින් සිදු කළ විකාශනයේ දී ආණ්‌ඩුව මුනිවත රකිමින් නිහඬව සිටි බව පැවැසීය.

මීට වසර දෙකකට පෙර එම මුල් සිද්ධියේදී යහපත් ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ආණ්‌ඩුවට හැකි වූයේ නම් යළිත් මෙවැනි සිද්ධියක්‌ ඇති නොවන බව පෙන්වා දෙන හෙතෙම මේ පිළිබඳව සම්පූර්ණ වගකීම ආණ්‌ඩුව බාරගත යුතු බව පැවැසීය.

රටේ සෙසු ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරයට මෙන් විහිළු සහගත සහ චණ්‌ඩිකමින් කටයුතු නොකර මෙවැනි ප්‍රශ්නයක්‌ හමුවේ බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුව තිබෙන බවත් චැනල් ෆො සිද්ධිය කිසිවිටකත් සුළුකොට නොතැකිය යුතු බවත් අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

 

tests

Banned
Jun 16, 2011
6
0
0
වීඩියෝ පටය ගැන තාක්‍ෂණික පරීක්‍ෂණයක්‌ පවත්වන්න

අජිත් අලහකෝන්

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදු කළ බව පවසමින් චැනල් ෆො නාළිකාව මගින් විකාශය කළ වීඩියෝ පටය පිළිබඳ තාක්‍ෂණික පරීක්‍ෂණයක්‌ පවත්වා එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව ආණ්‌ඩුව වහා ජනතාවට ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (16 දා) ප්‍රකාශ කළේය.

චැනල් ෆො නාළිකාව මෙවන් ප්‍රචාරක පටයක්‌ විකාශය කළ පළමු අවස්‌ථාව මෙය නොවන බව කී විජිත හේරත් මහතා නාළිකාවක යමක්‌ විකාශය කළ පමණින් එය මුළුමනින්ම සත්‍ය බව හෝ මුළුමනින්ම අසත්‍ය බව කිව නොහැකි බව ද ඒනිසා ඒ ගැන තාක්‍ෂණික කමිටුවක්‌ මගින් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩුව කටයුතු කළ යුතු යෑයි කීය.

චැනල් ෆො නාළිකාවේ අදාළ වීඩියෝ පටය පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා කළ ප්‍රකාශයට වඩා වෙනස්‌ ප්‍රකාශයක්‌ රජයේ මාධ්‍ය ප්‍රකාශක ඉදිරිපත් කරන බවද, විදේශ ඇමැතිවරයා ඒ ගැන කරනුයේ වෙනත් ප්‍රකාශයක්‌ යෑයි ද කී විජිත හේරත් මහතා කුමන ප්‍රකාශයක්‌ පිළිගන්නවාද යන්න පිළිබඳ ජනතාවට ගැටලුවක්‌ බව ද පැවසූ විජිත හේරත් මහතා, රජයක්‌ වගකීමකින් සිය ස්‌ථාවරය ඉදිරිපත් කළ යුතු බව ද කීය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විජිත හේරත් මහතා ඉහත ප්‍රකාශය කළේය.