වීදියේ රැජින

ncbrando

Member
Jan 31, 2014
838
115
0
වීදියේ රැජින -

පිට කොඳු කැඩුණු රැළකට
පෙන්නුවේ ඇයයි
ඇගේ පිටකොන්ඳ
අනෙකුන්ට නොබියව

නිරුවතම දකින්නට
අකැමැතිව සැම දින
කඩතිරෙන් වසාගෙන
හිටි අපේ කළුවර
පෙන්වීය ඇය අපට
නොපැකිළව නොසැලෙමින

දුටුවේ ඇයයි
කළුවරේ ගැඹුර
සනසමින් තන පුඩු
යළිත් කිරි නොඑරෙන
හදවතක් නැති ලොවක
නොහඬමින් පළමුවම

-මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: barath dpriye

ncbrando

Member
Jan 31, 2014
838
115
0
වීදියේ රැජින -

පිට කොඳු කැඩුණු රැළකට
පෙන්නුවේ ඇයයි
ඇගේ පිටකොන්ඳ
අනෙකුන්ට නොබියව

නිරුවතම දකින්නට
අකැමැතිව සැම දින
කඩතිරෙන් වසාගෙන
හිටි අපේ කළුවර
පෙන්වීය ඇය අපට
නොපැකිළව නොසැලෙමින

දුටුවේ ඇයයි
කළුවරේ ගැඹුර
සනසමින් තන පුඩු
යළිත් කිරි නොඑරෙන
හදවතක් නැති ලොවක
නොහඬමින් පළමුවම

-මාලන් විදානපතිරණ

මේ කවිය ගැන මොකද හිතන්නේ